‘මේ ප්‍රශ්න නිසා මගේ විවාහයත් කල්ගියා’ ජනප්‍රිය නිලි හර්ෂි අන්ජුමාලා කියන කතාව

හර්ෂි අංජුමාලා වර්තමාන ⁣රූපවාහිනී කලාව තුළ නිතර දැකිය හැකි චරිතයක්. නර්ථන ශිල්පිනියක් රංගන ශිල්පිනියක් වුන අංජු මේ දිනවල ජාතික රූපවාහිනීයේ නිවේදිකාවක්ද වෙනවා. ඉතින් හැමෝම ගොඩක් ආදරෙන් කතාවෙන මේ චරිතය ගැන අපි අද කතා කරන්න හිතුවා. අංජු මේ කාලය ගෙවන්නේ කොහොමද? “පහුගිය දවස් ටිකේ මම මගේ කාලය වැඩිපුර ම වැය කලේ මගේ අධ්‍යාපන කටයුතු සඳහා. මොකද මගේ අවුරුදු ගානක මහන්සිය ඒක.

ඒ එක්කම මගේ තිර පිටපතකට කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න මට පහුගිය කාලේ ලැබුනා. ඒත් එක්ක මම නර්ථනයට වගේම මගේ ⁣ශරිර සෞඛ්‍යයට අදාල ව්‍යායාම් වලට යොමු වුනා. එහෙම තමා කාලය ගෙවුනේ. තව පොඩි පොඩි වැඩකටයුතු ටිකක් එක්ක කාලය ගෙවෙනවා.”

අංජුගේ පාසල් කාලේ මතක් කලොත්, “මම පුංචි කාලේ ඉදන්ම නර්ථනය ඉගෙන ගත්තා. මම මුලින්ම ඉගෙන ගත්තේ උඩරට නර්ථන සම්ප්‍රදාය. හැබැයි කාලයත් එක්ක මගෙන් ඒ දේවල් මඟ හැරුනා. පාසල් කාලේ අමතක කරන්න බැරි මතක ගොඩයි. මම ඉගෙන ගත්තේ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ. ඒ කාලේ හරි ප්‍රසිද්ධ ක්‍රිඩාව කාසියේ භූතයා. අපි o/l කාලේ පවා ඒක කලා මට මතකයි.”

විවාහය කියන්නේ කවුරුත් දකින සුන්දර හීනයක් අංජුත් ඒ හිනය දැක්කා වෙද්දි ඒ හිනයට මොකද වුනේ “මගේ විවාහය වර්තමාන තත්වය එක්ක කල් දාන්න වුනා. හැබැයි අපි දෙන්නම කතා වුනේ ඉක්මනට වෙඩින් එක ගන්න. මේක අපිට නෙවෙයි මුළු ලෝකේටම බලපාන ප්‍රශ්නයක් නිසා අපි ඒ ගැන දුක් වෙන්නේ නෑ.”

අංජු ජිවත් වෙන්න ආස කොහොමද කියලා අපි ඇහුවොත්, “ඇත්තටම මම ජිවත් වෙන්න ආස නිදහසේ. මම පවුලේ බාලයා. ඉතින් පොඩි කාලේ ඉදන් මට ඕනිවටත් වඩා දේවල ලැබුනා. මම අද නිළියක් වුනත් මම ආස ඉස්සර හිටපු මටම තමා. පව් වලට ගොඩක් බය මම ගොඩක් පින් කරනවා. මට පුළුවන් විදිහට පුළුවන් හැම වෙලාවකම. ඉතින් මම ආස නිදහසේ ජිවත් වෙන්න” කියලයි.