මේ දේවල් සිදුවන්නේ කොහොමද කියලා හීනෙකින්වත් හිතුවද..?

01. හිරිගඬු පිපෙන්නේ ඇයි?

මෙය අතීත මානවයාගේ ශරිරයේ සිදුවූ ස්වභාවික සංසිද්ධියකි. අතීතයේ මිනිසාට තම ලොම් විහිදුවමින් වඩාත් ශරීරය විශාල කර පෙන්වීම,තම කාය ශක්තිය පෙන්වමින් අන් අය බිය වැද්දීම , දඩයම් කිරීමේදි වන සතුන් පලවා හැරීම වැනි අවස්ථා වලදි මෙම හැකියාව බොහෝ ප්‍රයෝජනවත් වී ඇත. නමුත් මිනිසා පරිණාමය වීමත් සමඟ එහි අවශේෂයක් ලෙස ඉතිරි වී ඇත්තේ මෙසේ හිරිගඩු පිපීමයි. හිසකෙස් තැටි (hair follicles) සංකෝචනය වීමේදි ගඬු පිපීම සිදුවේ. සතුන්ගේ සිරුරු තුලද මේ ලක්ෂණය පිහිටයි. ඉන් සතුන්ගේ සිරුරු වඩාත් උණුසුම් කිරීම සිදුකරයි.

යම් සතෙකුගේ ජීවිතයට තර්ජනයක් ඇති වූ විටෙක මේ හැකියාව මඟින් සිරුර පුම්බමින් විශාල පෙනුමක් ඇතිකරගනිමින් සතුරාගෙන් ආරක්ෂා වීමේ හැකියාව ලැබේ.වඩාත් ශීතල දැනෙන විට හෝ වඩාත් උද්වේගකර හෝ සංවේදි අවස්ථාවල දී මිනිසුන්ගේ සිරුරේ හිරිගඬු මතුවේ.එය උපවිඥානිකව සිදුවන ඇඩ්‍රිනලින් නම් හෝර්මෝන ශ්‍රාවය වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන්නකි.

02. හඬ පටයක අපේ හඬ හඳුනාගත නොහැකි වන්නේ ඇයි?

එය තීරණය වන්නේ අස්ථින් වලට හඬ ආවරණය කිරීමට ඇති හැකියාව මතයි. අපට ඇසෙන්නේ වායුව මඟින් සන්නයනය කරන ශබ්ද පමණි. හඬ පටයක ඇත්තේද එවන් ශබ්ද වේ. එමෙන්ම, අපේ හඬ අපට ඇසෙන්නේ හිස්කබලේ ඇති අස්ථීන් මඟින් සන්නයනය කරන සාමාන්‍ය හඬ (regular sounds) සහා අඩු සංඛ්‍යාත ශබ්ද (low-frequency sounds) වල සංයෝගයක් ලෙසිනි.

03. සිසිල් ජලය පානය කිරීමේදී හෝ සිසිල් ආහාර වර්ග ආහාරයට ගැනීමේදී හිසරදය ඇතිවන්නේ ඇයි?

 අයිස් ක්‍රීම් වැනි ආහාර කෑමෙන් පසු බොහෝ අයට හිසේ කැක්කුම හටගන්නා බව අසන්නට ලැබේ. සීතල දේශගුණයක් ඇති දිනවල ව්‍යායාම් සඳහා දුවන අතරේදි හුස්මගන්නා විට ද මෙවැනි හිසරදය ස්වභාවයක් මතු විය හැකියි. මෙය සිදුවන්නේ අඩු උෂ්ණත්වයකාදී ඊට ප්‍රතික්‍රියාකිරීමක් ලෙස තල්ල ආශ්‍රිත රුධිර වාහිනි වල ක්ෂණික සංකෝචනයන් ඇති වීම හෝ විශාල වීම නිසාය.

04. හිරු කිරණට නිරාවරණය වීමේදි සම අඳුරු වී හිසකෙස් ලා පැහැයකින් පෙනෙන්නේ ඇයි?

හිරු කිරණ නිසා සම සහා හිසකෙස් සඳහා එකසේ වැදගත් වන මෙලනින් කොටස් බිඳීයාම සිදුවේ. සමට සාපේක්ෂව හිසකෙස් අජීවි දෙයක් ලෙස සැලකිය හැකියි. මෙම වර්ණදේහ බිඳුණු විට හිසකෙස් වල ඒවා එවිටම නැවත ඇති නොවන නිසා හිසකෙස් වඩාත් ලා පැහැයකින් පෙනීමට පටන් ගනියි. නමුත්, සම තුල ඉතා ඉක්මනින් මෙලනින් ප්‍රතිස්ථාපනය වීමට පටන් ගන්නා නිසා (බිඳුණු මෙලනින් වෙනුවට අලුතින් වර්ධනය වීමට පටන් ගන්නා නිසා) සමේ වර්ණය අඳුරු වීමට පටන් ගනියි.

05. දරුවන් සඳහා කාලය ගත වන්නේ හෙමින් යැයි සිතෙන්නේ ඇයි.

