මේ අතරින් කැමති පින්තූරයක් තෝරාගන්න එය ඔබගේ සියලුම රහස් හෙලිකාරාවී

සෞඛ්යකමත් ජිවිතයකට ආහාර සහා ව්යාකයාම පමණක් ප්‍රමාණවත් නොමැත. අපේ ජීවිතයේ ඇති විවිධ සම්බන්ධතාත් ඒ සඳහා හේතු සාධකයක් වෙනවා. මානසික යහපැවැත්ම සෞඛ්යිමත් ජීවිතයකට ඉතා අඅවශ්‍යය දෙයකි. සමාජය ලෙස අප මුලින්ම නිරාවරණය වන්නේ අපේ පවුලේ සාමාජිකයන් වෙතයි. ලෝකය ගැන අප මුළින්ම ඉගෙන ගන්නේ අපගේ වැඩිහිටියන්ගේ අත්දැකීම් අනුවයි. පවුලේ සාමාජිකයින් එකිනෙකා අතර හුවමාරු කරගන්නා සමීපත්වය, ආදරය, සෙනෙහස, සහා ‍රැකවරණය පුදගලයෙකුගේ පෞරුෂ වර්ධනයට ප්‍රබල හේතු සාධකයක් වේ. නමුත්, පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔහුගේ / ඇයගේ පවුල් පසුබිම සහා එම සම්බන්ධතා වල ස්වභාවයන් බොහෝ වෙනස් විය හැකියි.

මේ සරල මනෝවිද්‍යා පරීක්ෂණය මඟින් ‘පවුල’ යන සංකල්පය කෙරෙහි ඔබේ ඇති අවබෝධය සහා අදහස පිලිඹිබු කරනවා වගේම ඔබේ පුරුෂය පිළිබඳ යම් යම් කරුණු හෙලි කරනවා. මේ පරීක්ෂණය කුමක්ද කියා අපි දැන් බලමු! පහත පින්තූර දෙස හොඳින් බලන්න. මේ අතරින් පවුලක් නොවිය හැක්කේ කුමන පින්තූරය දැයි ‍තෝරන්න.

දැන් ඔබේ පිලිතුර නිවැරදිද කියා බලමු!

• ඔබේ පිලිතුර පවුල අංක 1 නම්,

ඔබ පවුලට ලැදි අයෙකු නොවේ. ඔබ මිතුරන් ඔබේ සැබෑ පවුල සේ සලකයි. ඔවුන් හට උදවු කිරීමෙන් ඔබ බොහෝ තෘප්තියක් ලබයි.ඔබ අන් අයට සෙත සැලසීම වෙනුවෙන් බොහෝ මහන්සි වී කටයුතු කරයි. ඇතැම් විට ඔබේ ජීවිතයේ ගුරුහරුකම් ලබාදීමට ශක්තිමත් පිය චරිතයක් නොසිටි හෝ පියා විසින් එතරම් දායකත්වයක් ලබානොදුන් අතීතයක් ඔබට ඇත. එනිසාම ඔබ අන් අයගේ අවශ්යවතා ඔබට හැකි සෑම අයුරින්ම ඉ‍ටුකරදීමට උත්සාහ කරයි. බොහෝ විට ඔබ ඔබේ මව මෙන් යහපත් චරිතයක් විමට උත්සාහ කරයි.

මේ පින්තූරයේ සිටින පවුල සතුටින් සිටින පවුලක් සේ හැඳින්විය නොහැකි නමුත් ඔවුන් ද එක් පවුලකි. මෙහි මව දරුවා කෙරෙහි සැලකිල්ලක් දක්වන බව දරුවාගේ අතින් අල්ලා සිටිමින් ආරක්ෂාකරන අයුරු තුලින් දැකිය හැකියි. පියා එතරම් දරුවා කෙරෙහි සැලකිල්ලක් නොමැති බව පෙනීයයි. බොහෝ විට මෙවැනි ළමා කාලයක් ඔබටත් තිබෙන්නට ඇත. ඔබේ ළමා කාලය වෙනත් අයෙකුට හිමිවනවා දැකීමට ඔබ අකමැතියි. ඒ හේතුව නිසාම ඔබ මේ පින්තූරය ‍තෝරාගැනීමට පෙලඹෙන්නට ඇත.

