‘යෝහානිගේ ගීතය ජනප්‍රිය වුන එක අපිටත් හොදයි’ ජනප්‍රිය ගායක තීක්ෂණ කියන කතාව

කළා ලෝකයේ ඉන්න ජනප්‍රියත්වය වගේම සිත් ඇදගන්නා පෙනුමකින් යුතු හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ගායකයෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ. තීක්ෂණ මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ සුපර් ස්ටාර් වේදිකාව හරහායි. රියැලිටි වේදිකාවලින් බිහි වෙන තරු බොහොමයක ජනප්‍රියත්වය රැඳිලා තියෙන්නේ බොහොම කෙටි කාලයක් පමණයි ඒත් තීක්ෂණ අනුරාධ අදටත් ලාංකේය ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඉතින් මේ දවස්වල ගෙදරට කොටුවෙලා ඉන්න තීක්ෂණ අලුත් වැඩක් පටන් අරගෙන. ඉතින් ඒ පිලිබඳ තීක්ෂණ අප සමග කිවුවේ මෙහෙමයි ” ඔව් පොඩියට අලුත් වැඩක් පටන්ගත්තා ‘Theekshana Anuradha Music’ කියලා යූටියුබ් චැනල් එකක්. මගේ පරණ ‘Theekshana Anuradha’ කියන යූටියුබ් චැනල් එකත් තියෙනවා. ඒක හරහා සංගීතයට වඩා වෙනස් දේවල් ගෙන්න තමයි අපි උත්සහා කලේ. මම ගායන ශිල්පියෙක් නිසා සංගීතයටම වෙන්වුන චැනල් එකක් පටන්ගන්න ඕන කියලා මට හිතුනා. දැන් සංගීත වැඩ එකක අනිත් ඒවා එකක එතකොට පිලිවෙලයිනේ” කියලයි.

වර්තමාන තත්වය කළා කරුවන්ට වැඩිය හොඳ කාලයක් නෙවෙයි. මේ වනවිට අපේ රටේ තත්වය සංගීත ශිල්පීන්ට ගොඩක් නරක විදියට බලපාලා තියෙනවා. ඉතින් ඒක තීක්ෂණට දැනෙන්න ආකාරය පිලිබඳ කිවුවේ මේවගේ කතාවක් ”මම ගායන ශිල්පියෙක්. මේ වෙද්දී අපේ ක්ෂේත්‍රය හොඳටම කඩා වැටිලා තියෙන්නේ. නමුත් ගායනට අමතරව මම තව වැඩ දෙක තුනක්ම කරනවා. මටම කියලා ව්‍යාපාරයක් තියෙනවා. ඒ නිසා මේ කාලයේ මම බිංදුවට වැටුනේ නෑ. එහෙම වුන කළා කරුවොත් ඉන්නවා. ඒ නිසා මම කියන්නේ හැම කලාකරුවෙක්ටම කලාවට අමතරව වෙනත් ආදායම් මාර්ගයකු තියෙන්න ඕන” කියලයි.

දැන් ලංකාවේ ගීතයක් ඉන්දියාවේත් ජනප්‍රියයි. ඉතින් අපේ ගායක ගායිකාවන්ගේ අනාගත පිලිබඳ තීක්ෂණ කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් මේ වනවිට ලංකාවේ හැමෝටම සතුටු වෙන්න පුළුවන් කාලයක් තමයි මේක. මොකද අපේ නවක වගේම ගොඩක් දක්ෂ ගායිකාවක් වන යෝහානි ගායනා කල ගීතයක් ජාත්‍යන්තරය ජය ගෙන තියෙනවා. ඕනම සංගීත ශිල්පියෙකුගේ හීනය තමයි ඒ තැනට යන එක. දැන් ලෝකයම දන්නවා අපේ කලාව පිලිබඳ. එතැනින් තව ඉදිරියට යන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. කොහොම වුනත් මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි ගීතයක් ජනප්‍රිය වෙන්න වාසනාව තියෙන්න ඕන කියන එක. අපි නොහිතන ඇතැම් නිර්මාණ අතිශයින් ජනප්‍රිය වෙනවා, කොච්චර මහන්සි වෙලා කලත් සමහර නිර්මාණ ජනප්‍රිය වෙන්නේ නෑ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන තීක්ෂ්නගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.