මේ දේවල් 10 හදලා තියෙන්න ඇත්ත හේතුව ඔබ දන්නවාද

අද දවසේ අපි ඔබට කියන්න යන මේ දේවල් ලැයිස්තුව හා සම්බන්ධ තොරතුරු ඔබ මින් පෙර කිසිදා නොසිතූ ආකාරයේ ඒවා විය හැකියි. ඒවා මොනවාද කියා අපි දැන් බලමු.

01. පෑන් එකේ සිදුර

පෑන් වල තියෙන මේ සිදුරේ ප්‍රයෝජනය ගැන හරි අදහසක් ඔබට ලැබුණේ අනිවාර්යෙන්ම අද වෙන්නට ඇති! කවුද හිතුවේ මේ කොටස තියෙන්නේ හැන්ද රඳවන්න කියලා!

02. ලැප්ටොප් පවර් කේබල් එකේ ඇති සිලින්ඩරාකාර කොටස

ලැප්ටොප් භාවිතා කරන්නන් හට මෙය ගැටලුවක් වී තිබෙන්නට ඇති. මෙම කුඩා නමුත් ඉතාමත්ම වැදගත් උපාංගය හඳුන්වන්නේ ‘Ferrite Bead’ යනුවෙනි.එමඟින් ඉලෙක්ට්‍රොනික පරිපථ වල ඉහළ සංඛ්‍යාත ශබ්ධ (high-freequency noise)ඇතිවීම් වළක්වනු ලබයි. එහි සැකැස්ම ඉතා සරාල් එකකි.එහි ඇතුලත ferrite වලින් නිර්මාණය වි ඇති අතර කේබලය මඟින් එය ආවරණය කර තිබේ.

03. Keyboard එකේ F සහ J අකුරු මත ඇති කුඩා ගැටිති 2

පරිගණකයක ඇති Keyboard එකේ F සහ J යන අකුරු මත ඇති මේ ඉරි දෙකින් ඇඟිලි 10 ම භාවිතා කරමින් Typing කටයුතු කරන විට ඔබේ දබ‍රැඟිලි දෙක තබා ගත යුතු ආරම්භක ස්ථානයන් දක්වයි.

04. බෝල්පොයින්ට් පෑන් වල cap එකේ ඇති සිදුර

කුඩා කාලයේ අප හැමෝටම මේ පෑනේ පියන මත ඇති කුඩා සිදුරේ ප්‍රයෝජනය කුමක්ද යන්න ගැටලුවක් වී තිබුණා. බොහෝ දෙනෙකු මේ පෑන් පියන කටේ දමා සපන්නට පුරුදු වී තිබෙනවා. මෙවැනි කුඩා දේ කටේ දමා සැපීමේදි ඒවා වැරදීමකින් ගිලී යාමට ඇති ඉඩකඩ වැඩියි. කුඩා ළමුන් ‍රැසකට මේ අනතුර සිදුවී තිබෙනවා. ඉතින්, මේ නිසා ඔබේ ශ්වසනාලය හිර වීම නිසා හුස්ම ගැනීම අපහසුවී යනවා. ඇතැම් විට එසේ කුඩා දේවල් ශ්වසනාලය තුල සිරවිමෙන් ජීවිතහානි පවා ඇතිවිය හැකියි. පෑන් පියනක් ගිලුණහොත් එම පුද්ගලයාගේ හුස්ම හිරවීම වැළැක්වීමට මෙසේ සිදුරක් සකසා ඇත.

05. කොණ්ඩ ක‍ටුවල ඇති ‘සිග් සැග්’ හැඩය

කොණ්ඩ ක‍ටුවට මේ ආකාරයේ බීක්කු ස්වභාවයක් තිබීම ඇත්තෙන්ම ප්‍රයෝජනවත් දෙයකි. හිස්කෙස් ශක්තිමත්ව ඇවිස්සි නොයන සේ හොඳින් ‍රැඳවා තබාගැනීමේ හැකියාව එමඟින් වැඩිකරවයි. ඒ අනුව මෙම හැඩ පලු සහිත කොටස හිස්කබලට මුහුණලා තිබෙන සේ පැලඳිය යුතුයි. එනම් කොණ්ඩ ක‍ටුවේ යට කොටස වන්නේ එයයි.

06. ඇපල් පවර් කේබල් වල ඇති පාද ස්වභාවය

පවර් කේබල් එකේ ඇති මේ පාද හැඩයේ කොටසේ ඇති ප්‍රයෝජනය කුමක් දැයි ඔබට කුතුහලයක් ඇතිවෙන්නට ඇති! කේබල් වයරය ලිහාගැනීමට හැකිවන සේ මේ කොටස වටා එක් දිශාවකට එය එතීම සිදුකල හැකියි. කේබල් ඇඩැප්ටරය යටින් ඇපල් පවර් ඇඩැප්ටරය ඉවතට ගැලවි යාම වළක්වාගැනීමටත් මෙය භාවිතා කල හැකියි.

07. ජීන්ස් කලිසම් වල ඇති කුඩාම පොකට්‍ටුව

මුල් නිර්මාණකරුවන් මෙම කොටස කලිසම් වලට මසා ඇත්තේ පොකට් ඔරලෝසු දමා ගැනීමට පහසුවන ලෙසයි.

08. tic tac බෝතලයේ සිදුර

tic tac වලට අපි හැමෝම කැමතියි. නමුත්, කවුරුත් මේ විදියට tic tac කනවා දැකලා තියෙනවාද? මේ සිදුර මඟින් වරකට එක් tik tac කැබැල්ලක් බැගින් ආහාරයට ගත හැකි සේ වෙන්කරයි.

09. දත් බෙහෙත් ටියුබ් වල ඇති ඉරි

දත් බෙහෙත් ටියුබ් වල යට කොටස පරික්ෂා කෙරුවොත් ඔබට මේ කොටස පහසුවෙන් සොයාගන්න පුලුවන් . මෙම විවිධ වර්ණ වලින් ඇති ඉරි භාවිතා කර ඇත්තේ අධි වේගි යන්ත්‍ර සූත්‍ර වලින් මේවා ඇසුරුම් කරන විට ටියුබ් එක විවෘත කල යුතු , නැවිය යුතු සහ සීල් කල යුතු ස්ථාන light beam sensor වලට හඳුනාගත හැකි වන පරිදිය.

10. ටයි පටි

ටයි පටියක් භාවිතා කල හැකි ක්‍රම 177,147 ක් පමණ ඇති බව සඳහන් වේ. Mikael Vejdemo Johansson නම් ගණිතඥයා ගේ ගණනය කිරීමට අනුවයි එය හෙලි වී තිබෙන්නේ. නිශ්චිත ක්‍රම ගණනක් සොයාගැනීමේ අපේක්ෂාවන් ඔහු මෙම සෑම ක්‍රමයක්ම අත්හදා බලාතිබීමත් විශේෂත්වයක්.