මේ වගේ වැඩකට සම්බන්ද වෙන්න ලැබුන එකත් ලොකු වාසනාවක් – දිනිති

ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනාගන්නා යොවුන් රංගන ශිල්පිනියක් ලෙස දිනිති වල්ගමගේ අපට හඳුන්වන්න පුළුවන් දැනට සිරස රූපවාහිනියේ විකාශය වෙන වොයිස් වැඩසටහන සමග සම්බන්ධව සිටින ඇය. ඉදිරියේදී නිකුත් වීමට නියමිත ටෙලි හා සිනමා නිර්මාණ රැසක් හරහා ප්‍රේක්ෂක ඔබට දැකගන්න පුළුවන් වේවි, ඉතින් අද අපේ කතාබහා ඇය සමගයි

  • දිනිති මේ දවස්වල ඔබ නිවේදිකාවක් විදිහට අපි දකිනවා?
  • ආ ඔව්, සිරස නාලිකාවේම විකාශය වුණ ‘ෆිල්ම් ස්ටාර්’ වැඩටහනෙන් සෑහෙන්න කාලෙකට පස්සේ තමයි මම නිවේදිකාවක් විදිහට ආයෙත් ‘වොයිස්’ වැඩසටහන සමග සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. ඇත්තටම ‘වොයිස්’ සමග වැඩ කරන්න ලැබුණ එක මට ලොකු භාග්‍යයක් මොකද මම මේ වැඩසටහනේදී වැඩ කරන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ සිටින අති දැවැන්තම පිරිසක් එක්ක ඒ වගේම ‘වොයිස්’ කියන්නේ ජාත්‍යන්තරයේ ඉහළම ප්‍රසාදය දිනාගත්ත සංගිත වැඩසටහනක්
  • අපි තවමත් ඔබ මේ වැඩසටහන තුළ ඔබ නිවේදිකාවක් විදිහට දක්කෙනම් නැහැ?
  • මේ වැඩසටහනේ තවම තියෙන්නේ මුල් අදියරේ මෙම තරගයට එකතු වුණ තරගකරුවන් හා තරගකාරියන්ගේ පවුල්වල උදවියත් එක්ක තමයි මම ගොඩක් වෙලාවට මේ කොටස්වල පෙනී ඉන්න තියෙන්නේ. ලබන වසරේ පෙබරවාරි මාසේ ඉඳලා විකාශය වෙන කොටස්වල මම මේ වැඩසටහනේ ප්‍රධාන නිවේදිකාව විදිහට කටයුතු කරනවා
  • දිනිතිට මේක අලුත් අත්දැකිමක් නේද?
  • ඇත්තටම මේක මට අලුත්ම අත්දැකිමක් මොකද කියනවනම් මේක ලෝකයේම ප්‍රසිද්ධ වුණ සංගීත වැඩසටහනක් ඒ වගේ එකකට සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබුණ එකම ලොකු වාසනාවක්.
  • දිනිති ‘වොයිස්’ තරගයගේ ඉදිරිපත් කිරීම සමගද පමණද මේ දිනවල කාලය ගෙවන්නේ?
  • රටේ පවතින මේ තත්වය නිසා ගොඩක් කලා නිර්මාණ අතරමඟ නැවතිලා. පසුගිය කාලයේ චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. ‘ආශාවරි’ කියන චිත්‍රපටයේ වැඩ ඉවර වුණා. ‘අම්මා’ කියන චිත්‍රපටයේ වැඩ කටයුතු පොඩි පොඩි ප්‍රශ්න ටිකක් නිසා අතරමඟ නැවතිල තියෙන්නේ. ඒ වගේම ටෙලි නාට්‍ය දෙකකුත් භාරගත්තා වැඩ කරන්න. ඒවාත් මේ ප්‍රශ්න නිසා අතරමඟ නැවතිලා තියෙන්නේ. ගුවන්ගමන් වාරත් යනවා අඩු නිසා මම පොඩි නිවාඩුවක් අරගෙන ‘වොයිස්’ එක්ක වැඩ කරන්න ගත්තා