‘යාපනේ අධ්‍යක්ෂකවරු මාව හොයන් පෝලිමේ එන්නේ’ පල්ලවීට වඩා සුන්දර හිරූෂි කියන කතාව

සුන්දර හිනාවකට මෙන්ම සුන්දර කෙස් වරලකට හිමිකම් කියන ඇය නමින් හිරුෂි වසුන්දරා. 1995 වර්ෂයේ උපත ලබන හිරුෂි මේ වන විට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක්. ඇය සිංහල ජනතාව අතරේ පමණක් නෙවෙයි මේ වන විට දෙමළ ජනතාව අතරේද බෙහෙවින් ජනප්‍රිය සුන්දර යුවතියක්. ඉතින් මේ තරම් ජනතා ආදරයක් දිනාගත්තේ කොහොමද කියලා හැමෝටම ප්‍රශ්නය ඉතින් අපි හිතුවා ඇයගෙන්ම ඒ ගැන අහන්න.

හිරුෂි⁣ ජනතාවගේ මේ තරම් ආකර්ෂණයක් දිනාගත්තේ කොහොමද “ඇත්තටම ඒක හරි වෙනස් දෙයක්. සිංහල ගුරුතුමිය නමින් කළ ඡායාරූප කීපයක් නිසා සිංහල මෙන්ම දෙමළ ජනතාව අතරට එන්න මට පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසාම මට ඉන්දියා කේරළයේ මලයාලම සිනමාවටද මට දොරටුව විවර වෙනවා. ඇත්තටම මට අද දකු⁣ණේ සිංහල අය වගේම උතුරේ දෙමළ අයත් ගොඩක් ආදරේ කරනවා. දමිල අධ්‍යක්ෂකවරු ගොඩක් මට කතා කළා. අද වුනත් මම යාපනේට ගියොත් මට වැඩ තියෙනවා.” කියලයි.

රංගනය සිය වෘත්තීය නොවන හිරුෂි නීතිය පිළිබද ඉගෙන ගන්නේ ඇය අනාගතයේදි නිතිය ඇගේ වෘත්තීය කරගැනිමේ අරමුණින්. අදවන විට නොමිලේ පරිගනක අධ්‍යාපනය ලබා දෙන ආයනතයක ඇය ගුරුවරියක ලෙස කටයුතු කරන්නේ ඉඩක් ලැබෙන විට කලාවටද සමබන්ධ වෙමින්.

හිරුෂිට දෙමළ ජනතාවගේ කලා කටයුතු වලට විතරද සම්බන්ධ වෙන්න හැකි වුයේ “එහෙම දෙයක් නෑ. හැබැයි මට වැඩිපුරටම සම්බන්ධ වෙන්න වුනේ දෙමළ චරිත සදහා. මම දෙමළ මියුසික් විඩියෝ සදහාද සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි පසු කාලයේ බොහෝ දෙනෙක් වැළදගත් ‘පාවෙලා වළාකුලේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් හිමි වෙනවා. ඉතින් මම කාත් එක්කවත් තරඟයක් නැතුව තමා මේ ගමන යන්නේ. මොකද කලාව කියන්නේ මගේ වෘත්තීය නෙවෙයි.

ලංකාව තුළ හිරුෂි වැඩි කතා බහට ලක් නොවුනත් මේ වන විට ඇයට ඉන්දියාවේ මලයාලම් තෙලිගු වැනි චිත්‍රපට කිහිපයකට ආරාධන ලැබි තිබෙනවා. හිරුෂි පවසන්නේ ඇය ඇගේ සතුට වෙනුවෙන් කලාව හදාරන බවයි. ඉදිරියේදි ලංකවේ දෙමළ අධ්‍යක්ෂකවරයෙක් ය⁣ටතේ වැඩ කිරිමට ඇයට අවස්ථාව හිමිව ඇති බවද ඇය අප සමඟ කියා සිටියා.