රජ පවුලේ අයට කරන්න අවසර නැති දේවල් 12ක්

රජ කුමාරවරු සහා රජ කුමාරිකාවන් ගත කරන සුඛෝපභෝගී දිවිය ගැන විවිධ කතන්දර සහා ඉතිහාසගත සිදුවීම ගැන අප අසා තිබෙනවා. රජ කුමර කුමරියන් ගැන කතා කරන විට නිතැන්තින්ම සිහියට නැගෙන්නේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයින්වයි. රජ පවුලේ කුඩාම සාමාජිකයින් වන විලියම් කුමරුගේ සහා කේට් කුමරියගේ දරුවන් වන කුඩා ජෝර්ජ් කුමරු සහා චාර්ලට් කුමරිය දෙස මුලු ලෝකයේම අවධානය යොමු වෙලා තිබෙනවා. රාජකීයයන් වුණත් ඔවුන් විසින් විශේෂයෙන් අනුගමනය කල යුතු කරුණු කිහිපයක් තිබෙන බවයි සඳහන් වෙන්නේ. වාර්තා වෙන ආකාරයට ඔවුන්ට තමන්ගේ කාමර පවා තනිවම අස්කරගැනීමේ වගකීම පවා පැටවිලා තිබෙනවාලු. එහෙම බලද්දි නම් රජ පවුලේ දරුවන්ගෙයි සාමාන්‍ය දරුවන්ගෙයි ජීවන රටාව අතර වැඩි වෙනසක් නැහැයි කියලයි පෙනී යන්නේ. රජ කුමර කුමරියන් විසින් අනුගමනය කල යුතු මේ විශේෂ ප්‍රතිපත්ති දිහා බලද්දි නම් සිතෙන්නේ රජ පවුලේ උපදින එකත් ලේසි වැඩක් නෙවෙයි කියලයි.

1. පදවියක් සහිත වීම සුඛෝපභෝගි අලස ජීවන රටාවක් ගත කිරීමට හේතුවක් නොවේ.

කේම්බ්‍රිජ් හි ආදිපාදවරයා සහා ආදිපාදවරිය වන් විලියම් කුමරු සහා කේට් කුමරිය වෙනුවෙන් සේවය කරන්නේ එක් දරුවන් බලාගන්නියක් පමණි. කෑම බීම ලබාදීම, නෑවීම, දරුවන් සමඟ ඇවිදීමට යාම ඇතුලු දරුවන්ගේ රාජකාරි සෑම එකකම වගකීම පැටවී ඇත්තේ ඔවුන් දෙදෙනාටයි. බොහෝ විට විලියම් කුමරු හදිසි සෞඛ්‍ය සේවාවන් සඳහා ගුවන් යානා නියමුවරයෙක් ලෙස ‍රැකියාවේ නිරත වන නිසා බොහෝ විට ඔහු ‍රැ‍ඳෙන්නේ නිවසින් පිටයි. නමුත්, දරුවන් මේ තත්වය හොඳින් වටහා ගෙන සිටින බවයි වාර්තා වෙන්නේ.

2. අන් අයගේ කාර්යයන් වලට ගරු කල යුතු බව.

මහා ‍රැජිණියගේ මෙම මී මුණුපුරන් විසින් කුඩා කල පටන්ම අන් අය විසින් සිදුකරනු මෙහෙයන් අගය කල යුතු බව ඉගෙන ගනිති. තම මෑණිය හෝ වේවා තම සේවිකාව හෝ වේවා, ඔවුන් සිදුකරන කාර්යන් වල වටිනාකම ඔවුන් විසින් අවබෝධ කරගනිති. ඒ නිසාම ඔවුන් හට තමන්ට ලැබෙන ආහාර වර්ග ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බව ඔවුන් දනිති. ඒ වගේම තැන තැන විසිරී ඇති ඇඳුම් තමන් විසින්ම එකතු කල යුතු බවත් ඔවුන් හොඳින් දන්නේ ඒ නිසයි.

