‘යූ ටර්න්’ සිනමාපටයෙන් හැමෝගෙම ආදරේ දිනාගත් ගම්‍යා විජයදාසගේ සුන්දර චායාරූප 25ක්

ලංකාවේ මේ වනවිට සිනමාව තියෙන්නේ ඉන්දියානු සිනමාවට සම මට්ටමක. මෑත කාලයේ බිහුවුන සිනමාපට ගණනාවක්ම ඒ බව මනාව කියා පෑවා. ඉතින් ලංකාවේ හැමෝම ආසාවෙන් නරඹපු එවැනි සිනමාපටයක් තමයි ‘යූ ටර්න්’ කියන්නේ. මේ සිනමාපටය ලංකාවේ වෙනස්ම රැල්ලක් ඇතිකරපු සිනමාපටයක්. ඉතින් මේ සිනමාපටයට රංගනයෙන් දායක වුන සුන්දර රංගන ශිල්පිනියක් තමයි ගම්‍යා විජයදාස කියන්නේ, 1986 වර්ෂයේ උපන් ඇයට දැන් වයස 34ක් වනවා. 6 ශ්‍රේණිය තෙක් කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ගම්‍යා පසුව සිංගප්පූරුවේ Marsiling විද්‍යාලයට ඇතුලත් වනවා.

2009 වසරේ දෙරණ නාලිකාව විසින් පැවැත්වුණු වීට් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගත් ගම්‍යා විජයදාස එහිදී, සුන්දරම දෙපා හිමි යුවතිය, සහ හොඳම පෞර්ෂත්වය හිමි යුවතිය වගේම නිරෝගීම සම සහිත යුවතිය යන තරඟ කාණ්ඩයන්වලින්ද ජයග්‍රහණය හිමිකරගත්තා. ඉතින් ඇය ‘යූ ටර්න්’ සිනමාපටයට සම්බන්ද වුන ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” මම ලංකාවේ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න කලින් ඉන්දියාවේ චිත්‍රපට තුනකට රංගනයෙන් දායක වුණා. ඒ සිනමාපටවලින් දෙකක් ප්‍රධාන චරිතවලටත් පෙනී සිටියා. ඉතින් මේක මගේ වෘත්තියට බලපාන්නෙ කොහොමද කියලා මට පොඩි චකිතයකුත් ඇතිවුණා. අනුර අයියගෙත් චන්න අයියගෙත් ඉල්ලීම මට කීයටවත් අහක දාන්න බැහැ. මම රඟපාපු චරිතය මුළු චිත්‍රපටය පුරාම දිවෙන්නෙ නැති වුණත් ඒ චරිතය ගොඩක් ප්‍රබලයි. ඒ විතරක් නෙවෙයි මේ චිත්‍රපටයට දායක වුණු කලාකරුවනුත් ගොඩක් ප්‍රවීණයි. එයාලා එකතුවෙලා කරන මේ කලා නිර්මාණය සාර්ථක සහ හොඳ නිර්මාණයක් වෙයි කියලා මම විශ්වාස කළා. ඒකෙ යම් කොටසක් හෝ වෙන්න මට කැමැත්තක් තිබුණා. ඉතින් ඒ දේ සාර්ථක වුනා කියලා මම හිතනවා” කියලයි. ඉතින් ඔයාලා ගොඩක් ආදරෙන් වැළඳගත් ‘යූ ටර්න්’ සිනමාපටයට රංගනයෙන් දායක වුන ගම්‍යා විජයදාසගේ අපූරු චායාරූප එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.