‘මොන ලවු ද අනේ මම තාම චූටියි නේ’ ජනප්‍රිය නිලි කස්තුරි ජයවර්ධන කියන කතාව

2019 දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ දෙවනි ස්ථානයට අභිෂේක ලබමින් රංගන ශිල්පිනියක ලෙසට රංගන දිවියට එළඹෙන ඇය කස්තුරි ජයවර්ධන. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකින් ඔබ හමුවට එන මේ රුවැත්තිය පිලිබඳ පොඩ්ඩක් කතා කරන්න අපි හිතුවා. හුස්මක් තරමට ටෙලිනාට්‍යයෙන් ජනතාව අතරට පැමිණි ඇය, මේ වන විට සිරස නාලිකාවේ ‘නීල පබළු’ නාට්‍යයෙන් ජනතාව අතරට එන්නේ ගමක ඉදල් කොළඹ ආව සුන්දර තරුණියක වන ‘මහිමා’ගේ චරිතය තුලින්. ඒ වගේම ‘පෝර්ක් විදියේ’ ගුරුතුමියක් ලෙසත් ඉදියේදි දිග හැරෙන ‘දිග දවසක්’ ටෙලිනාට්‍ය තුලිනුත් අපට ඇය හමුවන්න පුළුවන්. ඇය සැප්තැම්බර් ජනතාවට අතරට එන්න තියෙන ‘දිග දවසක්’ ⁣ටෙලි නාට්‍ය පිලිබඳ කස්තුරි කිවුවේ මේ වගේ කතාවක්. “දිග දවසක් ටෙලිනාට්‍යයේ ‘කුමී’ කියන චරිතය තමා මට ලැබුනේ. ඇත්තටම ඒ චරිතයට මම ගොඩාක් කැමැතියි. මම එවැනි චරිතයක් කිරීමට ආශාවෙන් හිටියේ. ගැමි කාන්තාවක් වයසින් වැඩි පිරිමියෙක් සමග විවාහ වෙලා ඒ ජීවිතයට එන හැලහැප්පිලිත් එක්ක තමයි ‘කුමී’ට ජීවත් වෙන්න සිදුවෙලා තියෙන්නේ. ඒක වෙනස්ම අත්දැකිමක් විදිහටයි මම දකින්නේ” කියලයි.

කස්තුරිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුයේ දෙරණ අවුරුදු කුමරිය කිවොත් නිවැරදි. මොකද ඒ සමඟම ඇයට නොසිතු ලෙස වාසනාව කියන දේ උරුම වුනා. ප්‍රෙක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙන්න වාසනාව වගේම ඇගේ ජනප්‍රියතාවය ඇයට හේතුවක් වුනා කිවොත් නිවැරදියි. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න කස්තුරි ඇයගේ ආදරය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක්. ” මොන ලවුද අනේ මම තාම පොඩි කෙනෙක්, ඉතින් ආදරය ගැන මම හිතලා නෑ තාම. ඒ වගේම මේ කාර්යබහුල ජිවිතේ එක්ක ආදරය ගැන හිතන්න මට වෙලාවක් නැති තරම්. හැබයි ආදරයෝජනානම් ගලාගෙන එනවා. කොහොමත් කෙල්ලන්ට ඒවා සාමාන්‍ය දවල් නේ. ටික කාලයක් මෙහෙම ඉඳලම ආදරේ ගැන හිතනවා” කියලයි.

ජනප්‍රියත්වය කෙතරම් හිමි වුවත් ඇයට කාගෙන් හෝ අනිසි බලපෑම් එල්ල වුවත් ඇය ඇගේ ප්‍රතිරූපය පාවා දිමට සුදානම් නැති බව ඇය කියා සිටියා.කෙනෙක් ජිවිත් වෙන විදිහටයි බලපෑම් එල්ල වෙන්නේ, ඒ නිසා හරියට ඉන්න තුරු බලපෑම් එල්ල නොවෙන බවයි ඇගේ අදහස. ඇය අද ඉන්න තැන ගැන ඇයට වඩා ඇගේ පවුලේ අය සතුටු වෙද්දි ඒ සතුට තරම් වෙන සතුටක් ඇයට නැති බවත් ඇය හෙමින් තමන්ගේ ජිවිත කට⁣යුතු කරගෙන කා සමඟවත් අභියෝගයක් නැතුව සිය හැකියාවෙන් පමණක් ඉදිරියට යන බවත් අවසාන වශයෙන් ඇය කියා සිටියා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.