3. ජීවිතයේ ප්‍රමුඛතාවය ලබාදිය යුතු පළමු දේ පවුල බව

වයස අවුරුදු 7 ක් වන ජෝර්ජ් කුමරු තම නැගණිය ගැන හොඳින් සොයාබලන බවත්, ඔවුන් දෙදෙනා හොඳ යහළුවන් බවට පත් වී ඇති බවත් වරක් කේට් කුමරිය පවසා සිටියාය. කුඩා කාලයේදීම තම පවුල් ඉතිහාසය පිලිබඳව ඔවුන් ඉගෙන ගනිති. ඒ නිසාම තම මියගිය මිත්තණිය වන ඩයනා කුමරියගේ සොහොන් කොතට යෑමටත් ඔවුන් අමතක කරන්නේ නැත. කේට් කුමරිය සහා විලියම් කුමරු තමන්ට හැකි සෑම අවස්ථාවකම දරුවන් සමඟ කාලය ගත කිරීමට උත්සාහ කරන බව දක්නට ලැබේ. ජෝර්ජ් කුමරු තම පියා සමඟ කතා කරමින් කාලය ගත කිරීමට ඉතා කැමති බවත් චාර්ලට් කුමරිය තම මවසමඟ එකතුවී කෑම පිසීමට ඉතා ප්‍රිය කරන බවත් සඳහන් වේ.

4. සෑම දෙනාටම තම අදහස් සහා සිතුවිලි විවෘතව ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති බව

රාජකියයන් නිසා තමන්ගේ අදහස් මැඩපවත්වාගැනීම වෙනුවට කේට් කුමරිය සහා විලියම් කුමරු තම දරුවන්ගේ චිත්තවේගි බුද්ධිය වර්ධනය කිරීමට ක්‍රියාකරති. ‘පාසලේදි දරුවන් එකිනෙකා සමඟ කතාබහ කරන ආකාරය දකින විට මට තේරුණා අපි ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කාලයකයි කියල. තමන් වද වෙන සහා හැ‍ඟෙන දේ තවත් කෙනෙකුට නොබියව ප්‍රකාශ කරන්න තරම් නිර්භීත පරම්පරාවක් ඇති වෙමින් තිබෙනවා ‘ යනුවෙන් විලියම් කුමරු වරක් අදහස් දැක්වුවේය.

5. අධ්‍යාපනයට මුල් තැන ලබාදිය යුතු බව

පොත් කියවීම ජෝර්ජ් කුමරුගේත් චාර්ලට් කුමරියගේත් ප්‍රියතම ක්‍රියාකාරකම වන බව සඳහන් වේ. කේට් කුමරිය විසින් තම දරුවන් ප්‍රදර්ශණ සහා කෞතුකාගාර ආදිය නැරඹීමට සහභාගී කරගැනීමට කටයුතු කරන්නීය.ලන්ඩන් හි පිහිටි Museum of National History නම් කෞතුකාගාරය නැරඹීමට ඔවුන් දෙදෙනා ඉතා ප්‍රිය කරන බවත් ඊට එකම හේතුව එහි තිබෙන ඩයිනෝසර් රුව නැරඹීමට ඇති ආශාව බවත් කේට් කුමරිය පවසා සිටියි.

6. ක්‍රීඩාවට ආදරය් කිරීම අත්‍යවශ්ය දෙයක් බව

කේට් කුමරියත් විලියම් කුමරුත් ක්‍රීඩා ලෝලින් බව ප්‍රචලිතය. කේට් කුමරිය හොකී ක්‍රීඩාවට ඉතා ප්‍රිය බවත් විලියම් කුමරු පාපන්දු, පැසි පන්දු සහා පෝලෝ ක්‍රීඩාවලට ඉතා ප්‍රිය බවත් සඳහන් වේ. නමුත්, කුඩා ජෝර්ජ් කුමරු සහා චාර්ලට් කුමරිය නම් තවමත් ක්‍රීඩා වලට විශාල කැමැත්තක් පෙන්වන්නේ නැති බව සඳහ. නමුත්, අනාගතයේදි ඔවුන් දෙදෙනාත් තම දෙමාපියන් වගේම ක්‍රීඩාවට ආදරය කරනු ඇත.

7. වයසින් බාල කෙනෙකු වුණත් පොදු තැන් වල පෙනී සිටින විට යහපත් ආචාර ධර්ම අනුගමනය කල යුතුබව

පොදු උත්ස්වයකදී හෝ ස්ථානයක පෙනී සිටින අතරේ තමන්ගේ වැරදි හැසිරීමකදී තමන්ව එම ස්ථානයෙන් ඉවත් කරන බව මේ කුඩා දරුවන් හොඳින් දනිති. හැසිරීම සම්බන්ධයෙන් රාජකීය දරුවන්ට ඉතා දැඩි නීති පණවා ඇත. කුඩා කුමරිය හෝ කුමරු විසින් නරක හැසිරීමක් සිදුකලොත් ඒ අයව නිවසේ දමා දෙමාපියන් පමණක් උත්සව අවස්ථාවට සහාභාගි වෙති.

