‘මොනවා කලත් මගේ තැන හේමාල්ට කීයටවත් ගන්න බෑ’ ජනප්‍රිය නළු රොෂාන් රණවන කියන කතාව

තරුණියන්ගේ හිත් සොරාගත් සිහින කුමාරයා, නැත්නම් යුගයේ කඩවසම් රංගන ශිල්පියා රොෂාන් රණවන. අද අපේ ඉඩ වෙන් කරන්නේ මේ සොදුරු කලාකරුවා වෙතට. 1981 උපත ලබන රොෂාන් කලාවට සම්බන්ධ වෙන්නේ 2004 වර්ෂයේදි. ඒ ‘හිරිපොද වැස්ස’ සිනමාපටය හරහා. 2006 වර්ෂයේ ප්‍රක්ෂේකයන් අතරට එන මෙම සිනමාපටය නිසා, 2007 වර්ෂයේ හොඳම නැගි එන නළුවාට හිමි සම්මානය දිනාගන්න රොෂාන්ට පුළුවන් වෙනවා. දෛවය කියන්නේ හරි පුදුමාකාර දෙයක් බවට සනාථ වෙන්නේ රොෂාන්ගේ පළමු නිර්මාණයෙන්ම ජනතාවගේ ආදරය දිනාගන්න වගේම ජනතාවගේ ගෞරවයට ලක් වන්න ඔහුට පුළුවන් වීමයි.

මේ වනවිට ආදරණිය සැමියෙක් ආදරණිය ⁣පියෙක් වන රොෂාන්ගෙන් අපි ආදරය ගැනම අහන්න හිතුවේ ඔහු සිනමාව තුළ ප්‍රසිද්ධ වුයේ ආදරණිය පෙම්වතෙකුගේ චරිතය නිසායි. “ඇත්තටම ජිවිතේ මම අද සාර්ථක කෙනෙක්. අපි හැමෝම ආසය අපි හැමෝම කැමතියි ආදරය ලබන්න. කුෂ්ලානි කියන්නේ වචනයෙන් කියන්න බැරි කැපකිරිම් ගොන්නක් මම වෙනුවෙන් කරන් ආදරණීය බිරිඳක්. සමහර විට ඇගේ ආදරේ නිසාම මට ⁣මගේ ගමන යන්න ලේසි වුනා. සමහර වෙලාවට මට මඟ හැරෙන ගොඩක් දේවල් මතක් කරලා දෙන්නේ කුෂ්ලානි. මටම වෙන් වුන මේ වගේ ආදරයක් ලබන්න මම ගොඩක් පින් කරලා තියෙනවා. අපිට ජිවිතේ අත්‍යවශ්‍යම දේ ආදරය. වෙලාවකට ප්‍රෙක්ෂකයන්ට මාත් එක්ක කතා කරන්න පවා ඉඩ වෙන් කරලා දෙන්නේ කුෂ්ලානි. කතාවට කියනවනේ සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම සාර්ථක ගැහැණියක් ඉන්නවා කියලා. ඒ කතාව ඇත්තටම මම විස්වාස කරනවා ” කියලයි.

සිනමාව පමණක් නොව ටෙලි නාට්‍ය තුළද රොෂාන් දකින්න හැකි වෙනවා. රොෂාන් වසුදා ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වු අමල්ගේ චරිතයද ජනතාව ගොඩක් ආදරයෙන් වැළද ගන්නවා. රොෂාන් කියන්නේ ලැබෙන චරිත තෝරා බේරාගෙන රඟදක්වන නළුවෙක්. ‘ෆේස් ටු ෆේස්’ චිත්‍රපටය තුළින් ඔහු වෙනම චරිතයකට යොමු වුයේ පතාල නායකයෙකුගේ පුතෙකු ලෙසයි. ඉතාම දීර්ඝ කාලයක් පෙම්වතාගේ චරිතයට පනපොවපු රොෂාන් විලන් චරිතයක් තෝරාගැනීම පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මට ඕන උනා වෙනසක් කරන්න. හැමදාම එකම විදියට දකින රොෂාන් ටිකක් වෙනස් විදියට ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න මට ඕන වුනා” කියලයි.

කඩවසම් බව වගේම ඔහුගේ සුන්දරත්වය රැකගන්න රොෂාන් කරන්නේ මොනාද යන්න අපි අහපු ප්‍රශ්නයට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරක්. “ඇත්තටම මම ව්‍යායාම වලට මුල් තැන දෙන කෙනෙක්. ආහාර ගැන වගේම ව්‍යායාම ගැනත් මම හිතනවා. එළවළු, පළතුරු, ධාන්‍ය වර්ග වගේ දේවල් තමා මම ආහාරයට ගන්නේ. හැබැයි ඔය මොන දේ ⁣කලත් කෙනෙකුගේ ශරිර සෞඛ්‍ය වෙනුවෙන් බලපාන ප්‍රධාන දේ මානසික සතුට. ඉතින් මම ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්. ඒ නිසාම මම මගේ ශරිරය සෞඛ්‍යයට මානසික සතුට කියන දේත් එකතු කරගෙන තියෙනවා.” කියලයි.

කොහොම වුනත් ලංකාවේ සිහින කුමාරයා වුන රොෂාන්ට හේමාල් රණසිංහගේ සිනමා ආගමනය එක්ක රංගන ජීවිතයේ අඩියක් පස්සට ගන්න වුනා කියලා ගොඩක් අය කියනවා ඉතින් ඒ ගැන රොෂාන් අපිට කිවුවේ මෙහෙමයි ”මෙහෙමයි කාලෙන් කාලෙට අලුත් අය එනවා. අපිට ඒක නතර කරන්න බෑ. මගෙන් පස්සේ හේමාල් ආවා. එහෙමයි කියලා මට වැඩ අඩු උනේ නෑ. හැබැයි මගේ වැඩ වල ප්‍රචාරණය අඩු උනා. කොහොම වුනත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි, ලංකාවට රොෂාන් රණවනලා ඉන්නේ එක්කෙනයි. ඒ තැන හේමාල්ට ගන්න බෑ. ඒ වගේම තමයි මට හේමාල්ගේ තැන ගන්නත් බෑ. හැබැයි තරඟයක් තියෙන්න ඕන එතකොට තමයි දෙන්නට සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. හේමාල් කියන්නේ දක්ෂයෙක් ඉතින් එයා එයාගේ විදියට රඟපානවා මම මගේ විදියට රඟපානවා එච්චරයි” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන රොෂාන්ගේ පින්තූර කිහිපයක් තමයි මේ.