මේ දේවල් 08න් එකක්හෝ කරන්න පුලුවන්නම් ඔබ ගොඩක් සුවිශේෂී කෙනෙක්

සරලයි කියලා පෙනෙන්න තියෙන හැමදේම කරන එක නම් පහසු නැහැ. මේ කතාවත් ඒ වගේ දේවල් කිහිපයක් ගැනයි. මේ ක්‍රියාකාරකම් කරන්න පුලුවන් කියන්නේ ඔබත් දුර්ලභ පිහිටීමක් ඇති කෙනෙක් කියන එකයි. බලන්න මේ ක්‍රියාකාරකම් 8 ඔබටත් සිදුකරන්න පුලුවන් ද කියලා!

01. පතුල විරුද්ධ අතට කැරකීම

පතුල විරුද්ධ අතට කැරකිය හැකි වීම කියන්නේ අපි කාටවත් කරනවා තියා හිතන්නවත් පුලුවන් ක්‍රියාවක් නෙවෙයි. මෙහෙම පිහිටීමක් ඔබට තියෙනවා නම් ඔබ පැහැදිලිව සාමාන්‍ය කෙනෙක් වෙන්න බැහැ කියලයි කියන්න තියෙන්නේ!

02. ඇස් ඇරගෙන කිවිසුම් යැවීම

මෙය ඔබ මීට කලින් උත්සාහ කරබලා ඇති. නමුත්, මෙය ඇත්තටම කරන්න බැරි දෙයක් (ගොඩක් දෙනෙක්ට)!  ඊට හේතුව තමයි කපාල ස්නායු මඟින් අපේ ඇස් සහ නාසය එකට සම්බන්ධ වී තිබීමයි. මේ හේතුවෙන් කිවිසුම් පිටවන විට ස්වයංක්‍රීයවම ඔබේ දෑස් වැසීයාම සිදුවේ.

03. දිව බාගෙට නවාගෙන සිටීම

මේ ක්‍රියාව ඔබ උත්සාහ කරල තියෙනවාද? ඇතැම් අයට මෙය ඉතා පහසුවෙන් කරන්න පුලුවන්. නමුත්, මේක හැමෝටම කරන්න පුලුවන් දෙයකුත් නෙවෙයි.  ඔයාටත් මේ හැකියාව තියෙනවනම් එය විශේෂ පිහිටීමක්.

04. තමන්ටම කිතිකවාගැනීම

ඔබ සාමාන්‍යයෙන් කිතිකැවීම් වලට සංවේදි අයෙක් වෙන්න පුලුවන්. නමුත්, කවදාවත් ඔබට ඔබවම කිතිකවාගන්න නම් නොහැකියි. විශ්වාස නැත්නම් ඔබම උත්සාහ කරල බලන්නකෝ!

04. මැද ඇඟිල්ල චලනය කරම විට වෙදැඟිල්ල නොනැවී තබාගැනීම

ඔබේ මැද ඇඟිල්ල පළමු ඇඟිල්ලට උඩින් චලනය කිරීමට උත්සාහ කරන්න. මෙහිදී ඔබේ වෙදැඟිල්ල නොනැවි තිබිය යුතුයි. ඔබට එය කල නොහැකි වුණා නම් ඒ ගැන දුක්වෙන්න එපා. එය සිදුකිරීමට හැකිවීම අතිශය දුර්ලභ හැකියාවකි. එසේ සිදුකරන විට ඔබේ වෙදැඟිල්ල දශමයක්වත් නැවුණේ නැත්නම් සුබපැතුම්! ඔබේ ජාන තුල ඒ හැකියාව පිහිටා තිබෙනවා!

05. දිවෙන් නිකට හෝ නාසය ස්පර්ෂ කල හැකිවීම

පාසල් කාලේ මේ ක්‍රියාකාරකම කරන්න උත්සාහ කලා මතකද? හැබැයි ඉතින් ලේසියෙන් කාටවත් මේ දේ සාර්ථකව කරන්න නම් බැහැ. පෙනෙන්නට තිබෙන තරම් මේ ක්‍රියාව සරල නැහැ.

06. මහපට ඇඟිල්ල පි‍ටුපස දෙසට නැවිය හැකි වීම

බැලූ බැල්මට කරන්න පුලුවන් කියලා හිතුනත් මේ දේ නම් ගොඩක් අයට කරන්න පුලුවන්කමක් නැහැ. මේ හැකියාව තියෙන්නේ අතිශය සුලුතර පිරිසකට කියලයි කියන්නේ.

07. දිව නවමින් කෙළ විදීමට ඇති හැකියාව (gleeking)

දිව නවන විට ඇතැම් පුද්ගලයින්ගේ කටින් කෙළ පිටතට විදීම සිදුවෙනවා (මෙය දිව යටින් පිහිටි ඛේට ග්‍රන්ථි වලින් සිදුවේ). ඇතැම් අයට මෙය අහඹු ලෙස සිදුවිය හැකි අතර ඇතැම් අයට මෙය හිතා මතාම සිදුකල හැකියි.හැබැයි මේ හැකියාව තියෙන්නේත් අතිශයෙන්ම සුලුතරයකට පමණයි. ඔබත් ඒ අතලොස්සෙන් එක්කෙනෙක්ද?