රෙස්ලින් කියන්නේ බොරුවක් බව හඟවන ශාක්ෂි 7ක්

‘World Wrestling Entertainment’ හෙවත් WWE යන නාමය රෙස්ලින් ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රියයි. WWE යනු ඇමෙරිකාවට අනුබද්ධ විශාල මාධ්‍ය සහා විනෝදාස්වාද සැපයුම් එහෙමත් නැතිනම් entertainment සමාගමකි. ඒ යටතේ විවිධ නාළිකා, චිත්‍රපට, ක්‍රීඩා වැඩසටහන් ආදි  රෙස්ලින් වලට සම්බන්ධ නොයෙකුත් විකාශනයන් ප්‍රේක්ෂකයින් වෙත ගෙන එනවා. WWE යනු ලොව වැඩිම ratings ප්‍රමාණයක් දිනාගත්වැ ඩසටහනකි රෙස්ලින් ක්‍රීඩාව වටා බිහි වී ඇති ප්‍රේක්ෂකාගාරයෙන් වැඩි පිරිසක් නියෝජනය කරන්නේ පිරිමි පාර්ශවය යැයි කීම නිවැරදිය. නමුත්, පසුගිය කාලයේදී WWE රෙස්ලින් වැඩසටහන් මාලාව ගැන ලොකු ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී තිබුණා. එම වැඩසටහන සැබෑ පොර පිටියක් ලෙස විකාශය කලත් පසුව දැන ගන්නට ලැබුණේ ඒ සියල්ල රඟපෑමක් බවයි. බෝහෝ සමාජ මාධ්‍ය වල ‘රෙස්ලින් බොරුව’ වැනි මාතෘකා යටතේ ඇතැම් වීඩියෝ හා ලිපි පළ වී තිබුණා. ඇත්තටම WWE රෙස්ලින් වැඩසටහන බොරුවක්ද?

මෑතකදි හෙලි වී තිබූ කරුණු ‍රැසකට අනුව WWE වැඩසටහන් නිෂ්පාදකයින් විසින් ප්‍රේක්ෂකයින් ගේ ඇස් රවටමින්, ඔවුන්ගෙන් සැඟවීමට කටයුතු කරන බව කියන රහස් කිහිපයක් ගැන අනාවරණය වී තිබේ.

Promos බොරුවක්. ඒවා සිදුවෙන්නේ script එකකට අනුවයි.

වැඩසටහනේ සෑම චලනයක්ම ,හැසිරීමක්ම ප්‍රේක්ෂකයාගේ අවධානය පැහැරගැනීමට සමත් වන ආකාරයෙන් යම් සැලසුම්ගත තිරපිටපතකට අනුවයි අධ්‍යක්ෂණය කර ඇත්තේ.

වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි සබඳතා promote කිරීම  (relationship talents)

John cena-Nikki Bella සහා Tripple H – Stephanie McMahon යන අයගේ සබඳතා ප්‍රසිද්ධියට සහා ඔවුන් එලිපිට එය පිලිගැනීමත් නිසා ලැබී ඇති දැඩි ප්‍රේක්ෂක අවධානය වැඩසටහන ප්‍රවර්ධනය කරගැනීම සඳහා නිෂ්පාදකයින් විසින් උපක්‍රමයක් ලෙස භාවිතා කරති. අනෙකුත් ක්‍රීඩකයින්ගේ සබඳතා ගැන වැඩි අවධානයක් නොදෙන අයුරුද දැකිය හැකියි. සියල්ල වාසියට හරවා ගැනීම රෙස්ලින් බොරුවේ තවත් පැත්තක්.

Gimmicks හෙවත් ප්‍රයෝග භාවිතය

රෙස්ලින් ක්‍රීඩාව අතරේදි ඔබ දකින සෑම චරිතයක්ම gimmick charaxters  හෙවත් ප්‍රයෝග චරිත වේ. එහි යටි අරමුණ ප්‍රේක්ෂක අවධානය සහා ප්‍රසිද්ධිය ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කිරිමයි. ‘Real Undertaker’ ව වැඩිය කවුරුත් දැක නැත්තේ මේ නිසයි.