8. නිවසේදී සැහැල්ලුවෙන් ගත කල හැකි බව

තවම එයාල අතපය කඩාගෙන නම් නැහැ. නමුත්, එයාල නිතරම උත්සහ කරන්නේ ඒකට කියලයි මට නම් හිතෙන්නේ. ජෝර්ජ් නිතරම දේවල් තල්ලු කරගෙන ඒව උඩින් පැන පැන ගේ වටේම දුවනවා. ටික කාලයක් යද්දි මේ දේවල් නවතියි කියල කවුරු හරි කරුණාකරල මගේ හිත හදන්න.’ විලියම් කුමරු සිනාසෙමින් කියා සිටියි.

9. කායික දණ්ඩනයන් ලබා නොදිය යුතුයි.

කොතරම් දඟ වැඩ කලත් කුඩා කුමරියට හෝ කුමරුට කායිකව දඬුවම් දීමට ඔවුන්ගේ දෙමාපියන් කටයු‍ටු නොකරති. ඒ වෙනුවට ඔවුන් දරුවන් හට දේවල් පැහැදිලි කර දෙන බවයි පැවසෙන්නේ.

10. ටැබ්ලට් සහ පරිගණක යනු වැඩිහිටියන් භාවිතා කරන දේවල් ය.

LONDON, ENGLAND – JULY 02: (EDITORIAL USE ONLY) Catherine, Duchess of Cambridge holds Prince George as he points to a butterfly on Prince William, Duke of Cambridge’s hand as they visit the Sensational Butterflies exhibition at the Natural History Museum on July 2, 2014 in London, England. The family released the photo ahead of the first birthday of Prince George on July 22. (Photo by John Stillwell – WPA Pool/Getty Images)

ජෝර්ජ් කුමරු සහා චාර්ලට් කුමරු දවසෙන් වැඩි කාලයක් ගත කරන්නේ නිවසෙන් පිටත බයිසිකල් පදිමින්, මඩ වලවල් වල පනිමින් වැනි කෙලි සෙල්ලම් වල යෙදීමෙනි. ඔවුන්ට ඉලෙක්ට්‍රෝනික උපාංග භාවිතය සපුරා තහනම් වේ. කේට් කුමරිය සහා විලියම් කුමරු සිතන්නේ ඒවා වැඩිහිටියන්ගේ සෙල්ලම් බඩු බවත් බොල ගසමින්, උඩ පනිමින් පිටත ‍රැඳී සිටිමින් සිදුකරන සෙල්ලම් වලින් දරුවන්ගේ පරිකල්පනය සහා නිර්මාණශීලීත්වය වර්ධනය වන බවත්ය.

11. කා‍ටුන් නැරඹිය හැකියි.

ටෙලිවිෂනය නැරඹීම මේ කුඩා කුමරියටත් කුමරුටත් තහනම් වී නැහැ. නමුත්, ඒ සඳහා දවසේ එක් වේලාවක් වෙන් කර දී තිබෙනවා. ඔවුන්ට නැරඹීමට ඉඩ ලැබෙන්නේ කාටුන් පමණයි,

12. නාස්තිය වළකමින් බුද්ධිමත්ව ලෙස දේවල් පරිභෝජනයට ගැනීමට හුරුකරවීම

අලුතින් ඇඳුම් පැලඳුම් මිලදී නොගෙන උපරිම ලෙස ප්‍රයෝජනය ලබා ගත යුතු බව මෙම දරුවන් හට කියා දීමට කේට් කුමරිය හා විලියම් කුමරු කටයුතු කරති. ඒ නිසාම කුඩා ජෝර්ජ් කුමරු සහා චාර්ලට් කුමරිය තමන්ගේ දෙමාපියන්ගේ ඇඳුම් වලින් හෝ හැරී කුමරුගේ කුඩා කල ඇඳුම් වලින් සැරසී සිටින ආකාරය දැකිය හැකියි. අලුතින් මිලදී ගන්නා දේවල් සුඛෝපභෝගි දෙවල් නොවී සාමාන්‍ය වර්ගයේ ඇඳුම් මිලදී ගැනීමට ආදිපාදවරිය නිරතුරුවම සැලකිලිමත් වන බව ද සඳහන් වේ.