රාජකීයයන් මුණගැසෙන විට මෙන්න මේ දේවල් 16 කරන්න එපා

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයින්ව පෞද්ගලිකව මුණගැසීමට අවස්ථාවක් ලැබුණොත් ඔබ කල යුතු සහා නොකල යුතු දේවල් ගැනයි අද අපි කියන්න යන්නේ. මේවා රාජ්‍ය චාරිත්‍ර විධි, එහෙමත් නැතිනම් රාජකීය නීති රිතී කිහිපයකි. සාමාන්‍ය පුද්ගලයින් සමඟ හැසිරෙන ආකාරයට බ්‍රිතාන්‍ය මහා ‍රැජිණ හෝ වෙනත් රාජකීය සාමාජිකයෙකු ඉදිරියේ හැසිරීම සිදුකල නොහැකි බව සම්ප්‍රයානූකූල පිලිගැනීමයි. අතීතයේ ලෝකයේ බොහෝ රටවල තම ආධිපත්‍ය පතුරුවාගෙන සිටි බ්‍රිතාන්‍ය තවමත් රාජකීය පරම්පරාවට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ නිසාම මේ නීති රීති තවදුරටත් නොනැසී පවතින බවයි සඳහන් වෙන්නේ.

1. ආරක්ෂක අංශ සමඟ ගැටලු ඇතිකරගන්න හිතන්නවත් එපා!

රාජකිය චාත්‍ර විධි වල වැඩි අවධානයක් ලබාදී ඇත්තේ රාජකීයයන් ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙනය. ඔවුන් අසලට යාමට ඉඩ ලබාදීමට පෙර විශාල ආරක්ෂක ක්‍රියාවලියකට භාජනය විමට සිදුවේ. එබැවින්, ආරක්ෂක අංශ ඉදිරියේ අනවශ්‍ය විහිළු තහළු කිරීමට නොයෑම වැදගත්. 2017 වසරේ ‍රැජිණ හමු වූ ප්‍රවීන නලු කුනාල් අයියර් සිදුකලා වගේ දේවල් නොකරන ඉන්න තරමට යහපත් වේවි.

2. වේලාසනින් පැමිණ සිටින්න

සම්ප්‍රදායානුකූලව අවස්ථාවට සහභාගි වන අවසාන පුද්ගලයා විය යුත්තේ මහා ‍රැජිණ පමණි. උදාහරණයක් ලෙස හැරි කුමරු සහා මේගන් මාර්කල් ගේ විවාහ උත්සවයට ඇය පමිණියේ මනාලිය පැමිණීමට මින්ත්තු 5 කට පෙරයි.

3. රාජකීයයන් ස්පර්ෂ නොකල යුතුයි

රාජකීයයන් ඔබ සමග කොතරම් මිත්‍රශීලි වුණත්, කතාව කොතරම් රසවත් එකක් වුණත්, ඔවුන්ව ඇල්ලිම තහනම් දෙයකි. එය හඳුන්වන්නේ රාජකීය චාරිත්‍ර විධි උල්ලංඝනය කිරීමක් ලෙසයි. පින්තූරයේ දැකිය හැකි ලෙස විලියම් කුමරු සහා කේට් කුමරිය මුණගැසුණු අවස්ථාවේදී ජෙනිෆර් ලෝපේස් ට නම් ඒක අමතක වෙලා වගේ!

4. ඔබ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නොවේ නම් අතට අත දිය හැකියි

රාජකීය පවුලේ ප්‍රධාන වෙබ් අඩවියේ සඳහන් ආකාරයට අනුව රාජකීයයන් හට ආචාර සමාචාර කල යුතු නිශ්චිත ක්‍රමවේදයක් සඳහන් නොවේ. ඔබ පුරුෂයෙකු නම් හිස පහත් කරමින් ආචාර කල හැකියි. ඔබ කාන්තාවක් නම් හිස සහා දණ මදක් නවා ආචාර කල හැකියි. ඔබ බ්‍රිතාන්‍යයේ අයෙකු නොවේ නම් අතට අත දීම සිදුකල හැකියි. ඔබ ප්‍රසිද්ධ තරුවක් නම් හෝ ඔබ මින් පෙර බොහෝ වතාවක් රාජකීයයන් මුණගැසී ඇත්නම් ඔවුන්ව වැලඳගැනීම හෝ කම්මුල් සිපගනිමින් ආචාර කල හැකියි. නමුත්, ඒ රාජකීයයන් මුලින්ම සිදුකලොත් විතරයි!

