රජ පවුල්වල ඉන්න නිළියන්ටත් වඩා ලස්සන සුරූපිණියන් 10ක්

ධනවත්කම, සමාජ තත්වය,මනා පෞරුෂත්වය, ප්‍රසිද්ධිය සහා ඒ සැමටම ඉහළින් සුරූපීබව සහා රාජකීය පවුලකට නෑකම් කීම මේ සෑම ලක්ෂණයක්ම එක් අයෙකුට පිහිටන්නේ ඉතා දුර්ලභවයි. නමුත්, එය විය නොහැක්කක් නොවේ. රාජකීය පවුල් වලට අයත් එවන් අතිශය ආකර්ෂණීය රූපලක්ෂණයක් සහිත සුරුපිණීයන් ගැනයි අද අපේ අවධානය. සුරුපීණියන් වීම නිසාත් රජ පවුලකට නෑකම් කීම නිසාත් ලොව අතිශය ජනප්‍රිය කාන්තා පෞරුෂයන් ලෙස හැඳින්වෙන්නේ මෙන්න මේ අයයි.

  • ඩයනා කුමරිය

‘වේල්සයේ රෝස කුසුම’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ඇය බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකාවක් වූවාය. ඇය චාල්ස් කුමරුගේ බිරිඳ සහා විලියම් සහා හැරි කුමාරවරුන්ගේ මව වූවාය. ඇයගේ අතිශය සුන්දර බව දකින ඕනම අයෙකුට ඇය ලොව සුරූපීම කාන්තාව විය නොහැකිදැයි හැ‍ඟෙනවාට සැක නැත. නමුත්, ඇය අවාසනාවන්ත රිය අනතුරකට ලක් වී අකාලයේ මියගියාය. මිය යන විට ඇය 36 වන හැවිරිදි වියේ පසුවූවාය.

  • ඇමීලියා වින්ඩ්සෝර් ආර්යාව

25 වන හැවිරිදි වියේ පසුවන ඇය බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවකි. ඇය එරට ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිණියකි. බ්‍රිතාන්‍ය රාජකීය ඔ‍ටුන්නට හිමිකම් කියන ලැයිස්තුවේ ඇය ‍රැඳි සිටින්නේ 39 වන ස්ථානයේය. බ්‍රිතාන්‍ය රජ පවුලේ සිටින සුරූපීම  තරුණියක් ලෙසයි ඇයව බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ.

  • මැඩලයින් කුමරිය

 ඇය ස්වීඩනයේ රජ පවුලේ සාමාජිකාවකි. ස්වීඩනයේ රජ කිරුළට හිමිකම් කියනා තෙවන සාමාජිකයා වන්නේ ඇයයි. ඇය ස්විඩනයේ දාසය වන කාර්ල් ගුස්ටෆ් රජුගේ සහා සිල්වියා ‍රැජිණියගේ බාලම දියණියයි.

  • ජෙට්සුන් පෙමා ‍රැජිණිය

භූතානයේ පාලන තන්ත්‍රය දරමින් සිටින්නේ 30 හැවිරිදි වියේ පසුවන ජෙට්සුන් ‍රැජිණිය විසිනි. ඇය විවාහ වී සිටින්නේ එරට වොංචුක් වාංශිකයෙකු සමඟයි. ඇයගේ පදවි නාමය වන්නේ ‘Druk Gyaltsuen ‘ හෙවත් මකර ‍රැජිණිය යන්නයි. ඇය දෙදරු මවකි. ආසියාවේ සුරූපීම ‍රැජිණිය ලෙස හඳුන්වන්නේ ද ඇයයි.

  • ග්‍රේස් කෙලී

ඇමෙරිකානු නිලි ග්‍රේස් විවාහ පත් වූයේ මොනාකෝ හි තුන්වන රේනියර් කුමරු සමඟයි. ඒ 1956 වසරේදීය. ඇය ඇමෙරිකානු රිදි තිරයේ කැපී පෙනෙන නිලියක් වූවාය.වයස අවුරුදු 52 දි ඇය මිය ගියාය.

  • චාර්ලට් කැසිරාගි

හැනොවර් හි කුමරිය වූ කැරොලයින් කුමරියගේ දියණියයි. ඇයගේ ඇඳුම් විලාසිතා නිසාම ඇය වැඩි ආකර්ෂණයක් දිනාගැනීමට සමත්ව ඇත.

  • ලෙටීසියා ඔරිට්ස්

ස්පාඤ්ඤයේ කිරුළ හොබවන ‍රැජිණියයි. ඇය හයවන ෆෙලිප් රජුගේ බිරිඳයි. ඇය මුල් කාලයේදි ‘ABC’ , ‘EFC’ සහා ‘CNN’ යන මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කලාය. ඇයගේ පළමු විවාහය අසාර්ථක එකක් වූ අතර ඇය පසුකාලයේදි  ඔස්ට්‍රියාවේ කුමරු හා විවාහ වූවාය. 2014 වසරේදි ස්පාඤ්ඤයේ රජු සිය කිරුළ අත්හැරීමත් සමඟ ඇය සහ ඇගේ සැමියා එරට රාජකීය පාලන තන්ත්‍රයට පත්වූහ.

  • කේට් මිඩ්ල්ටන්

කැතරින් මිඩ්ල්ටන් වූ ඇය 2011 වසරේදි බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ විලියම් කුමරු සමඟ විවාහ වීමත් සමඟ රාජකීය පවුලට සම්බන්ධ වූවාය. ඇය කේම්බ්‍රිජ් හි ආදිපාදවරියයි.ඇය තිදරු මවකි.

  • මේගන් මාර්කල්

ඇමෙරිකානු නිලි මේගන් මාර්කල් බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ වූයේ හැරි කුමරුන් සමඟ විවාහ දිවියට පත් වීමත් සමඟයි.

  • රානියා අල්-අබ්දුල්ලාහ්

කුවේටයේ උපත ලැබූ ඇය පලස්තීන පවුලකට දාව ඉපදුණු යුවතියක් වූවාය. ඇය ‍රැකියාව සඳහා ජෝර්දානයට ගොස් සිටි කාලයේදි ඇයට එරට රජ පවුලේ අබ්දුල්ලාහ් කුමරු මුණගැසිනි. 1993 වසරේ ඇය දෙවන අබ්දුල්ලාහ් රජුගේ බිරිඳ බවට පත් වූවාය. මේ වන විට ඇය 50 වන හැවිරිදි වියේ පසුවන්නීය. නමුත්, ඇයගේ සුන්දරත්වයේ නම් කිසිඳු අඩුවක් නොමැතිය. ඇය ශූර කතිකත්වයක් ඇති ප්‍රමුඛ පෙළේ ලෝක නායිකාවක් ලෙස ප්‍රචලිත වී සිටින්නීය