‘රන්දික මගේ ජීවිතේ වෙනස් කළා’ කෝටිපති මැණික් ව්‍යාපාරික ධනුෂ්ක සම්පත් කියන කතාව.

අද වන විට ටි.වි.දෙරණ නාලිකාවේ විකාශය වන ඉස්කෝලේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ‘රන්දික’ කියන්නේ තරුණියන්ගේ කතා බහට ලක් වන අලුත් චරිතයක් මෙන්ම දක්ෂතා සපිරි යෞවනයෙක්. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙක් වන ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ රන්දික චරිතයට පණ පොවන ඔහු ධනුෂ්ක සම්පත්. පාසල් කාලයේ ඉදන්ම කලාවට දැඩි ඇල්මක් දක්වන ධනුෂ්කගේ එකම හීනය වුනේ දිනෙක රංගනයට යොමුව නළුවෙක් වෙන්න.⁣ හේමාල් රණසිංහ, රොෂාන් රණවන, පුබුදු චතුරංග, වගේ නළුවන් ඔහුගෙ සිහින කුමාරවරුන් වු අතර ඔහු ඔවුන් මෙන් දිනෙක රංගනයෙන් ජනතාව අතරට එන්න සිහින ධනුෂ්ක දැක්කා. ඒත් ධනුෂ්ක⁣ගේ දෙමාපියන් ඔහු කලාවට සම්බන්ධ වෙනවට විරුද්ධ වු අතර ඒ නිසාම ඔහු ව්‍යාපාරයක් පටන් ගත්තා. හැබැයි ඔහුගේ අරමුණ ඔහුගේ බලාපොරොත්තුව හදවතේම තියාගන්න ඔහු සමත් වුනා. ඒ බලාපොරොත්තුව නිසාම හරි අහම්බෙන් ඔහුට රංගනයට යොමු වෙන්න ඔහුට හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ පිලිබඳ ඔහු කිවුවේ මේ වගේ කතාවක් “නළුවෙක් වෙන්න කොළඹ ආව මම සෑහෙන කට්ටක් කෑවා. ජිවිතේ ප්‍රතික්ෂේප විම් දරාගත්තා. අලුත් පාරවල් හොයාගත්තා. මට මගේ අරමුණට එන්න පුළුවන් වුනා. මේ හැමදේම තමා ධනුෂ්ක කියන කෙනා රන්දික කි⁣යන කෙනා බිහි කලේ” කියලයි.

අදවන විට බොහෝ දෙනාගේ කතාවට, ආදරයට ලක්වන වගේම මේ දවස්වල තරුණියන්ගේ සිහින කුමාරයා වෙලා ඉන්න ධනුෂ්කට ‘රන්දික’ කියන චරිතය ලැබුන ආකාරය පිලිබඳ ධනුෂ්ක කිවුවේ මෙවැනි කතාවක් “ඇත්තම කියනවනම් මම ටෙලිනාට්‍ය මොකක්ද කියන්නවත් නොදැන තමා තිර පරික්ෂණයට ආවේ. එදා ඉන්ටවිව් බෝඩ් එ⁣කට හිටියේ දිදුලක ප්‍රසාද් මහතායි සමන් එදිරිමුණි මහත්මයයි. කොහොම හරි තිර පරික්ෂණයෙන් දවස් දෙකකට පස්සේ කිවුව්වා මල්ලි ඔයා තේරුනා චරිත දෙක තුනක්ම තියෙනවා ඒ අතරේ ප්‍රධාන චරිතෙත් තියෙනවා බලමු කියලා. හැබැයි මම දන්නේ නෑ මට ලැබෙන චරිතය මොකද්ද කියලා. තෝරාගෙන කියලා දවසකට පස්සෙ තමා කිවුවේ මල්ලි ඔයා තමා ‘රන්දික’. ඔයාව තෝරාගෙන තියෙන්නේ අලුත් ටෙලිනාට්‍යක ‘රන්දික’ කියන චරිතයට කියලා. ඒ විතරක් නෙවෙයි මම තමයි ප්‍රධාන චරිතය කියලත් මම දැනගන්නේ එදා. මට පොඩි බයක් දැනුනා මොකද ප්‍රධාන චරිතයක් නේ. හැබැයි එදා ඉඳන් අද වෙනකන් මට ප්‍රවිණයන්ගෙන් ලැබෙන සහය ගැන වචනයෙන් කියලා නිම කරන්න බෑ. මගේ වැරදි අඩුපාඩු හදාගන්න අපේ අධ්‍යක්ෂක තුමා ඇතුළු හැමෝම ගොඩක් උදවු කළා. ඒ සහය ගොඩක් වටිනවා ඇත්තම කියනවනම් ‘රන්දික’ මගේ ජීවිතේ වෙනස් කළා” කියලයි.

මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන හිටියත් ධනුෂ්ක කියන්නේ තවමත් තනිකඩ තරුණයෙක් ඉතින් ධනුෂ්කගේ ආදරේ පිලිබඳ ඔහු කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් මම ආදරේ පැරදුන කෙනෙක්. මට කලින් ආදරවන්තියක් හිටියා. එයාට තේරුම්ගන්න බැරිවුනා මම යන ගමන. මම රංගනයට එනවට එයා කැමති වුනේ නෑ. ඉතින් අපේ අදහස්වල නොගැලපීම නිසා අපිට වෙන් වෙන්න වුනා. කොහොම වුනත් එයා දැන් සතුටින් ඉන්නවනම් එච්චරයි” කියලයි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.