යන්න බය හිතෙන මාර්ග 14ක්

අපි කතුරු ඔන්චිල්ලාවක යනකොට දැනුන අත්දැකීම ඔයාට මතකද? ඒක හරියට අපේ හදවත එලියට එන්න තරම් වගේ කියාගන්න බැරි අත්දැකීමක්. ඉතින් අද බලමු ත්රාසයත් පුදුමයත් පිරුණු ඒවගේ මහා මාර්ග 14ක් ගැන.

චීනයේ ග්වෝලියන්උමං මාර්ගය.

ග්වෝලියන් කියන ගමේ , වර්ෂ 1970දී තමයි මේ කඳුමැද්දෙන් මේක හදල තියෙන්නේ. කිලෝමීටර් 1.2ක් දිග ඒ වගේම 4 km පළල උමගක්වන මේකෙ කවුළු තියල තියෙනවා. ඔවුන් මේ කවුළු හදලා තියෙන්නෙ අත් උපකරණවලින් විතරයිලු.

තායිලන්තයේ Maeklong දුම්රිය මගේ වෙළඳපොල.

මේ වෙළඳපල දැක්කානේද? ඇත්තටම එයාල කෝච්චි සද්දේ ඇහෙනකොට ඉක්මනට බඩුටික එහාට ඇදගන්නව ලු.

බොලීවියාවේ යුන්ගාස් මාවත.

බොලීවියාවෙ la paz හා Coroicoනම් නගර අතර මේ පාර වංගු ගොඩක් තියෙන වාහන දෙකන් මාරුවෙන්නත් බැරිතරම් පටුපාරක්. මේක පිහිටල තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 360 ත් 3300 අතර උසකිනුයි. ඉතින් යන්න බයයි නේද..

ඕස්ට්රේලියාවේ Eyre Highway

බැලූ බැල්මට අනතුරක් නෑ හොඳ පාරක් නේද? නෑ ඒත් එහෙම නෑ. මේ පාර කෙලින්ම දිවන නිසාත් සමතලා නිසාත් අනතුරු බහුලයි. හේතුව රියදුරන්ට නින්දයාමයි.

ඉක්වදෝරයේ ” Nose of Devil” (යක්ෂයාගේ නාසය)

මීටර් 800 කපමණ උන්නතාංශයක් සහිත මේ පාර ” Nose of devil ” නම් ගමේ පිහිට නවා. පාර පටුයි වගේම භයානකයි. සංචාරකයෝ ඉස්සර මේ වගේ වාහනඋඩ නැගලා මේ පාරෙ ගියාලු. ඒත් ඒක අවදානම් නිසා පස්සේ ඒක තහනම් කරලා තියෙනවා.

ඉන්දියාවේ Pambanනම් පාලම

Pamban දූපතතෙක් තියෙන මේ පාලම වර්ෂ 1964 දී තමයි හදල තියෙන්නෙ. දරුණු සුලි කුණාටුවකට අහුවෙලා මේක එකපාරක් කැඩිලත් තියෙනවා. මේකෙ කෝච්චිත් යනවා. ඉතින් සුලඟේ වේගය 55 km වලට වඩා වැඩි උනොත් ඒ කෝච්චිවලට අනතුරු ඇඟවුම් ලබාදෙනවලු.

පාකිස්තානය හා චීනය අතර ඇති “කකාකෝරම් ” මහා මාර්ගය.

උන්නතාංශය වැඩි මේ පාර කිලෝමීටර් 1300ක් දිගයි. වැසි කාලයට මේ පාර සෝදන් යනනිසා ගොඩක් ලෙස්සනවා. ඒහන්දා වැසිකාලෙට මේ පාරෙ යන්න තහනම්.

ප්රංශයේ ” Passage du Gois “

වඩදිය වෙලාවෙදි මීටර් 4 වගේ යටවෙන මේ පාරෙ යන්න පුළුවන් දවසට දෙපාරක් වගේලු. පේනවනෙ පාර දෙපැත්තෙම වතුර.

ඉන්දියාවේ Leh – Manali මාර්ගය.

උන්නතාංශය අඩි 13,123 සිට 16,404 වන මේ උස් කඳු මුදුනේ තියෙන පාර වංගු ගොඩක්තියෙන හරිම අවදානම් පාරක්.

TianmenMountain Road – චීනය.

වංගු 99ක් තියෙන , කිලෝමීටර් 11 දිග කඳු මුදුනේ තියෙන බෞද්ධ පංසලට දිවෙන මේ මාර්ගයේ පරෙස්සමින් U හැරවුම් ගන්න වෙනවා.

බොලීවියාවේ ” Sallar de Uyuni “

මුහුදු මට්ටමේසිට උස 3,650 m උසින් පිහිටන මේ වියලි බිම සහිත මාර්ගය හුදකලා එකක්. ඇත්තටම මෙහේ ඔබේ දුරකථනයට සිග්නල් තියෙන එකක්නම්නෑ. ඒ වගේම තනියෙන් යන එකත් සුදුසුන්ම් නෑ. අතරමංවෙන්න පුළුවන්. ඒ වගේම මෙහි රාත්රි උෂ්ණත්වය සෙල්සියස් – 30 ක් විතර වෙනවා.

නවසීලන්තයේ ” Skippers Canyon “

කඳු-හෙල්-බෑවුම් තියෙන මේ පාලම් පාර හරි අවදානම්. ඒ හංඳාම වාහන කුලියට දෙනඅය මේ පාරෙ යන වාහනවලට ඉන්ෂුවරන්ස් දෙන්නෙත් නෑලු.

අමෙරිකා එක්සත්ජනපදයේ ” James W.Dalton ” මාවත

කිලොමීටර 175 දිග මේ මාරිගය ඇලස්කාව දක්වා දිවෙනවා. ඇත්තටම මේ අතරමග තියෙන්නෙ පිරවුම්හල් තුනකුත් ,එක් වෛද්ය මධ්යස්ථානයකුත් විතරයි. ඒ වගේම මේක යනවන්ම් ඇලස්කානු නීතිවල ටයටත්වෙන්නත් වෙනවා.

ආජන්ටිනාවේ ” වළාකුළුවලටයන දුම්රිය “

මේ ලස්සන නම ඒකට දාල තියෙන්නෙ සමහර වෙලාවට මේ කෝච්චිය වලාකුළු අතරින් යනවා වගේ පේනනිසා. ඔව් ඒතරම් උසකින්තමයි මේ රේල්පාර තියෙන්නේ. විටෙක සර්පිලාකරවත් ,උමං 21ක් පහුකරන් කිලෝමීටර් 217 දිග පාරක පාලම් 42 ක් අතරින් යන ගමනනම් ආකර්ෂණීය ඇති.