‘මේ ප්‍රශ්න ඉවරවුන ගමන් මම විවාහ වෙනවා’ දෙවෙනි ඉනිමේ නිලූ කියන කතාව

නව පරපුරේ දක්ෂ රංගන ශිල්පනියක් මෙන්ම නිවේදිකා⁣වක් තමයි අරුණි මෙන්ඩිස් කියන්නේ⁣. “දෙවනි ඉනිමේ” නිලුගේ චරිතය හරහා ප්‍රෙක්ෂකයාට බොහෝ සෙයින් ලං වු අරුණිගේ චරිතය මේ දිනවල වැඩිය දිකන්න ලැබෙන්නේ නෑ. ඇයගෙන් අපි ඒ ගැන ඇහුවේ සමා⁣ජයේ යන කට කතා හේතුවෙන්. “මම කතාවෙන් ඉවත් වෙලා නෑ. කතාව වෙනම පැතිකඩකට යන නිසා දැන් මගේ චරිතය වැඩිය දකින්න ලැබෙන්නේ නෑ. ඒ නැතුව මම කතාවෙන් ඉවත් වෙලා නෑ. කොහොමත් ඉදිරියේදී බොහෝවිට මාව දැකගන්න පුළුවන් වේවි” කියලයි.

අවුරුදු හතරක පමණ කාලයක් බොහෝ රංගන ශිල්පින් හා එකතුව ජනප්‍රිය ටෙලිනාට්‍යයක රංගනයෙන් දායක විමට හැකි විම ගැන ඇය දරන්නේ සතුටක්. ඇය මේ දිනවල නිවසටම වි සිටින සිටින අතර සංචරණ සිමා ඉවත් වු වහා ම ඇගේ සියළු රංගන කටයුතු නැවත පටන් ගන්න බවටද ඇය පවසා සිටියා. ඇය රඟපාන නිලුගේ චරිතය නිසා ඇය හොඳ වගේම දෝෂාරෝපණ අහන්න වෙනවලු. ඇය පවසන්නේ චරියක් සාර්ථක විමට ගුණ දොස් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා කියලා. ඉතින් ඒ පිලිබඳ ඇය කිවුවේ මේ වගේ කතාවක් ”ගොඩක් අය මට කියනවා ඒ වගේ චරිත රඟපාන්න එපා කියලා. මොනවා කරන්නද ඉතින් මට ලැබෙන චරිතනේ. බැනුම් අහලා තමයි කවදා හරි හොඳක් අහන්න වෙන්නේ කියලා මම ලැබෙන චරිත රඟපානවා.” කියලයි.

අපි අරුණිගෙන් ඇගේ විවාහය ගැන ඇහුවේ මේ වෙද්දිත් අරුණි පෙම්වන්තියක් නිසා.”ඇත්ත මම දැනටමත් පෙම්වන්තියක්. මගේ ජිවිතේ පහු ගිය කාලය පුරාවට මට ප්‍රශ්න ආවා. මගේ මල්ලි නැති වුනා. ව්‍යාපාර කටයුතුත් ඒ එක්ක නතර වුනා. මොකද සේරම දේවල් තනියම මට කරන්න බැරි නිසා. හැබැයි අද මගේ ජිවිතේ මට හයියක් තියෙනවා. ආදරය නිසාම මම ශක්තිමත්. තාම විවාහය ගැනනම් හිතලා නෑ. මොකද මේ වසංගත තත්වය එක්ක. පොඩියට හරි වෙඩින් එකක් ගන්න තමයි මම හිතන් ඉන්නේ ඉස්සරහට බලමු ඉතින්. ” කියලයි. ඉතින් ඇයට ඉක්මනින්ම යුගදිවියට පිවිසෙන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කාරනවා

01.

02.

03.

04.

05.

06.

07.

08.