මේ දේවල් පිරිසිදු කිරීමේදී කිසිදාක පිඟන් සෝදන සබන් භාවිතා කරන්න එපා

පිඟන් භාජන සේදීමේ සඳහා ඇති සබන් වර්ග නිවසේ  වෙනත් පිරිසිදු කිරීම් කටයුතු වලාට් භාවිතා නොකරන තරමට වඩාත් උචිතයි. ඊට හේතුව තමයි ඉන් ලැබෙන්නේ පිරිසිදුකමකට වඩා හානිදායක දේවල් විය හැකි වීමයි. පහත සඳහන් දේවල් 12 පිරිසිදු කිරීමේදී කිසිදාක පිඟන් සෝදන සබන් භාවිතා කරන්න නම් එපා!

01. කෝපි සකසන බඳුන් (Moka pot)

පිඟන් සෝදන සබන් භාවිතයෙන් මේවා සේදීමේදි ඒ මත කුඩු මෙන් අවශේෂ ඉතිරිවිය හැකියි. ඒවා එක්වරක් සෝදා හැරීමේදී ඉවත් වී නොයන අතර කිහිප වරක්ම සේදීමට සිදුවේ. ඉන් ඔබේ බඳුනටත් හානි විය හැකියි. නැවත එහි කෝපි සකසන විට ඇතැම් විට ඔබට සබන් රසයක් දිවට දැනිය හැකියි.

02. Dishwasher එක

සබන් වලින් ගොඩක් පෙණ ඇති කරවන නිසා ඒවා Dishwasher එකට දැමීමෙන් යන්ත්‍රයටත් හානි ඇතිවිය හැකියි. ඒ වගේම බුබුලු පිටතට ඒමට පටන් ගැනීමත් ඔබට මුහුණ දීමට සිදුවන තවත් විශාල ගැටලුවක්. Dishwasher සඳහාම සකසා ඇති detergent වර්ග භාවිතා කරන්න.

03. රෙදි සෝදන යන්ත්‍රය

මෙහිදී සිදුවන්නේත් ඉහත සඳහන් දෙයමයි. ඔබේ රෙදි සෝදන යන්ත්‍රයට පිඟන් සෝදන සබන් දමන්න එපා. එමඟින් යන්ත්‍රය තුල පෙණ ඇතිවී ඒවා දරාගත නොහැකිව යන්ත්‍රය පුපුරා යෑමටත් ඉඩ තිබිය හැකියි. පෙණ ‍රැසක් මතුවීම රෙදි හොඳින් පිරිසිදු වන බවට සළකුණක් නම් නෙවෙයි.

04. මෝටර් රථ

පිඟන් සෝදන සබන් හෝ දියර මෝටර් රථය පිරිසිදු කිරීමේදි භාවිතා කල හැකි ආදේශක ලෙස නොසිතිය යුතුයි. මේවායේ ඇති සැර අධික රසායනයන් නිසා ඔබේ මෝටර් රථයේ තීන්ත ආලේපනයට දැඩිව හානි විය හැකියි. එහි ඇති protective wax නම් ආවරණය සීරී ඉවත්ව යාමටත් ඉඩ තිබෙනවා. සබන් හෝ දියර වියළි ගිය පසු අවශේෂ මෙන් මෝටර් රථයේ මතුපිට ‍රැඳී තිබිය හැකියි. ඊට හේතුව වන්නේ පිඟන් සෝදන සබන් පහසුවෙන් සෝදා ඉවත්කරගත නොහැකි නිසයි.

05. කොණ්ඩය

පිඟන් සෝදන සබන් ඔබේ හිස්කෙස් වලට වඩාත් හානිකර සහ කර්කෂ විය හැකියි. ඉන් ඔබේ හිසකෙස් වල සුන්දරත්වය සහ නීරෝගිබව ‍රැකදෙන අත්‍යවශ්‍ය තෙල් කොටස් පවා ඉවත්වී යයි. පිඟන් සෝදන සබන් වල ඇති ලුණු නිසා ඔබේ හිසකෙස් අධිකව වියළී යාම මෙන්ම හිස්කබලේ පොතු ගැලවීයාම සහ කසන සුලු බව ඇති විය හැකියි. එමෙන්ම එහි අඩංගු අමුද්‍රව්‍යයන් වන සෝඩියම් ලෝරිල් සල්ෆේට් මඟින් හිසේ සමට හානි ඇතිකරවිය හැකි අතර dermatitis හෙවත් චර්මදාහය වැනි චර්ම රෝගයන් පවා ඇතිවීමට ඉඩ ඇත.

06. ජනෙල් සහ වීදුරු

පිඟන් සෝදන සබන් වලින් මේවායේ කුණු දූවිලි හොඳින් ඉවත් කිරීම සිදුකල හැකි වුවත් ඒවා සේදීමේදී ඒ මත ඇතිවන වයිරම් ලකුණු ඉවත් කිරීම නම් ඉතා අපහසුය. එබැවින් glass cleaner දියර භාවිතයෙන් ඒවා පිරිසිදු කරගන්න.

