ලංකාවේ කෙල්ලෝ පිස්සුවට්ටපු අලුත්ම ක්‍රිකට් තරුව මෙන්න

මෙවර අප රටේ පැවැත් වුනු LPL තරඟාවලිය එහෙමත් නැත්නම් ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ගොඩක් උණුසුම් මුහුණුවරක් ගත්තා අලුත් අලුත් මුහුණු රැසක් හා ඒ අයගේ දක්ෂතාත් ගොඩක් කැපී පෙනුනා Colombo Kings – Dambulla Hawks – Galle Gladiators – Jaffna Stallions – Kandy Tuskers කණ්ඩායම් උරෙන් උර ගැටී වසවන් තරංගට තේරී පත්වුණේ තරංග අටකින් තරංග හතරක් ජයගත් Jaffna Stallions සහ තරංග අටකින්, තරංග 2ක් ජයගත් Galle Gladiators යන කණ්ඩායම් දෙකයි, ඉන් Jaffna Stallions පහසු ජයක් අත්කරගන්නවා හැබැයි මේ කතාව IPL තරංගය ගැන නම් නෙවෙයි අපේ මේ කතාව පසුගිය LPL තරඟයේ ක්‍රීඩා කරපු ගොඩක් දක්ෂ ඒ වගේම හැඩකාර තරුණයෙක් ගැන ඔහු නමින් ධන්ජය ලක්ෂාන් (Dhananjaya Lakshan), මේ දවස්වල ධන්ජය ලාංකේය ක්‍රිකට් ලෝලීන් අතර වගේම තරුණියන් අතරත් ගොඩක් ජනප්‍රියයි ඒ ඔහු ගේ දක්ෂතාවයටත් වඩා ඔහුගේ කඩවසම් පෙනුමත් දුටුවන්ගේ නෙත් වශී කරවන ඔහුගේ දෙඇස් යුවලත් නිසා, ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ Galle Gladiators කණ්ඩායම නියෝජනය කල මෙම නවක ක්‍රීඩකයා මෙලොව එලිය දකින්නේ 1998 ඔක්තෝම්බර් මස 05 වන දා ගාල්ලේදී, සම්පුර්ණ නම පොතටුව ආරච්චිගේ ධනංජය ලක්ෂන්, මේ වනවිට ඔහුට වයස අවුරුදු 22ක් පමණ වෙනවා, අද්‍යාපනය හදාරලා තියෙන්නේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන්, ක්‍රිකට් සම්බන්ද තොරතුරු ගැන කතා කලොත් ඔහු ප්‍රහාරාත්මක වමත් පිටිතිකරුවෙක්, ඒවගේම පිතිකරණය සහා තුන් ඉරියවු ක්‍රීඩකයෙක් පන්දු යැවීමේ විලාසය තමයි Right-arm medium-fast,

LPL සෙමි ෆයිනල් මැච් එක අවසන් වන්නේ කොළඹ කණ්ඩායමට එරෙහිව එල්ල කල හතරේ පහරකින් ඒ තරඟය ගොඩක් තීරණාත්මක මුහුණුවරක් ගත්තා සඳකැන් සමග අනෙත් පසින් තීරණාත්මක පන්දු දෙකට මුහුණ දෙන්න හිටියේ දනන්ජය ලක්ෂාන් ඔහු ඒ තරඟය ගැන පැවසුවේ මෙවැනි කතාවක්
“මම තමයි අන්තිමට හිටපු බැට්ස්මන් මට ඕන උන අන්තිම ඕවර් එක එනකම්ම මැච් එක ගෙනියන්න එහා පැත්තේ එක්කෙනාව තියාගෙන මම සඳකැන් අයියට කිවුවේ බොලේ පන්නන්න එපා කොහොම හරි පාරක් ගහන්න කීපර්ට බොලේ ගියත් මම ඔය පැත්තට එනවා කියලා කොහොම හරි අන්තිමට සඳකැන් අයියා හතරක් හැහුවා” ඒ වචන වලින්ම තේරෙනවා ඔහුගේ තියෙන උනන්දුව සහා කැපවීම තමන්ගේ දක්ෂතා වර්ධනය කරගෙන ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්න කියලා අපි ඔහුට හදවතින්ම සුබපතනවා

01.

02.

03.

04.

05.

06.