‘රන්දික මට ගොඩක් පාඩම් කියලා දුන්නා’ රෝසමලක් වගේ සුන්දර අමන්දා කියන කතාව

‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලි කතා කලාවේ නව වෙනසක්. හිරු ටීවී හරහා ජනප්‍රිය මෙම ටෙලිනාට්‍යයයේ ප්‍රධාන නිළිය ගැනයි මේ කතාව. නමින් අමන්දා ජයත්න. මෙය ඇගේ ප්‍රථම ටෙලි නාට්‍ය නොවේ. සිදු, තාදි, නීල පබළු ආදි ටෙලිකතා තුළින් ජනතාව අතරට ආව ඇය බෙහෙවින් ජනප්‍රිය වුයේ ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලිනාට්‍ය තුලින්.

අමන්දා මතක් කරමු කලාවේ ආරම්භය ගැන? පළමු නිර්මාණයට මම සම්බන්ධ වෙන්නේ වයස අවුරුදු 17 දී. ඒ නීල පබළු නාට්‍යයේ මොනිකාගේ චරිතය තුළින්. මට ඒ අවස්ථාව දෙන්නේ ලලිත් වසන්ත සර්. මොකද මම වයස අවුරුදු එකේ පටන් වෙළෙඳ දැන්වීම්වල ඉඳලා තියෙනවා. අම්මයි තාත්තයි මුලින් ඉගෙන ගෙන ඉන්න ඕනේ කියලා හිතලා ඒ දේවල් පොඩි කාලෙම නවත්තලා තියෙනවා.

ඊට පස්සේ තමා වයස 17න් නැවත නීල පබළු එක්ක සම්බන්ධ වුණේ. හැබැයි මගේ ජිවිතේ වෙනස් කලේ හිරු ටිවි රැල්ල වෙරළට ආදරෙයි ටෙලිකතාවෙන්. මම ස්ක්‍රින් ටෙස්ට් එකට ගියත් මම හිතුවේ නෑ මාව සිලෙක්ට් වෙයි කියලා. ඒත් මට ඒ අවස්ථාව ලැබුනා. මම දැනන් හිටියේ නෑ මට රඟපාන්න දෙන්නේ ප්‍රධාන චරිතය කියලා. ඒක කිවහම මම ඇඩුවා. ඇත්තටම මට සතුට දරාගන්න බැරි වුනා. විශේෂම දේ තමා මට මේ අවස්ථාව ලැබෙන්නේ මගේ 22 උපන් දිනයත් එක්ක.ඉතින් මගේ බර්ත් ඩේ ගිෆ්ට් එක ඒක.

අමන්දා කියන්නේ නව යොවුන් රංගන ශිල්පිනියක්. කතාවට කියනවා නවක අයට ප්‍රවිණයෝ අත දෙන්නේ නෑ සහයෝගයක් ලැබෙන්නේ නෑ කියලා. ඔබට සහයෝගයක්ද ලැබෙන්නේ නැද්ද, “මම ඇත්තටම මේ වගේ පිරිසක් එක්ක රඟපාන පළවෙනි අවස්ථාව. බිමල් අයියා රන්දික අයියා මම හිනෙන්වත් රඟපාන්න නොහිතපු චරිත.මම පළවෙනි අවස්ථාවෙම බිමල් අයියා එක්ක රඟපානකොට සංවේදි වෙලා ඇත්තටම ඇඩුවා. අදටත් සමහර තැන්වල ඇත්තටම කදුළු එනවා හැබැයි මට හැමෝම උදව්කරනවා. හැ⁣මදේම කියලා දෙනවා. ඉතින් මම හිතන්නේ මම එයාලාඑක්ක මගේ අඩුපාඩු හදාගන්නවා. ඇත්තටම මට මේක රංගකලා පාසලක්. හැමෝගෙම ආදරේ මට තියෙනවා. මම මට පුළුවන් උපරිමි මම කැමති විදිහට රඟපානවා. රන්දික අයියා, කෝකිල අයියා, දර්ශන අයියා හැමෝම උදව් කරනවා. ඇත්තටම ඒ කණ්ඩායම අපුරූයි.”

පෙම්වතා රන්දික වෙද්දි මොකද හිතෙන්නේ ඔබට,? “මම රන්දික අයියාව මුලින් දැක්කෙත් ස්ක්‍රින් ටෙස්ට් එකේ. මට ඒ දැකපු වෙලාවෙම හිතුවා මගේ පෙම්වතා එයා කියලා. ඇත්තටම රන්දික අයියා එක්ක වැඩ කරන්න ලේසියි. එයා ගොඩක් දක්ෂයි ඒ වගේම අපිට රංගනය ගැන ගොඩක් පාඩම් කියලා දෙනවා”

අමන්දා දැන් සමාජය පිළිගන්න චරිතයක් ඉතින් කටකතා වලට ඔබටත් හසු වන්න වෙනවා. ඔබ ඒ ගැන හිත්නේ කොහොමද? “මෙහෙමයි මම කටකතා වලා බය නෑ. මොකද මම වැරැද්දක් නැත්නම් ඒක මගේ හදවත දන්නවා. වැරදි කලොත් තමා බය වෙලා ලැජ්ජා වෙන්න ඕනි. මම කාටවත් බය නෑ. ඒ නිසා කියන්න තියෙන දේ මම කියලා දානවා. ගොසිප් වලට මනස වට්ටගන්න තරම් මම දුර්වල කෙනෙක් නෙවෙයි.

ඔබ තවම ආදරයක් හොයාගෙන නැද්ද, නැත්නම් යෝජනා එනවද? “මට ආදර සම්බන්ධයක් දැන්ම අවශ්‍ය නෑ. යෝජනා ආවට මම කැමති නෑ. මොකද මම මේ නිදහට කැමතියි. ඉතින් කාලයක් මෙහෙම ඉන්නවා තව කාලයක්” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන අමන්දාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.