5. ඔබට අමතන තුරු නිශ්ශබ්දව සිටිය යුතුයි.

රාජකිය චාරිත්‍ර විධාන වලට අනුව රාජකීයයන් හට අතට අත දීමට පෙර ඔවුන් සමඟ සංවාදයක් ඇරඹීම සිදු නොකලයුතුයි. සාමාන්‍යයෙන් රාජකීය පවුලේ අයෙක් ‘හෙලෝ’ යනුවෙන් ඔබව අමතනු ඇත. වරක් ටෙලිවිෂන් වැඩසටහනකදී ප්‍රසිද්ධ නලු බිලී එයිච්නර් විසින් පවසා සිටියේ තමන් හට හැරී කුමරු සහා මේගන් මාර්කල් මුණගැසීමට යෙදී තිබුණු දිනයට පෙර දිනයේ ඉතා දිගු විස්තරයක් සහිත රාජකීය නීති පිලිබඳ ලිපියක් තමා වෙත ලැබී තිබූ බවයි.

6. සංවාදය අතරතුරදි ඇසට – ඇස දෙස බලා කතාකල යුතුයි.

රාජකීයයන් සංවාදයක් අතර තුරදී පුද්ගලයින්ගේ දෑස් දෙස සෘජුව බලමින් කතාබහේ යෙදෙති. ඊට පෙරළා ගෞරවය දැක්වීමේ ගුණයක් ලෙස ඔබත් ඔවුන්ගේ දෑස් දෙස බලා කතා කල යුතුයි. සුප්‍රසිද්ධ ‘වෝග්’ සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරිය වන ඇනා වින්ටුුවර් වරක් මහා ‍රැජිණ සමඟ කතාබහේ යෙදී සිට ඇත්තේ ඇයගේ අව් කණ්ණාඩියවත් ඉවත් නොකරමිනි. බොහෝ දෙනෙක් මෙය ‍රැජිණට සිදුකල අවමානයක් යැයි සැලකූහ. නමුත්, එම පින්තූරය දෙස බැලීමේදී නම් සිතෙන්නේ ඔවුන් දෙදෙනා අපූරු කතාබහක යෙදී සිට ඇති බවයි. එහිදි මහා ‍රැජිණිය සිනාසෙමින් සිටින ආකාරය ද නිරීක්ෂණය කල හැකිවිය.

7. රාජකීය පවුල් සාමාජිකයෙකු හට ඔහුගේ නමින් ඇමතීම නොකල යුතුයි.

‍රැජිණ ඉදිරියේදී ඇයව හැඳින්විය යුතු වන්නේ ඉංග්රීිසි බසින් ‘Your Majesty’ යනුවෙනි. රජ පවුලේ අනෙක් සාමාජිකයින් හට අමතන විට ඔබ භාවිතා කල් යුත්තේ ‘Your Royal Highness’ යනුවෙනි. ඉන් පසුව ක්‍රමයෙන් සංවාදයේදී ‘Sir’ සහා ‘Madam’ යන වචන ඔබට භාවිතා කල හැකියි.

8. අන්වර්ථ නාම /සුරතල් නාම තහනම් වේ.

රාජකිය පවුලේ සාමාජිකයින් එකිනෙකා හට පවසන සුරතල් නාම ඇති බව ඔබ අසා ඇති. නමුත්, ඔබ කොතරම් ප්‍රසිද්ධ අයෙක් වුනත් එවැනි නම් ඔවුන් ඇමතීම සඳහා භාවිතා කිරීමට ඔබට අයිතියක් නැත.

9. නිතරම හිස සහ දණ නවා ආචාර කිරීමට අවශ්‍ය නැත

ඔබ ‍රැජිණ හමුවීමේ අවස්ථාවේදී හැර එසේ කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබ කාන්තාවක් නම් හිස සහා දණ මදක් නවමින් ‍රැජිණට ආචාර කිරීමයි වඩාත් සුදුසු ක්‍රමය වන්නේ. රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයින් පවා ‍රැජිණට ආචාර කරන්නේ ඒ ආකාරයටයි. පින්තූරයේ දැක්වෙන්නේ ප්‍රසිද්ධ නිලි ඇන්ජලීනා ජොලී ‍රැජිණ හමුවූ අවස්ථාවකි.

