මේගන්ගේ එක බැල්මෙන් හැමෝම ඇයට වශීවෙන්නේ ඇයි

තමන් නොදන්න කෙනෙක් එක්ක මිතුරු බවක් ඇතිකරගන්න එක ටිකක් අපහසු දෙයක්. තමන් අලුත් පරිසරයකට ඇවිත් ඉක්මනින්ම යාලු මිත්‍රයින් ඇති කරගන්න විධිය ඉගෙන ගන්න හොඳම කෙනා තමයි මේගන් මාර්කල් කියන්නේ. ඇය ඉතා ආකර්ෂණීය චරිත ලක්ෂණ වලින් හෙබි දක්ෂ සහ ගුණවත් කාන්තා පෞරුෂයක් ලෙසයි බොහෝ දෙනා ඇයව හඳුන්වනු ලබන්නේ. බ්‍රිතාන්‍ය රාජකීය සාමාජික හැරී කුමරුන්ගේ පමණක් නොව මිලියන සංඛ්‍යාත ජනතාවකගේ හදවත් දිනාගැනීමට ඇයට හැකි වී තිබෙන්නේ ඇතැම් විට ඇගේ මේ විශිෂ්ට ගුණාංග වල ආකර්ෂණීය බව නිසා විය හැකියි. ඇය ඇමෙරිකානු ජාතික කාන්තාවක් ලෙස බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ වීම තරමක් ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස කතාබහ වුණත් ඉතාමත් ඉක්මනින් ඇය බ්‍රිතාන්‍ය ජනයා අතර ආදර ගෞරවාදරයට පාත්‍ර වීමට වාසනාවන්ත වූයේ ඇගේ මේ කියන ධනාත්මක පෞරුෂ ගතිගුණ නිසා බවයි කියන්නේ.

අවංක සිනහව

පුද්ගලයෙකු සමඟ සිනසීම ඔහු/ඇය ඔබට ප්‍රිය බව පැවසීමකට සමානය. ඔබ එසේ කරන විට අන් අයද සිනහවකින් ඔබට්ට ප්‍රතිචාර දක්වති. ඔබේ සිනහව අවංක වන තරමට ඔබට සැහැල්ලු බවක් දැනේවි වගේම හොඳ කතාබහකට මුල පුරන්නට හැකි වේවි.

ප්‍රශංසා කිරීම

අන් අයගේ සිත දිනාගැනීමට පහසුම ක්‍රමය තමයි ඔවුන්ව වර්ණනා කිරීම. හැබැයි බොරුවට නෙවෙයි. ඔබ එසේ කල යුත්තේ අවංකවයි. කෙනෙකුගේ පෙනුම හෝ වේවා ජයග්‍රහණයක් හෝ වේවා ,ඔබට හැකිනම් ඔවුන්ව සතුටට පත් වන යම් සුබ පැතුමක් හෝ වචන කිහිපයක් පවසන්න එය ඔබ කෙරෙහි අන් අයගේ සිතේ ප්‍රසන්න බවක් ඇති වීමට හේතුවක් වේවි.බොහෝ අවස්ථාවල ඇය සහ ඇයගේ සැමියා වන හැරි කුමරු සාමාන්‍ය ජනයා සමඟ ගැවසෙමින් එසේ කුලුපග වන අවස්ථා දැක්වෙන ඡායාරූප නිරන්තරයෙන් මාධ්‍යයන් ඔස්සේ පළ වෙනු දැකිය හැකියි.

ඇස් දෙස බලා කතා කිරීම

ඇය සැමවිටම තමන් කතා කරන පුද්ගලයාගේ ඇස් දෙස බලාගෙන කතා කරන්නීය. Eye contact නැතිනම් ඇසට ඇස සම්බන්ධතාව පවත්වාගැනීම තුල විශාල බලයක් තිබෙනවා. එය ඔබේ මුවින් පිටවන වචන වලට වඩා ප්‍රබල හැඟීමක් ඔබ කෙරෙහි ඇතිකරවයි. කෙනෙකු සමඟ කතාබහ කරන විට සැම විටම ඔහුගේ/ඇයගේ ඇස් දෙස බලා කතා කරන්න. ඉන් ඔබ ඔහු/ඇය කෙරෙහි උනන්දු බව සහ සවන්දීමට සූදානම් බව යන ප්‍රසන්න හැඟීම ඔහු/ඇය තුල ඇති වේවි.

ධනාත්මක මනෝභාවය

පොදු ජනයා අතරට පැමිණෙන සෑම විටම ඇය ඉතා ප්‍රීතිමත් බවකින් කටයුතු කරන ආකාරය දැකිය හැකියි. අධ්‍යයනයන් මඟින් පෙන්වාදෙන්නේ මිනිසුන් අවිඥානිකව තම වටපිටාවේ ඇති හැඟීම් ස්වභාවයන් හඳුනාගන්නා බවත්, ඊට ප්‍රතිචාර ලෙස ස්වභාවිකවම ඒවා අනුකරණය කිරීමට පෙළඹෙන බවත්ය. සතුටින් සිටින කෙනෙකු දු‍ටුවිට අපි නොදැනුවත්වම අපේ මුවඟට සිනහවක් ඇතිවන්නේ ඒ නිසයි. ඔබ වටා සිටින අය සතුටින් තබන්න නම් ඔබේ ධනාත්මක හැඟීම් අන් අයට හැ‍ඟෙන සේ ප්‍රකාශණය කිරීම ඉතා වැදගත්.

