රටම ආදරේ කරන නාමල් රාජපක්ෂ පුතුගේ උපන්දිනය සහ විවාහ සංවත්සරය අපුරුවට සැමරූ හැටි

ලංකාවේ දේශපාලනය පිලිබඳ කතා කරද්දී කතා නොකරම බැරි දේශපාන පවුලක් තමයි රාජපක්ෂ පවුල කියන්නේ. ලංකාවේ දේශපාලනය අතින් දීර්ඝ ඉතිහාසයක් තියෙන රාජපක්ෂ පවුලේ, මේ වන විට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි නාමල් රාජපක්ෂ කියන්නේ. තම පියාගේ දේශපාලන පක්ෂයෙන් දේශපාලනයට පිවිසි නාමල් රාජපක්ෂ හම්බන්තොට මැතිවරණ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට තේරී පත්වුනා මේ වනවිට ‘තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යතුමා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා’ ලෙස සේවය කරනවා. ඒ විතරක් නෙවෙයි ‘තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක ‘ ‘ව්‍යවස්ථාදායක ස්ථාවර’ ‘සම්බන්ධීකරණ ‘ යන කාරක සභාවන් වලත් ඔහු උපදේශක වරයෙක් ලෙස කටයුතු කරනවා.

නාමල් රාජපක්ෂ මේ වනවිට විවාහකයි. ඔහුගේ විවාහය පැවැත්වුනේ ගොඩක් සලර චාම් විදියට. නාමල් සමග යුගදිවියට පිවිසුනේ සුන්දර රුවකට හිමිකම් කියන ලිමිනි. මේ වනවිට ලිමිනි සහ නාමල් කියන්නේ පුංචි පුතෙකුගේ දෙමාපියන්. නාමල්ගේ සහ ලිමිනිගේ පුංචි කැදැල්ල ලස්සන කරන්න පැමිණි මේ පුංචි පුතුගේ නම කේසර රාජපක්ෂ. ඉතින් ලිමිනිගේ සහ නාමල්ගේ විවාහ සංවත්සරය පසුගිය දිනක යෙදී තිබුනා ඉතින් ඒ වගේම තවත් විශේෂ සිදුවීමක් එදිනට යෙදී තිබුනා ඉතින් ඒ පිලිබඳ නාමල් රාජපක්ෂ මහතා මුහුණු පොතට එක් කල අපූරු සටහන තමයි මේ. ”ලිමිණිගෙත් මගෙත් විවාහ සංවත්සරය හා අපේ පුතු කේසරගේ ජන්ම දිනය යන මාගේ ජීවිතයේ ප්‍රීතිමත්ම අවස්ථා දෙකක් එකම දිනයක යෙදී තිබිම ගැන මා අතිශය සතුටට පත්වනවා. මගේ ආදරණීය බිරිඳ ලිමිණි, ඔබට සුබම සුබ විවාහ සංවත්සරයක් වේවායි ප්‍රාර්ථනා කරනවා!. ජිවිතය පුරාවටම ශක්තියක් වෙමින් ලිමිණි , ඔබෙන් ලැබෙන හැම සහයෝගයකටම ස්තුතියි. අපේ ගෙදර ආදරය, සෙනෙහස වැඩි කරපු ආදරණීය කේසර පුතුට සුබම සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා!. මගෙත් ලිමිණිගෙත් ජීවිතවලට අසිමීත සතුටක් රැගෙන පැමිණියාට පුතේ, ඔබට ස්තුතියි” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නාමල් රාජපක්ෂගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.