10. ඔබ සමඟ පැමිණිපුද්ගලයා ඔබට පි‍ටුපසින් සිට ගෙන සිටිය යුතුයි.

රාජකීය පවුලේ සාමාජිකයින්ගේ දෛනික කාල සටහන වැඩකටයුතු ‍රැසකින් පිරී ඇත්තකි. එබැවින් උත්සව අවස්ථාවට ‍රැස්ව සිටින සෑම අමුත්තෙකුටම ආචාර කිරීමට ඔවුන් හට වැඩි කාලයක් ගත කිරීමට අපහසුය. රාජකීය ඇරයුමකින් ඔබව කැඳවන අවස්ථාවකට ඔබ වෙනත් කවුරුන් සමඟ හෝ සහභාගී වන්නේ නම් ඔහු/ ඇය ඔබට පි‍ටුපසින් සිට ගත යුතුයි. රාජකීය පවුලේ අයෙකු ඔහු/ ඇය හට මුලින් ඇමතුවොත් පමණක් ඔවුන් සමඟ කතා කිරීමට අවස්ථාව ඇත.

11. ඇතැම් වචන සහා වැකි භාවිතා නොකල යුතුයි.

රාජකිය පවුලේ සාමාජිකයින් භාවිතා නොකරන වචන ඇත. උදාහරණයක් ලෙස ඔවුන් වැසිකිලිය නැතිනම්, ‘toilet’ යන වචනය වෙනුවට භාවිතා කරන්නේ ‘lavatory’ යන වචනයයි. මෙය අනිවාර්ය නැතත් ඔබ විසින් අනුගමනය කිරීම ඔබ කෙරෙහි පැහැදීමක් ඇති විමට හේතුවක් වෙන්නත් බැරි නැහැ. උත්සව ශාලාවක දී ‍රැජිණ අනුගමනය කරමින් ඇය නැගී සිටින විට අන් අයද නැගී සිටිය යුතුයි. ඇය සමඟ ආහාර භෝජන සංග්‍රහයකට ඔබට ඇරයුමක් ලැබුණා කියා සිතන්න. නමුත්, ඇය විසින් ආහාර ගෙන අවසන් වන තුරු ඔබට ඔබේ ආහාර ඇල්ලීමටවත් නොහැකියි.

12. ‍රැජිණට පි‍ටුපස හරවා සිටගැනීම නොකල යුතුයි.

රැජිණට මෙන්ම අනෙකුත් රාජකීය සාමාජිකයින් හට පි‍ටුපස හැරවීම කිසිසේත් නොකල යුතු බව රාජකීය චාරිත්‍ර විධානයකි. එසේ සිදුකිරීම විශාල රාජකීය විධාන උල්ලංඝනය කිරීමක් සේ සැලකේ. නිලි එමිලියා ක්ලාර්ක් වරක් පවසා තිබුණේ විලියම් කුමරු බැහැ දැකීමට ඇයට ලැබුණු අවස්ථාවකදී මේ සම්බන්ධයෙන් ඇයව දැඩිව දැනුවත් කල බවයි.

13. ‍රැජිණට පෙර උත්සව සභාවෙන් පිටවීම නොකල් යුතුයි.

උත්සව සභාවකට එක්වරම ඇතුල් වී ‍රැජිණව බැහැ දැක රිසි සේ සභාවෙන් පිටවි යාමට ඔබට නොහැකියි. ‍රැජිණ පිටත් වීමට තීරණය කරන වේලාව දක්වා ඔබ හට එහි ‍රැඳී සිටීමට සිදුවේ.

14. සෙල්ෆී ඡායාරූප ගැනීමට හෝ සමරු අත්සන් වෙනුවෙන් ඉල්ලීම් සිදු නොකල යුතුයි.

