රෝස මලක් වගේ හැඩකාර මනීශා කළිඳු සමග ගෙවන සුන්දර ජීවිතයේ පින්තූර එකතුවක්

අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි මනීෂා චන්චලා කියන්නේ. රංගන ශිල්පිනියක් වෙන්න කලින් මනීෂා ගායිකාවක් දෙරණ ලිටිල්ස්ටාර් තරඟය හරහා ඉතින් මනීෂා ගායිකාවක වුන ආකාරය පිලිබඳ අපිට කිවුවේ මේ වගේ කතාවක් ”මම ගායිකාවක් වෙන්න හීන මවපු කෙනෙක් නෙවෙයි. මම පොසි කාලේ ඉඳලම නිතරම ගීත වලය ආසයි ලු. මගේ අම්මා මාව තේරුම්ගත්තේ පොඩිකාලේ ඉඳලමයි. මම මොන්ටිසෝරියෙන් තමයි සින්දු කියන්න පටන්ගත්තේ. ඊටපස්සේ මම නිවේදිකාවක් විදියට කඳුරට FM එකට එකතුවෙනවා. ඊටපස්සේ අම්මා තමයි මාව ලිටිල් ස්ටාර් තරඟයට යොමු කරන්නේ ඒක තමයි මෙගේ කළා දිවියේ මුල් අඩිතාලම” කියලයි.

මනීෂා ලංකාවේ ප්‍රේක්ෂක ආදරේ වැඩිපුරම දිනාගන්න සමත්වෙන්නේ දෙරණ නාලිකාවේ විකාශනය වන ‘සිඳු’ ටෙලිනාට්‍ය හරහායි, ඉන්පසු ඇය කළා නිර්මාණ කිහිපයක් හරහාම දැකගන්න ලැබුනා. ඉතින් මනීෂා ඇයට ලැබෙන චරිත තෝරාගන්නා ආකාරය පිලිබඳ කිවුවේ මේවගේ කතාවක් ”මෙහෙමයි මම මුලින්ම කරන්නේ පිටපත කියවන එක. මොකද මට කරන්න බැරි පරාසයක තියෙන චරිතයක් මම බාර අරන් වැඩක් නෑ නේ. ඒ වගේම එකිනෙකට වෙනස් චරිත තමයි මම බාරගන්නේ.” කියලයි. ඉතින් දැන් ලංකාවේම ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන මනීෂා ආදර නීය පෙම්වතා පිලිබඳ කතා නොකරම බෑ. ඉතින් මනීෂා ඇයගේ පෙම්වතා පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මගේ පෙම්වතා කළිඳු කරුණාරත්න, දෙරණ නාලිකාව ප්‍රවෘත්ති නිවේදකයෙක්. අපි දෙන්නගේ ආදරේ ගොඩක් සුන්දරයි. සරලවම කියනවනම් කලිඳු කියන්නේ හරිම අව්‍යාජ චරිතයක්. මම අව්‍යාජ ගතියට ගොඩක් ආසයි.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන මනීෂා චන්චලාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.