මතභේදාත්මක WWE අතීතය

රෙස්ලින් වැඩසටහන් ආරම්භයේ සිටම එහි සිදුවූ ඇතැම් සිදුවීම් සහා රෙස්ලින් ක්‍රිඩක චරිත දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට අසමත් වූ අවස්ථා අසන්නට ලැබේ. කොහොම වුණත් අතීතය අතීතයම පමණක් බව යලි යලි පසක් කරමින් එය ව්‍යාපාරිකරණයට හා ප්‍රසිද්ධිය පසුපස හඹා හන වැඩසටහනක් බවට පත් වි ඇත. Hulk Hogan, Muhammad Hassan, Chris Benoit වැනි චරිත ගැන යලි සඳහන් කිරීමක්වත් දැකිය නොහැක. ඔවුන් සැබෑ ජිවීතයේ මිතුරන් බව ප්‍රේක්ෂකයින් දැනගැනීම WWE වැඩසටහනේ ප්‍රසිද්ධියට තර්ජනයකි.

රෙස්ලින් ක්‍රීඩකයින් පොර පිටියේදී ඇත්තටම මරාගන්නවා වගේ පෙනුනත් ඔවුන් සැබෑ ජීවිතයේ හොඳම මිතුරන් වැනිය. නමුත් වැඩසටහනේ නිෂ්පාදකයින් හට මෙය හෙලිදරව් වීම එහි ව්‍යාජ බව හෙලිදරව් වීමක් නිසා එය වැඩසටහනේ ඉදිරියට බාධාවකි. විශේෂයෙන්ම ක්‍රීඩාවේ උද්වේගකර බව සහා තීව්‍ර බව ඉන් අඩුවන බව ඔවුන් හොඳින් දනිති. උදාහරණයක් ලෙස සැබෑ ජීවිතයේදි Shawn Michael සහා Chris Jericho යනු මුල පටන්ම එකිනෙකාට හිතවත් දෙදෙනෙකු බවයි ආරංචි මාර්ග පවසන්නේ.

Referee ගේ කාර්ය

අන් ක්‍රීඩා වල තරඟ තීරකවරු මෙන් නොව රෙස්ලින් ක්‍රීඩා තරඟ තීරකගේ කාර්යභාර්ය වඩාත් වෙනස් එකකි. රෙස්ලින් ක්‍රීඩකයින් දෙදෙනෙකු හට  තීරක කතා කරන දර්ශණ නිතරම දැකිය හැකියි. ඒ කියන්නේ ක්‍රීඩා  උපදෙස් ගැන නම් නෙවෙයි,  script එකට අනුව ඊලඟට කරන්න තියෙන දේවල් (the next big moves)ගැනයි. ක්‍රීඩාවෙම කොටසක් වගේ පෙනුනත් ඇත්තටම එය ප්‍රෝඩාවක්.

රෙස්ලින් ක්‍රීඩාවම බොරුවක්

WWE වැඩසටහනට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට ටිකක් හිතරිදෙන දෙයක් වුණත් රෙස්ලින් කියන්නේ ව්‍යාජ ප්‍රේක්ෂක ඇස් බැන්දුමකි. ක්‍රීඩකයින් පොරබදින දිහා පුදුමයෙන් වගේ බලාගෙන හිටියට ඒ සෑම සිදුවීමක් ම වැඩසටහනේ ප්‍රසිද්ධිය සඳහා පෙර සැලසුම් කල දේවල් ය. ඒ අනුව වැඩසටහනේ සිදුවන්නේ සිදුවිය යුතු ලෙස කලින්ම ක්‍රීඩකයින්ව දැනුවත් කර තිබෙන දේවල්ය.