‘යුටියුබ් කියන්නේ සල්ලි ආකාරයක්’ ජනප්‍රිය නළු සිකා කියන කතාව

වර්තමානය ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තියෙන බොහෝ දෙනෙකු ඇලුම් කරන මාධ්‍යයක් ලෙස යුටියුබ් කලාව හදුන්වන්න පුළුවන්. ඉතින් ලංකාවේ යුටියුබ් නාලිකා අතර “සිකාමයි” යුටියුබ් නාලිකාව හරහා හාස්‍ය අරගෙන එන ‘සිකා’ට හැමෝම වගේ ගොඩක් ආදරයි. ඔහු නමින් දුමින්ද ශ්‍රිකාන්ත. ඔහුගේ නිර්මාණ වල ඇති හාස්‍ය ගැන කතා කිරිමට මෙන්ම ඔහු පැමිණි ගමන් මඟ ගැන කතා කරන්නයි මේ සුදානම. වසර ගණනාවක්ම ප්‍රහසන රංගන ශිල්පියෙක් ලෙස ජනප්‍රිය වුන දුමින්ද ඕනම කෙනෙක් හා සුහදව ජිවත් වන සරළ පුද්ගලයෙක්. ඒ වගේමයි ඕනෑම කෙනෙක්ට උදවුකරන අවංක චරිතයක්.

යුටියුබ් හරහා පමණක් නෙවෙයි මේ වනවිට දුමින්ද “රේස්” ටෙලිනාට්‍යයේ දි අපිට දකින්න ලැබෙනවා. ඇත්තටම දුමින්ද මේ ගත කරන කාලයත් ඔහුගේ ගමනත් ගැන කිවේ මෙහෙම අදහසක්. “මේ දවස් වල මම මගේ හාස්‍ය තේමාවෙන් යුටියුබ් එක කරගෙන යනවා.ඒ අතරේ ටෙලිනාට්‍ය තුළින්ද ජනතාව අතරට එනවා. ඇත්තටම අපිට යමක් කිරිමට දක්ෂකම අත්‍යවශ්‍ය වෙනවා. මම කැමති මගේ දේවල් දියුණු කරගෙන ඉදිරියට යන්න. හරිම දේ හරිම විදිහට කරන්නත් අතිතයේ ලද අත්දැකිම් එක්ක අනාගතය හදාගන්නත් මම කැමතියි. ඇත්තටම ජිවිතේ ජය ගන්න අපිට ලේසියි, හරි දේ කරද්දි. ඒ වගේම මගේ මතය කිසිම මොහොතක දක්ෂකම මුදල් මත පදනම් නොවිය යුතුයි. ඇත්තටම සමහරු යුටියුබ් ගැන හිතන්නේ සල්ලි හොයන මාර්ගයක් විදිහට. යුටියුබ් කියන්නේ සල්ලි ආකාරයක් තමයි. හැබැයි ඇත්තම කතාව කොයිම වෙලාවකවත් අපේ අරමුණ සල්ලි ⁣නොවිය යුතුයි. අනික මගේ වැඩ කටයුතු කිසිම වෙලාවක යුටියුබ් මතම තිරණය වෙලා නෑ. ඉතින් මම කල්පනාවෙන් ඉවසිමෙන් අත්දැකිම් වලින් මගේ ඉදිරි ගමන යනවා. සමහර විට ඒ ගමන බොහොම හෙමින් යන ගමනක් වෙන්න පුළුවන්.” කියලයි.

ඒ වගේම දුමින්ද මේ දිනවල පවතින තත්වය හමුවේ ඔහුගේ වෘතීය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”දැන් බලන්න අපිට අපේ ජීවිතේ බේරගන්න එකම තැනකටවෙලා ඉන්න වෙලා ඉතින් මේ ප්‍රශ්න අතරේ මට පාස් එකක් හදාගෙන මට ආව දැන්වීම් කරන්න ඕනෑතරම් අවස්තාව තිබුනා. නමුත් මම එහෙම කලේ නෑ මොකද මම හිතන්න ඕන මම ගැන විතරක් නෙවෙයි. මගේ පවුලේ අය ගැන මගෙත් එක්ක වැඩ කරන පිරිස් ගැන කොටින්ම කියනවනම් මම දැන් රටගැනත් හිතන්න ඕන. මගෙන් මේලෙඩේ කාටවත් බෝවෙන්න ඕන නෑ කියන තැනයි මම ඉන්නේ. මේක අපි හැමෝටම අමාරු කාලයක් ඒ කොහොම වුනත් මම මගේ වගකීම් ටික මට පුළුවන් උපරිමෙන් ඉටුකරනවා” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සිකා ගේ සුන්දර පින්තුර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.