අනුගතවීම

ඇය කතා කරමින් සිටින පුද්ගලයා සමඟ මිතුරු වීමට ඇය ‘mirroring’ නැතිනම් අනුකරණය කිරීම යන මනෝවිද්‍යාත්මක උපක්‍රමය භාවිතා කරන්නීය. 1999 වසරේ නිව් යෝර්ක් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් විසින් නම් කරන ලද ‘chameleon effect’ යනුවෙන් හඳුන්වන්නේ දෙදෙනෙකු කතාබහ කරමින් සිටින විට එක් පුද්ගලයෙකුගේ හැසිරීම දෙස බලාසිටින අනෙක් පුද්ගලයා විසින් අවිඥානිකව එම හැසිරීම අනුගතවීම/අනුකරණය කිරීමයි.

ඔබට යන් කෙනෙකු සමඟ මිතුරු වීමට අවශ්‍ය නම් ඔහු/ඇයගේ හැසිරිම්, මුහුණේ ප්‍රකාශන සහ හඬ වැනි දෑ ඔවුන් ඉදිරියේ අනුකරණය කිරීමට මදක් උත්සාහ කරන්න. හැබැයි, ඉතින් එය උපහාසාත්මක නොවන හැසිරීමක් විය යුතුයි.

තමන් සමඟ කතා කරමින් සිටින පුදගල්යා දෙසට් හැරීම

කෙනෙකු ඔබ සමඟ කැමැත්තෙන් ද නැතිනම් අකමැත්තෙන්ද කතා කරන්නේ කියලා කකුල් දිහා බලලා කියන්න පුලුවන්. එම පුද්ගලයාගේ පාද ඔබ දෙසට ඉලක්ක වි හැරි තිබේනම් ඉන් අදහස් වන්නේ ඔහු/ඇය ඔබ සමඟ ඉතා කැමත්තකින් කතාබහ කරමින් සිටින බවයි. පැත්තකට පාද හරවා ගෙන යම් කිසි කෙනෙක් ඔබ සමඟ කතාකරනවා නම් ඉන් බොහෝ දුරට අදහස් වන්නේ ඔහු/ඇය ඔබ සමඟ කතාබහට එතරම් උනන්දුවක් නොදක්වන බවයි. කෙනෙක් ඔබ සමඟ කතාබහ කරන විට ඊට අනුගතව ප්‍රතිචාර දැක්වීමට ඔබත් උත්සාහ කරන්න.

කොණ්ඩය ඇල්ලීම

කාන්තාවක් වෙනත් කෙනෙකු ගැන උනන්දුවකින් සිටින විට ඇය නිතරම තමන්ගේ කොණ්ඩය සකස්කරන බවයි කියන්නේ. මෙම හැසිරීම මඟින් ඇයගේ අවධානය එම පුද්ගලයා වෙත යොමුකර ඇති බවත් ,කතාබහට ප්‍රියකරන බවත් ඉඟි කරයි. මෙය කාන්තාවකගේ යහපත් ආකල්ප වලින් යුතු බව හුවාදක්වන ඉඟියක් කියන්නත් පුලුවන්.

තමන් ගැන පමණක්ම කතා නොකිරීම

කෙනෙකු සමඟ කතාකරන විට ඔහුට/ඇයට හොඳින් සවන්දීම ඉතා වැදගත්. කතාකිරීමට හදිසි විමට වඩා ඇහුම්කන් දීම වඩාත් හොඳ මිතුරුකමක් ඔබ අතර වර්ධනය වීමට හේතු වේවි. කතා කරන විට ඔබේ ජයග්‍රහණ, දක්ෂතා සහ ඔබ ගැනව වර්ණනා වෙන දේවල් පවසන්න එපා. ඒ වෙනුවට  අනෙක් පුද්ගලයාට තමන්ගේ ජීවිත අත්දැකීමක් බෙදාහදාගන්න ඉඩ දෙන්න. එය ඔබේ හමුවීම සුන්දර මතකයක් බවට පත්කරාවි.

කතාකරමින් සිටින පුද්ගලයා ස්පර්ෂ කිරීම

අත හෝ පිටට තට්‍ටු කිරීම වැනි ඉතා සරල අවිහිංසක ස්පර්ෂයන් කතාබහ අතරේදි සිදුකල හැකියි.  නමුත්, අනවශ්‍ය ලෙස අන් අයව ස්පර්ෂ කිරීම ඔවුන්ගේ පෞද්ගලිකත්වයට අගෞරව කිරීමක් ලෙස ඔවුන් සිතිය හැකියි. සුහදත්වය ඇතිකරගැනීමේදි ඔබේ සීමාවන් ගැන අවබෝධයක් තිබීමත් ඉතාමත් වැදගත්.

අව්‍යාජ හැඟීම් ප්‍රකාශණ

තමන් රාජකීය පවුලට අයත් කෙනෙකු වුවත් මේගන් මාර්කල් කිසිඳු උඬගු බවකින් තොරව විවෘතව තමන්ගේ හැඟිම් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරන නිහතමානී කාන්තාවකි. මෙය ඇගේ චරිතයෙන් ලබාගත හැකි හොඳ ආදර්ශයකි. ඔබ කෙනෙකු හැඳිනුවත් නැතත් සැමවිටම අවංකව හා අව්‍යාජව හැසිරෙන්න. එය ඉතා ආකර්ෂණීය පෞරුෂත්ව ලක්ෂණයකි. ඔබේ අවංක බව අන ය ඔබේ කෙරෙහි ආකර්ෂණය වීමට හා ඔබ සමඟ ඉක්මනින් මිත්‍රත්වයන් ගොඩනගා ගැනීමට ප්‍රබලව බලපාන සාධකයකි.