මේ වගේ දවස් වලට කළාකරුවෝ ගොඩක් අසරණ වෙනවා – දෙවෙනි ඉනිමේ අමීෂා

අංජුලා රාජපක්ෂ කියන්නේ නිතර දකින්න ලැබෙන්නේ නැති ඉදහිට දකින්න ලැබුණත් ඒ නිර්මාණ ඔස්සේ ජනතාවට ගොඩක් සමීප වෙන චරිතයක්. ඇය මේ දිනවලනම් ගොඩක් ප්‍රසිද්දයි ඒ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අවන්තගේ අම්මා එහෙමත් නැත්නම් නපුරු අමීෂා නිසා, විවාහයත් එක්ක නිහඬ ජිවිතයක් ගත කරන අංජුලා අපෙ රටේ දැන් පවතින තත්වය පිලිබඳ කියන්නේ මෙහෙමයි.

මේ දිනවල පැතිරයන වසංගතය මුළු ලෝකයටම දරුණු විදිහට බලපාලා තියෙනවා. කලාකරුවන් කියන්නේ මාසික පඩියක් ලැබෙන පිරිසක් නෙමෙයි නේ. ඒ නිසා මේ වගේ අවස්ථාවලදී කලාකරුවන් ආර්ථික වශයෙන් විශාල විදියට කඩාගෙන වැටෙනවා ගොඩක් අසරණ වෙනවා. ඉදිරියේදී මොනවිදියේ දෙයක් වෙයිද කියලා අපිට හරියටම කියන්න බැහැ. රජයක් විදිහට ඔවුන් මේ තත්වය පාලනය කරන්න ගොඩක් උත්සාහ කළා. ඒ වගේම මෙවැනි වෙලාවක හැමෝටම සහන ලබාදෙන්න රජයට අපහසුයි. නමුත් රජය විසින් කලාකරුවන්ට යම්කිසි සහන ණයක් ලබාදුන්නා එකටනම් ගොඩක් ස්තුති වන්ත වෙන්න ඕන. මම ඒකට අයදුම කළේ නැහැ. අපිට හැමදේම රජයෙන් බලාපොරොත්තු වෙන්නත් බැහැ. අපි අපේ දේවල් ලබාගන්න ඕන,

මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ තමයි සාමාන්‍ය ජීවන රටාවෙන් පොඩ්ඩක් ඈත්වෙලා සරල ජීවන රටාවකට අනුගත වීම. විදුලිය, ආහාර, මුදල් වගේ දේවල් ඉතාම පරිස්සමින් භාවිත කරන්න ඕන. පළමු රැල්ලේදී ගොඩක් දෙනා එළවළු, පැළ වර්ග වගා කළා. ඒත් තත්ත්වය සාමාන්‍ය වෙනකොට හැමදේම අමතක කළා. අපි කාටවත් අපේ වගකීම් පටවන්න ඕනේ නැහැ, පුළුවන් විදිහට අපි අපේ දේවල් කරගමු හැමෝම එක්ව නැඟිටිමු කියලා තමයි මම කියන්නේ, මේ වගේ වෙලාවක අනිත් අයට උපකාර කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ඒක ඉතා වටිනා දෙයක්, පුළුවන් තරම් අපි ගතින් වෙන් වෙලා සිතින් ලංවෙලා ඉමු එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ.

හැමෝගෙම ආදරය දිනාගත්ත අන්ජුලාගේ චායාරූප කිහිපයක් මෙන්න