රුසියානු බලවතාගේ අධි සුඛෝපභෝගි සුපිරි ජීවිතය

 ව්ලැද්මියර් පුටින් යනු ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ලොව බලගතුම පුද්ගලයා ලෙස පිට පිටම නම් කරන ලද අද්විතීය දේශපාලන පෞරුෂයකි. ඔහු  රුසියානු ජනාධිපතිවරයා ලෙස සේවය කරන අතර වර්තමාන ලෝකයේ වඩාත් ප්‍රසිද්ධම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ද හඳුන්වනු ලබයි. රුසියාව ලෝකයේ වඩාත් ප්‍රබල බල කේන්ද්‍රස්ථානයක් බවට පත් වීම පි‍ටුපස ඔහුගේ දේශපාලනික මෙහෙවර ද එක් ප්‍රධාන හේතුවකි. අද අපි කතා කරන්නේ ඔහුට අයත් දේපළ කිහිපයක් ගැනයි.  හැබැයි , මේවා නිකම්ම දේපළ නම් නෙවෙයි. පුටින්ට අයත් මේ වස්තූන් වල මිල අපිට හිතාගන්නවත් බැරි තරම් ඉහළ වටිනාකමක් සහිත ඒවා වේ. නිල නොලත් ආරංචි මාර්ග වලට අනුව පුටින් යනු ලොව ධනවත්ම පුද්ගලයින් අතරින් එක් අයෙකි. ඉතින්, මේ බලවත් සහා ධනවත් මිනිසාට කල නොහැක්කක් නොමැති තරම් ය. පහත දැක්වෙන්නේ ඔහුට අයත් අධි සුඛෝපභෝගි සහා මිල අධික දේපළ අතරින් කිහිපයකි.

ඩොලර් මිලියන ගණනක් වටිනා චිත්‍ර එකතුව

කටකතාවක් තිබෙනවා එක්තරා මහලු යුවලක් තමන් සතුවූ එක් චිත්‍ර එකතුවක් පුටින් හට ප්‍රධානය කල බව. මෙම චිත්‍ර එකතුව මොස්කව් නගරයේ එක්තරා ගොඩනැගිල්ලක සඟවා තබා ඇති බවයි දැනගැනීමට ලැබෙන්නේ. එහි වටිනාකම ඩොලර් මිලියන 2 ක් බවයි පැසෙන්නේ. සඟවා තැබීමට හේතුව හිතාගන්න පුලුවන්නේ?

ඔහුට අයත් කොටස් ආයෝජන (stock portfolio)

පුටින් කියන්නේ ඉතාමත් දක්ෂ ව්‍යාපාරික ඥානයක්ද ඇති අයෙකි. ඔහුට අයත්  කොටස් ආයෝජන වත්කම් ප්‍රමාණයේ වටිනාකම බිලියන ගණනකට වඩා වැඩිය.  ලෝක තෙල් වෙළඳපොලේ ඩොලර් මිලියන 20 ක  පමණ වෙළඳපොල ධාරිතාවක් ඇති ‘surgutneftegaz’ නම් තෙල් සමාගමේ හිමිකාරිත්වයෙන් 37% ක් අයත් වන්නේ ව්ලැද්මියර් පුටින් හටයි.

ඔහුට අයත් අත් ඔරලෝසු එකතුව

ඔහුට අයත් ඔරලෝසු වල සැබෑ වටිනාකම් ඩොලර් 687,000  ක් පමණ වන බව පැවසේ. එක්තරා මූලාශ්‍රයක් එය ඩොලර් මිලියනයක් තරම් වටිනාකමක් ඇති එකතුවක් බව දක්වා තිබේ.

මෝටර් රථ එකතුව

ඔහු සැබැවින්ම දේශපාලඥයෙක් ද නැතිනම් ව්‍යාපාරිකයෙක් ද කියා සිතා ගත නොහැකි තරමටම විශාල වාහන එකතුවක් ඔහුට තිබේ. ඔහුගේ කාර් රථ එකතුව දැක්වෙන්නේ වාහන 700 ක් ලෙසයි.

මාලිගා, මන්දිර සහා නිවාස

 ඔහුට අයත් නිවාස ගණන 20 කි. ඒවා අධි සුඛෝපභෝගී නිවාස බවත් දැනගන්නට ලැබෙනවා. ඇතැම් ආරංචි මාර්ග වලින් හෙලිවන්නේ ඔහුට අයත් නිවාස ගණන 20 කට වඩා වැඩි බවයි.

මිල අධික ඇඳුම් විලාසිතා

ඔහු අඳින සෑම ‘සූට්’ විලාසිතාවකම ආසන්න වටිනාකම ඩොලර් 5000 ක් පමණ වන බවයි පැවසෙන්නෙ. ඔහු ඉතාලි ඇඳුම් විලාසිතා වලට ප්‍රිය කරන බව දැනගන්නට ලැබේ. විශේෂයෙන්ම ‘Brioni’ නම් සුප්‍රසිද්ධ ඉතාලියානු ඇඳුම් නිර්මාණ සන්නාමය යටතේ ඔහුගේ ඇඳුම් නිර්මාණය වේ. එම සමාගම ලොව ප්‍රධාන පෙළේ ධනවතුන් ‍රැසකට සේවාව සපයන වසර 100 මුලුල්ලේ සිට පැවත එන දැවැන්ත සමාගමකි.

ගුවන්යානා සහා ජෙට් යානා

ඔහුට අයත් පෞද්ගලික ගුවන් යානා ගණන 58 කි. ජෙට් යානා ද ඇතුලුව ඔහුට අයත් මෙම ගුවන් යානා එකතුවේ වටිනාකම ඩොලර් බිලියන ගණනක් ඉක්මවන බව සඳහන් වේ. මෙහෙම ජීවිතයක් ගැන අපිට හිතාගන්නවත් පුලුවන්ද?