07. Cast iron skillet බඳුන්

Cast iron skillet බඳුන් වල ඇති තෙල් තට්‍ටු ඇතුලු අපද්‍රව්‍ය කොටස් හොඳින් පිරිසිදු කරගත හැකි වුවත් පිඟන් සෝදන සබන් වලින් ඒවා නිතර පිරිසිදු කරගන්න එපා. බඳුන භාවිතයේදී තෙල් දැමීමට පෙර skillet එක රත්කර එයට ලුණු කුඩු ඉස ටිෂු කඩදාසියකින් තෙල් ඉවත්වන තුරු අතුල්ලාගන්න.

08. හාඩ්වුඩ් පොලොව

පිඟන් සෝදන සබන් වලින් හාඩ්වුඩ් පොලොව පිරිසිදු කිරීමේදී ඒ මත සීරීම් සහ ඔපයක් නැති ස්වභාවයකට පත්වේ. පොලොව පිරිසිදු කිරීමට පෙර වැකියුම් කිරීම හෝ කුණු දූවිලි අතුගා පිරිසිදු කරගන්න. ඉන්පසුව, තෙත මොප් එකකින් පොලොව අතුල්ලමින් පිරිසිදු කරගන්න. හාඩ්වුඩ් පොලොව පිරිසිදු කරගැනීම සඳහාම සකසා ඇති පිරිසිදුකාරක දියරයක් භාවිතා කිරීම ඉතා සුදුසුයි. ටයිල්, ලිනෝලියම් හෝ විනිල් වැනි පොලෝ මතුපිටවල් පිරිසිදු කරගැනීම සඳහා පිඟන් සෝදන සබන් වර්ගයක් භාවිතා කිරීම ගැටලුවක් නැත.

09. ලෙදර්

සබන් වල රසායනික ද්‍රව්‍ය වල බලපෑමෙන් ලෙදර් වල සියුම් ස්වභාවයට දැඩිව හානි සිදුවේ. ඔබේ සමට මෙන්ම ලෙදර් වල ස්වභාවය ආරක්ෂා වීමට ද යම් තෙතමනයක් අවශ්‍ය වේ. ලෙදර් ඇඳුම් සඳහා මේවා භාවිතා කර පිරිසිදු කිරීම සිදුනොකරන්න. ලෙදර් පාවහන් සඳහා නම් එය ගැටලුවක් නොමැති වේවි.

10. බලු සුරතලුන්

ඔබේ සුරතලාගේ සමට සහ ලොම් වල ස්වභාවයට පිඟන් සෝදන සබන් රළු විය හැකියි. දිගින් දිගටම භාවිතා කලහොත් සතාගේ සම කසනසුලු තත්වයකට පත් වී ඇති බව සහ දැඩිව වියළී ගොස් ඇති බව ඔබට දැකිය හැකි වේවි. බල්ලන් නෑවීමේදී ඔබ භාවිතා කරන ෂැම්පු වර්ගත් එතරම් සුදුසු නැහැ. ඊට හේතුව එහි pH අගයන් වෙනස් නිසා සතාගේ සම වඩාත් වියළී යාමය ඉඩ ඇති බැවිනි. එබැවින්, බල්ලන් නෑවිම සඳහාම නිපදවා ඇති ෂැම්පු නිෂ්පාදනයක් ඒ සඳහා භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

11. පැළ වර්ග වලට

පිඟන් සෝදන සබන් කෘමිනාශක වලට ආදේශකයක් ලෙස භාවිතා කල නොහැකියි. එක් හේතුවක් වන්නේ ඒවා පැළ වලට හානිකාරි කර්කෂ ස්වභාවයකින් යුක්ත වීමයි. එමෙන්ම ඒවායින් පළිබෝධකයින් නැසීම වඩාත් ඵලදායිව සිදුනොවීමයි.

12. පලතුරු හෝ එළවළු වර්ග

පිඟන් සෝදන දියර හෝ සබන් වලින් එළවළු පලතුරු වර්ග සේදීම නොකල යුතුයි. ඒවායේ ඇති කුඩා සිදුරු තුල මේවා සිරවිය හැකි අතර ආහාර මාර්ගයට ඇතුල් වූ විට ඔක්කාරය-වමනය හෝ ආමාශයික-ආන්ත්‍රික ගැටලු පීඩා මතුවීමේ අවදානමක් ඇත. පිඟන් සෝදන සබන් බ්ලීචිං හෝ ඇමෝනියා සමඟ මිශ්‍ර කරන්න එපා!  මේවා එක් මිශ්‍රණයක් වීමෙන් ප්‍රතික්‍රියා කිරීමට පටන් ගැනීමත් සමඟ ඒවා විෂ බවට පත්විය හැකියි.