රූප සුන්දරියෝ පවා වශීවෙන ලෝකේ ලස්සනම සීයලා 9දෙනා මෙන්න

අපේ වයස දැක්වෙන ඉලක්කම එන්න එන්නම විශාල වෙනකොට අපේ පෙනුමත් එන්න එන්නම වියපත් වෙනවා. හැබැයි, සමහර පුද්ගලයින්ට නම් මේකේ අනිත් පැත්ත ද කොහෙද වෙන්නේ කියලා හිතෙනවා. ඇතැම් පුද්ගලයින් වයසට ගියත් ඔවුන්ගේ ආකර්ෂණිය බව තවත් වැඩි වනවා මිසක කිසිඳු අඩුවක් නම් වෙන්නේ නැහැ. අද අපි ඔබට කියන්න යන්නේත් ඒ වගේ හිතෙන්න පුලුවන් පුද්ගලයින් කිහිප දෙනෙක් ගැනයි. මේ පුද්ගලයින් 9 දෙනාම ඔවුන්ගේ ජීවිතයේ තරුණ අවදිය පසු කර සිටින අයයි. වයසට ගියත් ආකර්ෂණීය කඩවසම් පෙනුමට හිමිකම් කියන්න තවමත් මේ අය සමත් වෙලා තියෙනවා. කොහොම වුණත් මේ අය දකිද්දි හිතෙන්නේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලයි!

01. Philippe Dumas

ඔහු ඉගෙන ගෙන තිබුණේ නීතිඥයෙකු වීමට වූ අතර පසු කාලයේදී ඔහු චිත්‍රපට ව්‍යාපාර වලට සම්බන්ධව කටයුතු කලේය. ඔහු තම ‍රැවුල් විලාසිතාව වෙනස් කරමින් එය වැවීමට පටන්ගත් පසු  බොහෝ දෙනාගේ අවධානයට ඔහුව ලක් වුණා. ඉතින්, මේ සිදුවීමේ ප්‍රතිඵලය වුණේ ඔහුට නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමේ අවස්ථාව හිමිවීමයි. ඔහු වර්තමාන්යැ 60 හැවිරිදි වියේ පසුවන නිරූපණ ශිල්පියෙකි!

02. Eric Rutherford

වයස අවුරුදු 50 ත් ඉක්මවා ඇති ඔහු නලුවෙක් වගේම් නිරුපණ ශිලිපියෙකු ලෙස කටයු‍ටු කරමින් සිටිනවා. ඔහු සමාජ මාධ්‍ය තරුවක් ලෙසත් ඉමහත් ජනප්‍රියත්වයක් ලබා සිටින අයෙක්.

03. Alessandro Manfredini

50 හැවිරිදි මොහුගේ කඩවසම් බව ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන්ගත්තේ ඔහු තම ‍රැවුල් විලාසිතාව වෙනස් කිරීමත් සමඟයි. ඔහු වර්තමානයේදි ලොව සුපතල ව්‍යාපාර සන්නාම ‍රැසක ප්‍රධාන මුහුණුවර වී තිබෙනවා.

04. Anthony Verecchia

ඔහුගේ වයස අවුරුදු 54 යි. ඔහු ලොව වටා ජනප්‍රිය සන්නාම ‍රැසක් වෙනුවෙන් නිරූපණයෙන් දායකත්වය දක්වමින් සිටියි.

05. Irvin Randle

විලාසිතානුකූලව අඳින පලඳින, ප්‍රහසන හැකියාවක් ඇති ,විනෝදකාමි සැහැල්ලු චරිතයක් ලෙස ප්‍රචලිත Irvin මේ වන විට පසුවන්නේ 54 හැවිරිදි වියේය.

06. Shan Michael Hefley

ඔහුගේ අදහස් සහ සිතුවිලි නිසාම ඔහු සැබෑ ජීවිතයේත් සමාජ මාධ්‍යයන් හරහාත් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙන පුද්ගලයෙකු බවයි දැනගන්නට ලැබෙන්නේ. ඔහු තමන්ගේ ශරීර හැඩය දැඩි වෙහෙසකින් හා කැපවීමකින් යුතුව කඩවසම් පෙනුමක් දක්වා මාස කිහිපයක් ඇතුලත වෙනස් කරගෙන තිබුණා.

07. Deshun Wang

හොඳ කාය ශක්තියකින් සහ පෘෂ්ටිමත් පෙනුමකින් යුතු මොහුගේ වයස අවුරුදු 80 කි. ඔහු චීනයේ සුප්‍රසිද්ධ නිරූපණ ශිල්පියෙක් මෙන්ම රංගන ශිල්පියෙකි. ඔහුගේ ගමන් විලාසය දකිද්දී කාටවත් හිතෙයිද ඔහු අවුරුදු 75 ටත් වඩා වැඩි පුද්ගලයෙක් කියලා?

08. Ron Jack Foley

කැනේඩියානු ජාතිකයෙකු වන මොහුගේ Instagram ගිණුමේ සිටින followers ගණන 3100 ඉක්මවා ඇත. ඔහුගේ කොණ්ඩා විලාසිතාවත්හ් ඉතා ආකර්ෂණීය එකක් බවයි බොහෝ දෙනාගේ අදහස වෙන්නේ. සුපිරි රොක් තරුවකගේ පෙනුම ඇති Ron ගේ වයස අවුරුදු 50 ක් වෙනවා.

09. Gianluca Vacchi

ලොව සුප්‍රසිද්ධ නීරුපණ ශිලිපියෙකු වන Gianluca ගේ වයස අවුරුදු 50 කි. ඔහුගේ Instagram ගිණුමේ සිටින Followers ගණන දැක්වෙන්නේ මිලියන 19.4 කට අධික සංඛ්‍යාවක් ලෙසයි. ඔහුට තියෙන ආකර්ෂණය හිතාගන්න පුලුවන්නේ!