රටේම තරුණියන් වශී කරගත් ජනප්‍රිය නිවේදක ලහිරු මුදලිගේ පිය පදවිය ලබයි

ලංකාවේ තරුණ තරුණියන් ගොඩක් ආදරේ කරන කඩවසම් නිවේදකයෙක් තමයි ලහිරු මුදලිගේ කියන්නේ. නිවේදන ශිල්පියෙක් ලෙස කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වන ඔහු පසුව රංගන ශිල්පියෙක්, නිෂ්පාධක වරයෙක්, මියුසික් වීඩියෝ අධ්‍යක්ෂක වරයෙක් විදියටත් ඔහු කටයතු කරනවා. ළමා කාලයේ සිටම කළා ලෝකයට සම්බන්ද වෙලා හිටපු ලහිරු වැඩිපුරම ජනප්‍රිය වන්නේ ස්වර්ණවාහිනියේ විකාෂනයවුන ‘හද රැඳී පැය’ වැඩසටහනින් පස්සේ. ලහිරුගේ උපන් ගම මහනුවර ඒ වගේම ලහිරු මුලින්ම පාසල් අධ්‍යාපනය හදාරලා තිබ්බේ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන්. ඉන්පසුව ලහිරු ඩී.එස්. සේනානායක විද්‍යාලයට ඇතුලත්ව උසස්පෙළ හදාරලා තියෙනවා.

ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන සිටි ලහිරු විවාහ වෙන්නේ මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස කටයුතු කරන සඳුනි ද සිල්වා සමඟ. සඳුනි සහ ලහිරු විවාහ වෙන්නේ 2017 වසරේදී. ඔන්න කොහොම වුනත් මේ කියන්න යන්නේ මේ ආදරණීය යුවල පිලිබඳ ගොඩක් සුබ ආරංචියක්. ඒ තමයි ලහිරු සහ සඳුනි අද දෙමාපියන් බවට පත්වෙලා. ඉතින් ලහිරුගේ සහ සන්දුනිගේ පුංචි කැදැල්ල සුන්දර කරන්න පැමිණි චුටි බබාටත් සුබම සුබ අනාගතයක් වේවා කියලා අපි හදවතින්ම සුබ පතනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.