දරුවන් ක්‍රමයෙන් වැඩෙන විට අවට පරිසරය ගැන බොහෝ දේ ඉගෙන ගන්නා අතර ඔවුන්ගේ මතකයේ විශාල කරුණු ප්‍රමාණයක් ගබඩා කරගැනීමට ඔවුන් හට සිදුවේ. එම නිසා වැඩිහිටියෙකුට වඩා වැඩි සිදුවිම් ප්‍රමාණයක්, තොරතුරු සහා දැනුමක් දරුවෙකුට එක් වසරක් තුලදි ලැබේ. ළමයෙකුට සතියක් යනු ජීවිතයේ ඉතා විශාල පරිච්ඡේදයක් බඳුය. නමුත් වැඩිහිටියන්ට අනුව එය එතරම් කාලයක් නොවෙයි. බොහෝ විට අප විසින් කුඩා දරුවන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් අපගේ කුඩා කාලයේ කාල වකවානු වලට සම කිරීමට උත්සාහ කිරීම සිදුකරති. එසේ සන්සන්දන්ය කිරීමේදි දරුවන් සඳහා කාලය ඉතා සෙමින් ගත වන බව හැඟී යාම සාමාන්‍යය.

06. ගල් ගැහෙන සීතලකදී වුවත් අපගේ ඇස් සීතල නොවෙන්නේ ඇයි?

අපගේ ඇස් තුල උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක සෛල පිහිටා නැත. ඇසේ බෝල හෙවත් ඉංගිරියාවේ වැඩි කොටසක් පිහිටන්නේ හිස් කබල ඇතුලට වන්නටය. එහි ඇතුලත රුධිර ප්‍රවාහය මඟින් ඇස් උණුසුම් කිරීම සිදුකරයි.

07. ඇඹුල් දෙයක් කනවිට ඇස් වැසෙන්නේ ඇයි?

මෙය ප්‍රතීක ක්‍රියාවක් හෙවත් ඉබේ සිදුවන්නකි. ඇඹුල් ආහාර වල ඇති පැඟිරි ඇස් වලට යාම වැළැක්වෙන ලෙස මෙසේ ඇස් පියවී යයි. එමඟින් ඇසේ සිවියට සිදුවිය හැකි හානි වැළැක්වේ.

08. නගර බද වෙසෙන පරවියන් ගස් මත ඉඳගන්නේ නැත්තේ ඇයි?

ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වන්නේ පාෂාණ ගල් සහිත භූමි ප්‍රදේශයි. එහි ගස් බොහො විට නොමැතිය. එබැවින් මෙම පරෙවින් හට ඉඳගැනිමේ ප්‍රත්‍යාවර්ති හැකියාව (sitting reflex) නොපිහිටයි. ඔවුන් ගේ පාද එසේ ඉඳගැනීමට හැකි ලෙස පිහිටා ඇතත් එම හැසිරීම උන් හට හුරු නැත.

09. කලු පසුබිමක සුදු පැහැති ලෙසත් සුදු පැහැති පසුබිමක කලු පැහැති ලෙසත් කුණු දූවිලි ‍රැ‍ඳෙන්නේ ඇයි?

සාමාන්‍යයෙන් දූවිලි අළු පැහැතිය. ඒවයේ ඇති ඇතැම් කුඩා අංශු වල වර්ණය බොහෝ විට අපට නොපෙනෙන තරම්ය. නමුත්, මේ වෙනස පැහැදිලිව දැකිය හැක්කේ පසුබිම් වර්ණය තද හෝ ලා පැහැති වීමේදි පමණයි.

‍10. රැකූන්ලා තම ආහාර ජලයෙන් සෝදන්නේ ඇයි?

ජලය ආශ්‍රිතව සහා ඒ අවටින් මොවුන් තම ආහාර සපයා ගනිති. ඒවායේ ඇති සෙවල මඩ හෝ ඇල්ගි වැනි ද්‍රව්‍ය ඉවත් වන සේ ආහාර සෝදා ගනියි. තවත් හේතුවක් වන්නේ තමන් ගොදුරු කරගන්නා සතුන් මරා දමන්නේ මෙම ක්‍රමය මඟින් වීමය.

11. කුරුල්ලන් ‘V’ හැඩයෙන් රංචුවක් සේ පියාසර කරන්නේ ඇයි?

මින් ශක්තිය ඉතිරිකරගැනීම සිදුකරති. ඉදිරි පෙළ පක්ෂීන් විසින් පියාසර කරන අතරේ විශේෂ වායු සුලි නිර්මාණය කරති. එම සුලං ග්‍රහණය කරගන්නා පි‍ටුපස පක්ෂීන් තම ශරීර ශක්තිය ඉතිරිකරගනිමින් පියාසරියේ යෙදෙති. තවත් හේතුවක් වන්නේ මෙසේ පියාඹන විට රංචුවේ සෑම පක්ෂියෙකුටම තම නායකයා හොඳින් දැකිය හැකි වීමයි. නායකයා රංචුවේ ඉදිරියෙන්ම ගමන් කරන පක්ෂියායි.

12. රුධිර පරික්ෂාවන් සඳහා වෙදැඟිල්ලෙන් ලේ ගන්නේ ඇයි?

 මහපටැඟිල්ල සහා සුලෑඟිල්ල මැණික්ක‍ටුවට සමීපයෙන්ම සම්බන්ධ වී ඇති ඇඟිලිය. ඒවාට යම් ආසාදනයක් ඇති වුවහොත් මුලු බාහුවට පැතිරී යාමට ඉඩ ඇත. එබැවින් රුධිරය ගැනිමේදි මේ ඇඟිලි හැර අනෙක් ඇඟිලි වලින් රුධිරය ලබාගනියි. වෙදැඟිල්ලට වේදනාව දැනෙන්නේ ඉතා අඩුවෙන් වීම ද හේතුවකි. එහි ඇත්තේ ඉතා සිහින් සමක් නිසා පහසුවෙන් රුධිරය ලබාගත හැකියි. මේ ඇඟිල්ල වැඩියෙන් භාවිත නොවන තරමට කුඩා තුවාල පවා ඉක්මනින් සුව විය හැකි බව පැවසේ.