මේ වගේ බිරිඳක් වෙන්න බැරිනම් කසාද බඳින්න එපා

“සෑම සාර්ථක මිනිහෙකු පි‍ටුපසම ගැහැණියක් සිටියි” යන කියමන ඔන්න අධ්‍යනයකින් ද හෙලි වෙලා තිබෙනවා. විවාහය කියන්නේ දෙදෙනෙකුගේ එක්වීමක් විතරක්ම නෙවෙයි. එය සැමියා සහා බිරිඳ යන දෙදෙනාගේම ජීවිතයේ ප්‍රගමනය කරා යොමුකරන හැරවුම් ලක්ෂ්‍යයයි. නවතම විද්‍යාත්මක පර්යේෂණයකින් තහවුරු වී ඇත්තේ මෙවා හුදෙක් හිස් වචන නොවන බවයි.

යුග ජීවිතයේ සහයෝගයයි වඩාත් වටින්නේ

 ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැ‍රැක් ඔබාමා තම දේශපාලනික ගමන්මගේ සාර්ථකත්වය ගැන සම්පූර්ණ කෘතඥතාවය පළකරන්නේ තම බිරිඳ මිචෙල් ඔබාමා හටයි. ඔහු පවසන විදියට ඇය නොමැති නම් ඔහුට එතරම් ජයග්‍රහණ ජීවිතයේ ලැබෙන්නට නොතිබුණා විය හැකි බවයි. විවාහ ජීවිතය තුලදී එක් අයෙකුහ්ගේ සාර්ථකත්වය සඳහා දෙදෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධය සහා සහයෝගය ඉතා වැද්ගත් ය. University of Carnegie Mellon හි සිදුකල විද්‍යාත්මක පර්යේෂණයක නිගමන පළකරතිබූ අතර එහි මේ බව වඩාත් පැහැදිලිව දක්වා තිබෙනවා. එහි සඳහන් වන්නේ ඉතා විශාල සහයෝගයක් ලබාදෙන බිරිඳක් සිටින සෑම සැමියෙකුටම ජීවිතයේ සාර්ථකත්වයේ හිනි පෙත්තටම ගමන් කිරීමට තරම් විශාල සම්බාවිතාවක් තිබෙන බවයි.

එක්තරා පර්යේෂණයක් සඳහා යුවලවල් 163 ක් සහභාගී කරගෙන තිබුණා. එහිදී ඔවුන් හට පහසු ප්‍රේහේලිකාවක් විසඳීම හෝ ත්‍යාගයක් දිනාගත හැකි අභියෝගයක් බාරගැනීමට යන අවස්ථා දෙකෙන් එකක් ‍තෝරගැනිමට ඉඩසලසා දි තිබුණා. එහිදී පර්යේෂකයින් විසින් රස්ව සිටින පිරිස එම තීරණය ගැනීමේදි තම සහකරු /සහකාරිය සමඟ කටයුතු කරන ආකාරය දෙස හොඳින් නිරීක්ෂණය කරමින් සටහන් ලබාගෙන ඇත.ඔවුන් අතරින් ඇතැම් අය අභියෝගය ජගනිමින් ත්‍යාගය දිනාගනිමුයි කියා තම සහකරු අභිප්‍රේරණය කල බව දක්නට ලැබුණු බවත් ඇතැම් අය කිසිඳු විශ්වාසයක් නොමැති අධෛර්යවන්ත ලෙස පසුගාමී ආකාරයෙන් හැසිරුණු ආකාරයද දැකිය හැකි වූ බව ඔවුන් දත්ත වල දක්වා ඇත.

මෙම පර්යේෂක පිරිස විසින් එම ‘අභියෝගය බාරගනිමුයි’ සහයෝගයෙන් කටයුතු කල යුවලවල් පිලිබඳව මාස 06 කට පසුත් සොයාබැලූ අවස්ථාවේ ඔවුන් තම සහකරු /සහකාරිය සමඟ ඉතා සතුටින් සහා සාර්ථක යුග ජීවිත ගත කරමින් සිටින අයුරු දැකගන්නට ලැබුණු බව ද එහි දක්වා තිබුණා. ඔවුන්ගේ පෞද්ගලික ජීවිත වල හොඳ ප්‍රගමනයක් ද සිදුවි ඇති බව නිරීක්ෂණය කල හැකි වු බව ද සඳහන් වී තිබුණා.

ප්‍රායෝගිකව සිතා කටයුතු කිරීමත් ඉතා වැදගත්

University of Washington හි පර්යේෂකයින් පිරිසක් සිදුකල අධ්‍යනයකින් තහවුරු කිරීමට බලාපොරොත්තු වි තිබුණේ යම් පුද්ගලයෙකුගේ සාර්ථකත්වය ඔහු/ඇය මතම තීරණය නොවන බවත් තම සහකාරිය/සහකරු ද එම ගමනේදී විශාල දායකත්වයක් දක්වන බව ය. ඔවුන් පවසන්නේ සහකාරිය තුල තම විවාහකයා කෙරෙහි ඇති දැනීම සහා අවබෝධය (partner conscientiousness) සහා උපායශීලි ප්‍රායෝගික බව (pragmatism) යන කරුණු දෙක පුද්ගලාගේ සාර්ථකත්වය කෙරෙහි බලපාන බවයි.

තමන්ගේ සාර්ථකත්වයට හේතුව තම සහකරු/සහකාරිය බව ප්‍රසිද්ධියේම පවසන අය ඕනෑ තරම්ය. විශේෂයෙන්ම ඒ අතර ජනප්‍රිය තරු සහා රාජ්‍ය නායකයින් පවා සිටිති. මාර්ක් සකර්බර්ග් වරක් ඔහු විසින් හාවඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අමතමින් සිදුකල කතාවකදී පවසා සිටියේ  තමාව සමාජ සුබසාධන කටයුතු සඳහා යොමුකලේ තම ආදරණීය බිරිඳ ප්‍රිසිල්ලා බවත් , තම ජීවිතයේ සිටින වටිනාම පුද්ගලයා ඇය බවත් ය. නමුත්, ඉතින් මේකත් මතක් කල යුතුම කරුණක්. සාර්ථක බිරින්දෑවරු පි‍ටුපස ඉතා හොඳ සහයෝගයක් ලබාදෙන ස්වාමිපුරුෂයින් ද සිටිති.

වරක් ජනප්‍රිය ගායිකා බියොන්සේ පවසා සිටියේ තමාගේ ස්වාමියා තමන් හට සිතා ගත නොහැකි තරමේ සහයෝගයක් ලබාදෙන බවයි. ‘ඔහු තමයි මට හොඳ පදනමක් ඇතිකර දුන්නේ’ ග්‍රැමි සම්මානලාභිනිය තම සාර්ථකත්වයේ රහස තම සැමියා බව සම්මුඛ සාකච්ඡාවකදි  ලෝකයටම කියා සිටියේ එසේයි. යුග ජීවිතයේ සාර්ථකත්වය රඳාපවතින්නේ ද සහයෝගය සහා සහජීවනය මතයි. ඉතින්, ඔබේ සහකරුට/සහකාරියට ආදරය කරනවා වගේම හොඳ සහයෝගයක් ලබාදෙන්නත් අමතක නොකල යුතුයි. එය ඔබ දෙදෙනාගේම ජීවිත වලට යහපතක්ම සිදුකරාවි