මෙම පුද්ගලයාගේ ඇත්ත වයස හිතා ගන්නවත් පුලුවන්ද..?

ඡායාරූපයේ සිටින මෙම පුද්ගලයාගේ ඇත්තම වයස අවුරුදු 52 ක් කිවුවොත් ඔබ විශ්වාස කරනවාද? මේ ආකර්ෂණීය සහා කඩවසම් පුද්ගලයා තමයි Chuando Tan. ඔහු සිංගප්පූරු ජාතිකයෙකි. ඔහුගේ ඇත්තම වයසට වඩා ඔහුගේ පෙනුම ඉතා ලාබාල හා තරුණ බවකින් යුක්ත විම ඔහුගේ පෞරුෂයේ විශේෂත්වයකි. ඒ නිසාම ඔහුට කාන්තාවන්ගේ ආකර්ෂණයෙන් නම් අඩුවක් නැති බවයි සඳහන් වෙන්නේ. එමෙන්ම බොහෝමයක් පිරිමි අය ඔහුගේ මේ අසාමාන්‍ය කඩවසම් පෙනුම ගැන ඉරිසියාවෙන් ඉන්නවා වෙන්න පුලුවන්. සිරුරේ හැඩය සහා මනා පෙනුම ‍රැකගන්න ඔහු විසින් අනුගමනය විශේෂ දේවල් මොනවාද කියා අපි බලමු.

මනා පෙනුම

ඔහුව දකින ඕනම කෙනෙකුට හිතෙන්නේ ඔහු අවුරුදු විසි ගණනක තරුණයෙක් බවයි. නමුත්, ඇත්තෙන්ම ඔහු දැන් සිටින්නේ මැදි වියේයි. පෙනුමින් වයස කියන්න පුලුවන් කිව්වත් Tan ගේ පෙනුමත් එක්ක බලද්දි ඒ ක්‍රමය හැමවෙලේම සාර්ථක නැති බවයි පෙනෙන්නේ.

වයස

ඔහු උපත ලබා ඇත්තේ 1966 වසරේ මාර්තු 3 වන දායි. ඒ අනුව දැන් ඔහුට වයස අවුරුදු 52 කි.

තරුණ පෙනුමට හේතුව

ඔහුගේ ආකර්ෂණීය බාහිර පෙනුමට හේතුව වන්නේ ඔහු තමන්ගේ සිරුර කෙරෙහි හොඳ සැලකිල්ලකින් කටයුතු කිරීමයි. ආහාර, ‍රැකියාව සහා සෞඛ්‍ය කෙරෙහි වඩාත් නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කිරීම ඔහුගේ රහසයි.ඒ වගේම පෙනුම ‍රැකගැනීම සඳහා ඔහු විසින් යම් අධිෂ්ඨානශීලී කැපවීමක් ද සිදුකරන බවයි සඳහන් වෙන්නේ.

රැකියාව

ඔහු 1980 වසරේ සිට නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටියි. වර්තමානයේ ඔහු සිංගප්පූරුවේ සිටින ජනප්‍රිය පොප් ගායකයෙකු ද වේ.එමෙන්ම ඔහු එරට නමක් දිනාගත් ඡායාරූප ශිල්පියෙක් ලෙස හැඳින්වේ.

ආහාර රටාව

ඔහුගේ ශාරිරීක සුවතාව පවත්වාගැනීමට ඔහු භාවිතා කරන ආහාර රටාව සහ පුරුදු මෙසේය. උදෑසන ආහාර වේල සඳහා ඔහු දිනකට බිත්තර 6 ක් සහා කිරි මිශ්‍ර කල අලිගැට පේර පානය කරයි.ඔහු කුකුල් මස් ද අනුභව කිරීම ද ප්‍රිය කරයි. ප්‍රමාණවත් පරිදි හොඳ නින්දක් ලබාගැනීමත් ඔහුගේ දෛනික පුරුද්දකි. දිනපතා වැඩිපුර ජලය පානය කිරීමත් ඔහු විසින් සිදුකරන්නකි. ඒ අනුව වැටහෙන්නේ ඔහු විසින් සරල සහා මූලිකම සෞඛ්‍ය පිලිවෙත් කිහිපය අනුගමනය කරන බවයි.

ව්‍යායාම

නිවැරදි ආහාර රටාවක් අනුගමනය කරන අතරේ සිරුරට හොඳින් ව්‍යායාම ලබාදීමද වැදගත් වේ. ඔහු විසින් සතියකට වාර 3 බැගින් සති හතරකට මිනිත්තු 90 බැගින් ව්‍යායාම වල යෙදේ. සිරුරේ ශක්තිය වර්ධනය කරගැනීමේ අරමුණින් දිනපතාම පිහිනුම් ක්‍රීඩාවේ යෙදීමද ඔහු විසින් අනුගමනය කරන පුරුද්දකි.

ඔහු හොඳ ආදර්ශයක්

නිවැරදි ආහාර රටාව, හොඳ නින්දක් ලැබීම සහා සිරුරේ තෙතමනය (සජලතාව) ‍රැකෙන ලෙස හොඳින් ජලය පානය කිරීම තුලින් සිරුරේ පෙනුම ‍රැකගත හැකියි. සිරුර කෙරෙහි හොඳ සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් ය.නීරෝගීබව හා ශරීර ශක්තිය ‍රැකගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව ඔහුගේ ජීවිතයෙන් ලබා ගත හැකි ආදර්ශයයි.