රෝස මලක් වගේ සුන්දර සෙනෙහෙබර ඕෂදී දැන් තවත් හැඩවෙලා

අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ. ‘මහින්දාගමනය’ ‘අංජලිකා’ වැනි සිනමාපට හරහා හැමෝගෙම ආදරේ දිනාගත් ඕෂදී පසු කාලෙක සමාජ සේවිකාවක් රූ රැජිනක් ලෙසත් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙනවා. ඒ වගේම ඇය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක ලෙසත් ගොඩක් ජනප්‍රියයි කොහොම වුනත් මේ වනවිට ඇය කළා ලෝකයේනම් වැඩිය දකින්න නෑ ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මම මේ වනවිට ටෙලිනාට්‍ය හැටකට වැඩි සංඛ්‍යාවක රඟපාලා තියෙනවා. නමුත් මම සිනමාවට සම්බන්ද වෙලා තියෙන්නේ ගොඩක් අඩුවෙන්. මම මේ වනවිට රඟපාලා තියෙන්නේ චිත්‍රපට දහයකට වගේ පොඩි ප්‍රමාණයක. ඒ නිසා සිනමාවට සම්බන්ද වෙලා වැඩ කරන්න මෙගේ කැමැත්තක් තියෙනවා. අනිත් ප්‍රධානම කාරණය තමයි දැන් හැදෙන ටෙලිනාට්‍ය ඒවගේ ගුණාත්මක බාවය ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා ඒවාට සම්බන්ද වෙන්න මම වැඩිය කැමති නෑ.” කියලයි.

ඕෂදී කාලයක් ලංකාවේ ගොඩක්ම කතාවෙන චරිතයක් බවට පත්වුනා. ඒකට හේතුව තමයි ඇය දේශපාලනයට අවතීර්ණ වීම. ඇය චන්දය ඉල්ලුවේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් නාමයත් ඇයට ජයග්‍රහණය කරන්න ලැබුනේ නෑ. ඒ වගේම තමයි ඇයගේ තේමාපටය වුනේ ‘බදුල්ලට එන හිතවතී – ඇය සෙනෙහෙ බර ඕෂදී’ කියලයි ඉතින් ඇය අයගේ දේශපාලන අරමුණු පිලිබඳ අපි සමග කිවුවේ මෙහෙමයි ”මම රංගනයට පිවිසෙන්න කලින් ඉඳලම සමාජ සේවා කටයුතු වල නියැළුන කෙනෙක් මට ඒක අලුත් දෙයක් නෙවෙයි. මේ රටේ ජනතාව තුල දේශපාලනය ගැන ජනතාවගේ පැහැදීමනෑ. මට ඕන වුනේ මේ වැරදි ක්‍රමය නිවැරදි කරන්න. මට බැරි වුනාට තරුණ පරම්පරාවක් දේශපාලනයට එන්න ඉදිරිපත් වෙයි. අපේ මිනිස්සු වෙනස් වෙයි. එතකන් බලන් ඉන්නවා. මම ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි. හැබැයි මට පුළුවන් උපරිමෙන් මම මගේ සමාජ සේවා වැඩ කටයුතු ඉටු කරනවා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ඕෂදී ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.