‘මොනවා කලත් යන එකා යනවා, බැන්දනම් අද මම මෙතන නෑ’ ජනප්‍රිය නිලි දිනිති වල්ගමගේ කියන කතාව

ගුවනේ හැඩකාරියක් ලෙස මෙන්ම දක්ෂ රංගන ශිල්පිනයක් ලෙසටත් බොහෝ දෙනෙකුගේ කතාවට ලක් වන චරිතයක් තමයි දිනිති වල්ගම කියන්නේ. ඉතින් අපි හිතුවා මේ දවස්වල ලංකාවේ තරුණයන් ගොඩක් වශීවෙලා ඉන්න දිනිති පිලිබඳ පොඩ්ඩක් කතා කරන්න. අයි.ටි උපාධියක් හිමි ඇය ඉතා ගුවන් සේවිකා රැකියාවට යොමු වන්නේ ඇගේ කැමැත්ත මතයි. එහෙත් ඇය දුර විදේශ සංචාර වලදි ඇගේ මවගෙන් ලැබෙන්නේ විරුද්ධත්වයක් ලු ඉතින් ඒ පිලිබඳ දිනිති කිවුවේ මෙහෙමයි. “දුර රටවල් වලට ෆ්ලයි කරනවා කිවුවම අම්මා එපා කියනවා. මොකද එයා මට ගොඩක් ආදරෙයි. ලෝකේ තියෙන අවදානමත් එක්ක එයාට එයාගේ දුව ගැන බයක් ඇති. එයාට ඉන්නේ මම විතරනේ.” කියලයි.

රටට අත්‍යවශ්‍ය සේවාවක් වන ගුවන්සේවිකාවක් ලෙස රැකියාවෙහි නිරතවන ඇය, ඇගේ යුතුකම ඉටු කරන අතරේ රට වෙනුවෙන් දෙවරක් නොසිතා ඉදිරියට එන බවද ඇය පවසා සිටියා. ඒ වගේම ඇය සිය ජිවිතේ අභියෝග වලට බෙහෙවින් කැමති බවත් අපසමග කියාසිටියා. ගුවන් සේවිකාවක් වුවත් ඇය රංගනය යොමු වන්නේ සිය රැකියාව ඉන් බාධාවක් නොකරගෙනයි. විටෙක ඇය ගුවන් යානයෙන් බසින්නේ රංගන කටයුතු වලට පිටත් වි යාමට. ඇය රැකියාව හා රංගනයට විශාල කැපකිරිමක් කරන බවත් පැවසුවා.

දිනිති රංගන දායකත්වය ලබා දෙන්නේ තෝරාගත් නිර්මාණ වලට පමණයි. ඉතින් ඒ පිලිබඳ දිනිති අපි එක්ක කිවුවෙ මේ වගේ කතාවක් ” මම ඇදුම් මාරු කරනවා වාගේ මම වැඩ බාරගන්නේ නෑ. තෝරගත්ත නිර්මාණ වලට මම අනිවාර්යයෙන් මගේ උපරිම කැප විම යොදවනවා. මොකද නිවාඩු වෙලාවල් තමයි මම රංගනය වෙනුවෙන් යොදාගන්නේ. ඉතින් මෙගේ නිවාඩුවට තේරුමක් තියෙන්නේ ඕන ඉතින් ඒ නිසා සල්ලි කොච්චර දෙනවා කිවුවත් හරයක් නැති නිර්මාණ මම බාරගන්නේ නෑ” යනුවෙනි.

ලැබෙන සුළු චරිතයට පවා සාධාරණයක් ඇය අතින් ඉටුවනවා කිය යුතුයි. හාරකෝටිය, කෝටිපතියෝ ඉන් නිදසුන් ලෙස ගෙනහැර දැක්වන්න පුලුවන්. මින් ඉදිරියටත් ඇය විවේකය අනුව සිය ජිවිතය රංගනය සදහා කැප කරන්න සුදානම් බවද ඇය පවසා සිටියා. එහෙත් ඒ සියල්ල ඇය රැකියාව හා පටලවගන්න සුදානම් නැති බවද කියා සිටියා.

අවසාන වශයෙන් ඇය රංගනයේදි බලපෑමක් එල්ල වුවහොත් යන කරුණ මත පිළිතුරු දැක්වුයේ මෙසේ. “මම නම් දන්නේ නැහැ. මට එහෙම අයුතු බලපෑමක් ආවොත් කොච්චර හොඳ චරිතයක් වුණත් දෙවරක් නොසිතා එකපාර ප්‍රතික්ෂේප කරනවා. රංගනය කියන්නේ මගේ කැමැත්ත, තෘප්තිය විතරයි. ජීවත් වෙන්න මට හොඳ රැකියාවක් තියෙනවා. කාගෙවත් අනිසි බලපෑම්වලට මම යටත් වෙන්න කොයිම මොහොතවත් අවශ්‍ය වෙන්නේ නෑ කියලා මම හිතන්නේ”යනුවෙනි.

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දිනිති ආදරය සහ විවාහය පිලිබඳ දරන්නේ මේ වගේ මතයක් ”මෙහෙමයි කාන්තාවක් වුනාම කාටවත් යටත් වෙලා ඉන්න ඕන නෑ. බලන්න මෙගේ දිහා මට ජොබ් එකක් තියෙනවා ඒ වගේම මම දැන් හැමෝම දන්නවා, ඉතින් මම කාටවත් යටත් වෙලා නෑ. අනික විවාහ වෙලා හිටියනම් අද මම මේ තැන නෑ. ඒ නිසා මම කාන්තාවන්ට කියන්නේ තමන් ස්ථාවර වෙන්න කාටවත් යටත්වෙන්න කාගෙන්වත් යැපෙන්න එපා යන එකා කොහොමත් යනවා ඉන්න කෙනා ඉන්නවා තමන් ස්ථාවවරයිනම් කවුරු ගියත් කවුරු ආවත් ප්‍රශ්නයක් නෑ” කියලයි.