ලංකාවෙන් ගිහින් ජපානේටම එළවලු කවන හැඩකාර උදාරාගේ සුන්දර පින්තූර එකතුවක්

මෑත කාලයේ කාන්තාවන් ගෙවත්තේ වැඩවලට උනන්දුවක් දක්වන්නේ නෑ. නමුත් අපි අද කියන්න යන්නේ හෙක්ටයාර භාගයක් තනියම අස්වද්දපු කාන්තාවක් පිලිබඳ හැබැයි ඇය මේ හපන් කම කරලා තියෙන්නේ ලංකාවේදී නම් නෙවෙයි, ජපානේදී. ඇය තමයි උදාරා සංකල්පනී, අය ජපානයට යන්නේ සිය උසස් අධ්‍යාපනය සඳහා, කොහොම වුනත් මේ වනවිට උදාරා වසර 15ට අධික කාලයක් ජපානයේ සිටිමින් කල මේ විශ්මිත දේ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”ආපස්සට හැරිලා බලද්දී වැඩ ගොඩක් කරපු දිග ගමනක් වගේ පෙනුනට මම ජපානයට ඇවිල්ලා වසර 15ක් වගේ වෙන්නේ. මට වයස අවුරුදු 22දී තමයි මම ජපානය ආවේ. මම කෑගලු බාලිකා විධ්‍යාලයෙන් උසස් පෙළ සඳහා ජපන් භාෂාව තෝරාගත්තා. ඇත්තම කියනවනම් මගේ ඔලුවේ තිබ්බේ වෙන රටකට යන්න විතරමයි පස්සේ මම 2006 ජපානයට යනවා. ජපානේදී මට සිංහල කතා කරන මිතුරෙක් මුණ ගැහෙනවා. පස්සේ එයා තමයි මගේ සැමියා වුනේ” කියලයි.

ඉත්න් මේ වනවිට ඇය ජපානයේ ‘ටර්ටල් ෆීට් ෆාම්හි හිමිකාරිය වන්නේත් ඇයයි. ඒ වගේම ජපානයේ ප්‍රමුක වෙළඳසැල් රැසකට විවිද එළවලු වර්ග බෙදාහරින ජපානයේ ජනප්‍රිය විවසායිකාවක් වනවා. ඉතින් මේ විදියට ජපානයේ හැමෝගෙම කතාබහට ලක්වෙන ඇය ලංකාවේ කෘෂිකර්මාන්තය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් ලංකාවේ කෘෂිකර්මාන්තය පිලිබඳ කතා කරන්න මට මාරුයි, මොකද ලංකාවේ කෘෂිකර්මාන්තයේ නියැලෙන අයට ලැබිය යුතු මූලික පහසුකම්වත් නෑ ඒ නිසා එයාලට සාර්ථක වෙන්න ගොඩක් අමාරුයි. කොච්චර බලාගෙන හිටියත් රජය කිසිවක් කරන්නේ නැත්නම් නම් ගොවියන් විසින්ම නැගිටින්න ඕනෑ” කියලයි ඉතින් ජපානයේ ඉඳන් එළවලු වවන ලංකාවේ උදාරාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.