‘ලංකාවේ ගොඩක් ඉන්නේ පස්සෙන් අනින අය’ කෝටිපතියෙක් සමග විවාහ වුන සුලේකා කියන කතාව

‘රෑන’ ටෙලිනාට්‍ය තුළින් ජනතාවගේ ආදරයට ලක් වු ඇය මියුසික් විඩියෝ කිහිපයකින්ද ජනතාව අතරට පැමිණි. නමින් ඇය සුලේඛා ජයවර්ධන. පුංචි තිරයේ නිරන්තරයෙන් දුටු ඇයව මේ වන විට දකින්න ලැබෙන්නේ නෑ ඉතින් එයට හේතුව ඇයගේ අතගත් ඉදිරිකිම් ක්ෂේත්‍රයේ දක්ෂ ව්‍යාපාරික අශෝක රන්දෙණියද යන්න අපි ඇයගෙන් අසා සිටියා. “ඇත්තටම මගේ සැමියා මට රංගනයෙන් ඉවත් වෙන්න කියලා නෑ. ඔහු ව්‍යාපාරිකයෙක්. මම මැරි කලත් රංගන කටයුතු වලට සම්බන්ධ වුනා. හැබැයි කාලයත් එක්ක මම සැමියාගේ ව්‍යාපාර වැඩ වලට යොමු වෙද්දි මට රංගනය තරමක්දුරට මඟ හැරුනා. ඔහු කවදාවත් මට නිති දාලා නෑ. හැබැයි මට හොද චරිතයක් ලැබුනහම මම පිටපත පෙන්නලා ඔහුගෙන් අහනවා. එයා හා කිවුවොත් මම ඒ චරිතය බාරගන්නවා” කියලයි.

සුලේඛා ළගදි මව් පදවිය ලැබුවා. ඉතින් ඒ ගැනද අපි ඇයගෙන් ඇසුවා. “මුළු ලෝකේම මගේ අතට ලැබුනා වගේ දැනුන දවසක්. මම බබාලාට ගොඩක් ආදරෙයි. මගේ පුතා මගේ අතට දෙනකොට මට දැනුන හැගිම විස්තර කරන්න බෑ. මගේ ආදරේ සංකේතය අපේ පුතා. ඇත්තටම මගේ ජිවිතේ මට හොද සැමියෙක් ලැබුනා. එයාගේ පැමිණිම එක්ක මගේජිවිතේ ගොඩක් සුන්දරව ගෙවෙනවා. පුතා එක්ක අපේ ජිවිතේ තවත් සුන්දරවෙනවා. මගේ සැම්යා කොච්චර කාර්යබහුල වුනත් ඔහු මටත් පුතුටත් කාලය වෙන් කරනවා. එයා තමා රෑට වුනත් බබා ඇහැරලාද මොකද කරන්නේ කියලා හොයලා බලන්නේ.” කියලයි.

බිරිඳක් මවක් වු සුලේඛා නැවත කාලයකට රංගනය එකතු නොවන බවත් එයට හේතුව ඇයගේ පුංචි පුතු තවමත් කුඩා වයසේ නිසාත් බව ඇය පවසා සිටියා. නමුත් කිසි දිනෙක ඇය රංගනයෙන් ඉවත් නොවන බව ද අපි සමඟ පැවසුවා. ඉතා සංවේදී චරිතයක් වන සුලේ්‍ඛා විවාහයට තෝරාගෙන ඇත්තේ ඇයට ගැළපෙනම කෙනා කිවොත් නිවැරදියි. කාලයක් ආශ්‍රය කරලා විවාහයට පත් වුන මේ යුවල අද ගෙවන්නේ ඉතාමත් සුඛෝපභෝගී ජිව්තයක්. ඇය පවසන ආකාරයට ඔවුන්ගේ ආදරය තුළ නිති රිති නැති නිදහස් ආදරයක් ගෙවෙනවා. තේරුම් ගැනිම අනිකාගේ නිදහස ලබා දිම ඔවුන්ගේ ආදරයේ පැවැත්ම බවයි ඇය පවසා සිටියේ.

කොච්චර සල්ලි තිබුනත් සුලේඛා කියන්නේ බොහොම නිරහංකාර චරිතයක් බව කවුරුත් දන්නා කරුණක්. නමුත් සුලේකා කියන්නේ ලංකාවේ මිනිසුන්ගේ ආකල්පවලට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් නෙවෙයි ඉතින් ඇය ඒ ගැන කිවුවෙ මේ වගේ කතාවක් ”මම ලංකාවේ මිනිස්සුන්ට ආදරෙයි. ඒ උනාට බහුතරයකගේ ආකල්ප වලට මම කැමති නෑ. මම ගොඩක් හැදුණේ පිටරට ඉතින් මම හොදට දැනුන දෙයක් තමයි රටවල අයට අනිත් අය අදින විදිහ හොයන්න වගේම කතා හදන්න වේලාවක් නැහැ හැබැයි ලංකාවේ අය කරන්නෙම අනිත් අයගේ දේවල් හොයන එක මම ඒකට ආසා නෑ. ලංකාවේ සියයට අනුනවයයි දශම නවයක්ම ඉන්නේ ඉස්සරහට හිනා වෙලා පස්සෙන් අනින අය” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන සුලේකාගේ පින්තූර එකතුවක් කිහිපයක් තමයි මේ