මේ දේවල් තියෙන්නේ ඇයි කියලා දන්නවද…?

එදිනෙදා ජීවිතයේ විවිධ බඩු බාහිරාදිය භාවිතා වේ. ඇතැම් භාණ්ඩ වල පිහිටා ඇති කොටස් වලින් තිබෙන ඇත්තම ප්‍රයෝජනය කුමක් වෙන්න ඇති ද කියා ඔබ ජීවිතයේ එක් වතාවක් හෝ සිතාබලන්නට ඇත. ඔබේ කුතුහලයට පිලිතුරු මේ කියන්න යන දේවල් 10 අතරේ තියෙනවාද කියා බලන්න!

• ඇඳුම් වල අමතර රෙදි කැබැල්ලක් සහා බොත්තමක් මසාතිබීම

ඇඳුම් මිලදී ගැනීමේදි මේ ගැටලුව ඔබටත් මතුවෙන්නට ඇති? ඔබේ ඇඳුම් වල කුඩා කොටසක් අමුණා ඇත්තේ ඇඳුම් සේදීමට පෙර මේ කොටසට ඔබේ රෙදි සෝදන දියර හෝ සබන් වර්ගය අතුල්ලා බලන්න. ඔබේ සබන් වර්ගය සමඟ එම රෙදි වර්ගය ප්‍රතික්‍රියා කරයිද කියා සේදීමට පෙර ඔබට පරීක්ෂා කරගැනීමට පහසු ලෙස මෙසේ අමතර රෙදි කැබැල්ලක් ඇඳුම් වල මසා ඇත.
ඔබේ ඇඳුමේ හදිසියේ බොත්තමක් ගැලවී ගියොත් ඒ වෙනුවට මසාගැනීම සඳහා ඒ වර්ගයේ බොත්තමක් ඇඳුම් වල අමතරව සවිකර ඇත.

• පෑනේ උඩු පියනේ සිදුරක් තිබීම

කුඩා කාලයේ අප හැමෝටම මේ පෑනේ පියන මත ඇති කුඩා සිදුරේ ප්‍රයෝජනය කුමක්ද යන්න ගැටලුවක් වී තිබුණා. බොහෝ දෙනෙකු මේ පෑන් පියන කටේ දමා සපන්නට පුරුදු වී තිබෙනවා. මෙවැනි කුඩා දේ කටේ දමා සැපීමේදි ඒවා වැරදීමකින් ගිලී යාමට ඇති ඉඩකඩ වැඩියි. කුඩා ළමුන් ‍රැසකට මේ අනතුර සිදුවී තිබෙනවා. ඉතින්, මේ නිසා ඔබේ ශ්වසනාලය හිර වීම නිසා හුස්ම ගැනීම අපහසුවී යනවා. ඇතැම් විට එසේ කුඩා දේවල් ශ්වසනාලය තුල සිරවිමෙන් ජීවිතහානි පවා ඇතිවිය හැකියි. පෑන් පියනක් ගිලුණහොත් එම පුද්ගලයාගේ හුස්ම හිරවීම වැළැක්වීමට මෙසේ සිදුරක් සකසා ඇත.

• ඇපල් පවර් කේබල් වල ඇති පාද ස්වභාවය

කේබල් ඇඩැප්ටරය යටින් ඇපල් පවර් ඇඩැප්ටරය ඉවතට ගැලවි යයි.එය දිග හැරි විට මෙම පාද වටා කේබලය ඔතාගත හැකියි.

• කොකා-කෝලා ටින් වල ඇති සිදුරක් සහිත ටැබ් එක

සෝඩා ,කොකා-කෝලා වැනි බීම ටින් වල සිදුරක් සහිත ටැබ් කොටසේ ප්‍රයයෝජනය වන්නේ එය විවෘත කරගත් පසුව බීම බටය එහි සිදුරේ රඳවා ගත හැකිවීමයි. හරි ප්‍රයෝජනය නොදන්නා නිසාදෝ බොහෝ දෙනෙක් මේ ක්‍රමයට බීම කෑන් භාවිතා කරන ආකාරයක් දක්නට නොලැබෙන තරම්ය.

• ජීන්ස් කලිසම් වල ඇති කුඩාම පොකට්ටු ව

මුල් නිර්මාණකරුවන් මෙම කොටස කලිසම් වලට මසා ඇත්තේ පොකට් ඔරලෝසු දමා ගැනීමට පහසුවන ලෙසයි.

• අයි ෆෝන් එකේ කැමරාව අසල ඇති කුඩා සිදුර

එය කුඩා මයික්රෝ්ෆෝනයකි. ඔබේ කැමරාව ක්‍රියාත්මක කිරීමේදී එමඟින් ශබ්ධ පටිගත කිරීම කරනුලබයි.

• කොණ්ඩ ක‍ටුවල ඇති ‘සිග් සැග්’ හැඩය

කොණ්ඩ ක‍ටුවට මේ ආකාරයේ බීක්කු ස්වභාවයක් තිබීම ඇත්තෙන්ම ප්‍රයෝජනවත් දෙයකි. හිස්කෙස් ශක්තිමත්ව ඇවිස්සි නොයන සේ හොඳින් ‍රැඳවා තබාගැනීමේ හැකියාව එමඟින් වැඩිකරවයි.

• ලැප්ටොප් චාර්ජර් එකේ ඇති සිලින්ඩරාකාර කොටස

මෙම කොටස ෆෙරයිට් වලින් නිර්මාණය වී ඇත. එමඟින් උපාංගයට හෝ වෙනත් උපාංගයකින් විද්යුවත් චුම්භක නිරෝධනයක් ඇති වීම වළක්වනු ලබයි (EMI- Electromagnetic Interference). එමෙන්ම එමඟින් රේඩියෝ තරංග නිරෝධනය ඇති වීමද අවම කරයි (RFI- Radio Frequency Interference). මෙසේ එම සංඥා වැළැක්වීමට හේතුව වන්නේ අනෙකුත් අසල ඇති ඉලෙක්ට්‍රෝනික උපාංග සමඟ නිරෝධනය වීම වැළැක්වීමටයි.

• ඇලුමිනියම් ෆොයිල් පෙට්ටිවල ඇති සිදුරු කල හැකි ටැබ් කොටස

මෙමඟින් ඇතුලත ඇති ෆොයිල් කඩදාසි සිරකිරීමකට ලක්කරනු ලබනවා. ෆොයිල් කඩදාසියක් පිටතට ගන්නා විට කඩදාසි රෝල පෙට්ටිය තුල එහාමෙහා යාම ඉන් වළක්වනු ලබනවා. මේ සිදුර හරහා ෆොයිල් රෝල හසුරුවාගැනීමෙන් පහසුවෙන් හැකිලෙන්නේ නැතිව ෆොයිල් කොල පිටතට ගැනීමට උපකාරී වෙනවා.

• සපත්තුවේ ඇති අමතර සිදුරු

සපත්තු වඩාත් සවිමත්ව රඳවා ගැනීමට උපකාරි වේ. ඒ වගේම කකුලේ දියපට්ටා මතුවීමත් මෙමඟින් වළක්වනු ලබයි. මෙම අමතර සිදුරු වලට ලේස් එකක් දමා ගැටගසාගන්න. මෙම ක්‍රමය මඟින් වළලුකර අසල ඇති ලේස් අතර ඝර්ෂණය වැඩි කරමින් වළලුකර සහා පතුල් ප්‍රදේශය හොඳින් සහා සවිමත්ව ‍රැඳීතිබෙයි.