‘ලංකාවේදී ගොඩක් අය මගේ හිත රිද්දුවා’ මිස් සැෆායර් රූ රැජිණ තරඟයේ දෙවන ස්ථානය දිනු අපණ්නකා කියන කතාව

ලස්සන කියන්නේ මහ පුදුමාකාර දෙයක්, කෙනෙකුට ලස්සන දෙයක් තව කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්, ඉතින් කෙටියෙන්ම කියනවනම් ලස්සන සාපේක්ෂයි. ලංකාව වගේ බොහොමයක් රටවල්වල මිනිසේලුගේ ලස්සන මනින්නේ ඔහුගේ හෝ ඇයගේ සමෙහි වර්ණයෙන්,සුදුනම් ලස්සනයි කළු නම් කැතයි, ඒ මිම්මෙන් තමයි අපේ රටේ අය ලස්සන මනින්නේ. නමුත් අපි දැන් කියන්නේ යන්නේ ගොඩක් වෙනක් කතාවක් අපේ කතාවේ කතා නායිකාව තමයි අපණ්නකා කුලියාපිටිය.

2021 වර්ෂයේ මිස් සැෆායර් වර්ල්ඩ් රූ රැජිණ තරඟයේ දෙවන ස්ථානයට හිමි කිරුල දිනාගන්නේ අපණ්නකා කුලියාපිටි විසින්. ඉතින් ඇය දෙවන ස්ථානය දිනාගත්තම ඇය අපූරු කතාවක් කියනවා. “ලංකාවේදී මට අනන්ත ප්‍රශ්න වුණා. ඒ ගොඩක්ම හිත් රිදුණ ඒවා තමා වුණේ. ගොඩක් අය මට හම සුදු කරගන්න ක්‍රම හොයලා බලන්න කිව්වා. නමුත් මම 100%ක්ම කැමති මගේ ස්වාභාවික විදිහට යන්න. මම උපතින්ම කළුයි. ඒත් මට කවදාවත් සුදුවෙන්න ඕන වුණේ නෑ. සමහර අය මගේ දත්වලට පවා චෝදනා කරපු අවස්ථා තිබුණා. යන්න ගිහින් දත් හදාගෙන එන්න කිව්වා. මගේ අම්මයි අප්පච්චියි මට ලොකු විශ්වාසයක් දුන්නා. මෙහෙ මට ස්වාභාවික විදිහට ඉස්සරහට යන්න ඒක තමා හොඳ කිව්වා. මම මාව හැටියටම ඒ අය පිළිගත්තා. ඇත්තටම මාව වෙනස් කරලා ගන්න දිනුමක් මට වැඩක් නෑ.” කියලා. ඇය රුසියාවේ ගුරුවරියක ලෙස කටයුතුකරමින් සිටියදී තමයි මේ තරඟයට සහභාගී වෙලා දෙවන ස්ථානය දිනාගෙන ඉතිබෙන්නේ. ඉතින් ලෝකයා මොනවා කිවුවත් ඔබ ඔබ කෙරෙහි විශ්වාසය තබන්න. මේතමයි 2021 වර්ෂයේ මිස් සැෆායර් වර්ල්ඩ් රූ රැජිණ තරඟයේ දෙවන ස්ථානය දිනු අපණ්නකා ගේ පින්තූර කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.