රටම ආදරේ කරන බන්දුල ගුණවර්ධන මහතාගේ සුන්දර කැදැල්ල

ලංකාවේ පුරවැසියන්ට දේශපාලනය කිවුවොත් ඊට එහා දෙයක් නෑ. හැමෝම උත්සහ කරන්නේ තමන්ගේ දේශපාලන පක්ෂය දිනවන්න. අපේ මිනිස්සු දේශපාලනය බැඳීම කොච්චරද කියනවනම් දේශපාලනය නිසා එක කුසෙන් උපන් සහෝදරයා පවා අමතක කරන තත්වය දැන් අපේ මිනිස්සු පත්වෙලා. තමන් දිනවන නායකයා රටට මොනවා කලත් කමක් නෑ අපේ වැඩක් කරලා දෙනවනම් ච්චරයි කියන තත්වයට දැන් අපේ දේශපාලනය පිරිහිලා. කොහොම වුනත් මේ වනවිට මේ දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට ගත්ත ණය නිසා ලංකාවේ චන්ද දායකයන්ගේ පහසුකම් සීමා කරන තත්වයට පවා රට පත්වෙලා හමාරයි.

ඉතින් අපේ දේශපාලන ලෝකය පිලිබඳ කතා කරද්දී නිතරම කතා වෙන වගේම කතා නොකරම බැරි චරිතයක් තමයි බන්දුල ගුණවර්ධන කියන්නේ. 1953 වසරේ මාර්තු 16වන දින උපන් බන්දුල ගුණවර්ධන මහතා වර්තමානය වනවිට ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ දේශපාලන පක්ෂය නියෝජනය කරනවා. බන්දුල ගුණවර්ධන මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ලැයිතුව හරහා පාර්ලිමේන්තුවට පිවිසෙනවා. ඒ වගේම ඔහු මේවනවිට පදිංචිව සිටින්නේ ‘අංක 142, ජම්බුගස්මුල්ල මාවත, නුගේගොඩ’ යන ලිපිනයේයි. වත්මන් රජයේ වෙළඳ අමාත්‍යතුමා ලෙස සේවයන කරන්නෙත් බන්දුල ගුණවර්ධන මහතායි. ඒ වගේම මේ වනවිට ඔහු උසස් නිලතල පිළිබඳ, රජයේ මුදල් පිළිබඳ, වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක, සහ සම්බන්ධීකරණ, යන කාරක සභාවන්වල සාමාජිකත්වය දරනවා.

බන්දුල ගුණවර්ධන මහතා පිලිබඳ සමාජජාලා තුල පසුගිය කාලයේ ලොකු කතාබහක් ඇතිවුනා. එයට හේතුව තමයි එතුමා පසුගිය දිනක පවසා තිබුනා දේශීයව නිෂ්පාධනය කරන කාන්තා සහ පිරිමි යට ඇඳුම් සතොස හරහා මහජනතාවට මිලට ගැනීමට හැකිවන ලෙස පහසුකම් සකස් කරන බවට. ඉතින් මේ කතාව සමාජ ජාලා හරහා විවිද විදියට කතා බහට ලක් වුනා. ඉතින් ඒ පිලිබඳ ඔබට හිතෙන දේ අපට කියන්න. බන්දුල ගුණවර්ධන මහතා මේ වනවිට විවාහකයි. ඒ වගේම ඔහුට සුන්දර දියනියන් තිදෙනෙක් සහ එක් පුතෙකු සිටිනවා. ඉතින් ලංකාවේ ජනප්‍රිය චරිතයක් වන බන්දුල ගුණවර්ධන මහතාගේ සුන්දර කැදැල්ලේ පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.