කොතරම් ප්රිසිද්ධ අයෙකුට වුවත් රාජකීයයන් සමඟ සෙල්ෆි ඡායාරූප වලට පෙනී සිටීමට හැකියාවක් නැති බව සඳහන් වේ. එය රාජකීය ආරක්ෂක විධිවිධානයන්ට පටහැනි දෙයක් ලෙස සැලකේ. රාජකීයයන් හට සමරු අත්සන් ලබාදීම ද සිදුකල නොහැකියි. නිල ලියකියවිලි පත්‍ර වල පමණක් අත්සන් තැබීම ඔවුන්ගේ සිරිතයි. එබැවින් ඔබ ඉල්ලීමක් කලත් බොහෝ දුරට ඔවුන්ගේ පිලිතුර ‘බැහැ’ යන්නයි. මෙම නීතිය විශේෂයෙන්ම භාවිතා වන්නේ යම් ජාවාරමකට හෝ අපකීර්තිමත් ක්‍රියාවක් සඳහා ව්‍යාජ ලෙස අත්සන් භාවිතා වීම වැළැක්වීම පිණිසයි. නමුත්, චාර්ල්ස් කුමරු මෙම නිතිය උල්ලංඝනය කල අවස්ථාවක් ද වේ. කෝර්න්වෙල් හි ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් වුවන් බැලීමට ගිය අවස්ථාවක කාන්තාවක් ඔහුගෙන් සමරු අත්සනක් ඉල්ලා සිට ඇත. ඔහු එහි ‘චාර්ලෙස් 2010’ යනුවෙන් සමරු අත්සනක් යෙදූ බව වාර්තා විය.

15. විනීත ඇඳුමකින් සැරසිය යුතුයි

රාජකීයන් මුණගැසිමේදී ඇඳ පැලඳිය යුතු ඇඳුම් පිලිබඳ නිශ්චිත කිරීමක් දක්වා නැත. නමුත්, එහි එක් නිතීයක් වේ. එනම් ඔබේ ඇඳුම සාම්ප්‍ර දායික සහා විනීත බවින් යුතු විය යුතුය. පින්තූරයේ දැක්වෙන පරිදි සුරුපී නිලි මර්ලින් මොන්රෝ විසින් 1956 වසරේ ‍රැජිණ මුණගැසුණු විට හැඳ සිටි ඇඳුම ගැන බොහෝ දෙනා පවසා සිටියේ ඇය මෙම නීතිය ගැන දැනුවත්ව නොසිටින්නට ඇති බවයි. මාධ්‍යවේදීන් සඳහා ද මෙම ඇඳුම් පිලිබඳ නීතිය අදාලය. එබැවින් තද දීප්තිමත් ඇඳුම් භාවිතයෙන් වැළකී සිටිය යුතුය. ඊට හේතුව වන්නේ රාජකීයන් එවැනි වර්ණ ‍තෝරාගන්නේ අන් අය අතර වඩාත් හොඳින් කැපී පෙනීමේ පහසුව සඳහා වීමයි. එමෙන්ම ඔබේ කකුල් නිරාවරණය වී නොතිබිය යුතුය. රාජකීය පවුලේ කාන්තාවන් සඳහාද මෙය අදාල වේ.

16. රාජකිය ඇරයුමක් ප්‍රතික්ෂේප නොකල යුතුයි (නොවැළැක්විය හැකි හේතුවක් මත හැරෙන්නට)

ඉහත ඡායාරූපයේ සිටින්නේ ‘The Queen’ චිත්‍රපටයේ රඟපෑ හෙලන් මිරන් වන අතර පහළ ඡායාරූපයේ සිටින්නේ දෙවන එලිසබෙත් මහ ‍රැජිණයි. රාජකීයයන්ගෙන් ඔබට ලැබුණු ඇරයුමක් භාර ගැනීමට ඔබට නොහැකි හේතුවක් ඇත්නම් එය ගැටලුවක් නොවේ. නමුත්, එය ‍රැජිණට සිදුකල අපහාසයක් ලෙස පෙනීමට හැකි බැවින් ප්‍රවේශම් විය යුතුයි. වරක් හෙලන් මිරන් හට මහා ‍රැජිණ මුණගැසීමට සිදුකල ආරාධනාවක් ඇය විසින් ප්‍රතික්ෂේප කර තිබුණේ චිත්‍රපටයක් රූගත කිරීම් යෙදී තිබුණු බැවිනි. මෙය මාද්‍යන් තුල අපකීර්තිමත් ක්‍රියාවක් ලෙස විවේඡනයට ලක් වූ සිදුවීමක් විය.