•ඔබේ පිලිතුර පවුල අංක 2 නම්

ඔබ පවුලට ඉතා ලැදි, පවුලේ නොමද ‍රැකවරණය ලද පුද්ගලයෙකි. පවුලට වඩා වැදගත් කිසිදු දෙයක් ඔබේ ජීවිතයේ නොමැති තරම්ය. විශ්වාසය සහා කැපවිම මත ස්ථාවර සහා දිගුකාලීන සබඳතා ඇති කරගැනීමට ඔබ වැඩිවශයෙන් පෙලඹේ. පවුලේ අයගේ අවශ්යාතා වලට සැම විටම මුල් තැනක් දෙමින් ඔවුන්ගේ සතුට වෙනුවෙන් ඔබේ සතුට කැපකරමින් කටයුතු කිරීම ඔබේ ලක්ෂණයයි.

මෙම පින්තූරයේ සිටින පුද්ගල්යින් එක් පවුලක් විය නොහැකි බව ඔබ පහසුවෙන් හඳුනාගන්නට ඇත. වැඩිහිටියන් දෙදෙනා දරුවාට අවධානය නොදෙයි.දරුවාද මවගේ හෝ පියාගේ අතේ එල්ලී ‍රැකවරණය නොපතන ආකාරයක් දක්නට ලැබෙයි. ඔව් ඔබ නිවැරදියි. මෙම පුද්ගලයින් ආගන්තුකයින් වියහැකියි. ඔවුන් පවුලක් නොවනබව ඔබට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වුණේ ඔබ පවුලේ නියම ආදර සහා ‍රැකවරණයක් ලද පුද්ගලයෙකු නිසායි.

•ඔබේ පිලිතුර පවුල අංක 3 නම්

ඔබ නිසි පවුල් පසුබිමක් නොමැති ගැටලු සහිත පවුලක පුද්ගලයෙක් විය යුතුයි. ඔබේ ළමා කාලය වියවුල් වලින් අමිහිරි මතක වලින් පිරුණු එකක් ලෙස හැඳින්විය හැකියි. ඔබ මිනිසුන්ව විශ්වාසකිරීමට මැලි කමක් දක්වයි. ඔබ නිතරම සාංකාවෙන් පසුවෙයි. අන් අය සමඟ මිත්ර ශීලිව කටයුතු කිරීම ඔබට ඉතා අපහසු අභියෝගයක් වී තිබිය හැකියි. ඔබ නිරන්තරයෙන්ම අනාගතය ගැන වදවෙයි. ඕනෑවට වඩා දේවල් ගැන සිතමින් සිත අවුල් කරගනියි.

පින්තූරයේ සිටින පවුල ඉතා ආදරණීය සතුටින් ජීවත්වෙන පවුලක් ලෙස හඳුනාගත හැකියි. දෙමාපියන් දෙදෙනාද එකිනෙකාට සමීපයෙන් ලෙන්ගතුව සිටින ආකාරයක් දැකිය හැකියි. පියා දරුවාගේ අතින් අල්ලාගෙන සිටියි. ගැටලු සහගත පවුල් පසුබිමක හැදී වැඩුණු ඔබ සබඳතා ඇති කරගැනීමේදි අන් අය දෙස සැකයෙන් බැලීමට පුරුදුවී සිටියි. ලෝකයේ සතුටින් ජීවත් වෙන පවුල් සිටිය නොහැකිව බව ඔබ තරයේ විශ්වාස කරයි. මේ හේතුන් නිසා ඔබ මේ පින්තූරයේ සිටින්නේ ව්‍යාජ පවුලක් ලෙස නිගමනය කිරීමට පෙලඹෙන්නට ඇත .