මෙම ප්‍රශ්නවලට ඔබ ලබාදෙන පිලිතුරු අනුව ඔබ ගැන හෙලි කරන රහස් 4ක්

ඉතා සරල පෞරුෂත්ව පරීක්ෂාවක් සිදුකරමු! මේ සඳහා ඔබට හිස් කඩදාසියක් සහා පැනක් අවශ්යුය වෙනවා. මේ ප්‍රශ්න වලට වැඩි වෙලාවක් නොගෙන පිලිතුරු සටහන් කල යුතුයි. ඒ කියන්නේ, ඔබේ මතකයට නැගුණු පළමු පිලිතුර එවෙලෙම හිස් කඩදාසියේ සටහන් කිරිම සිදුකල යුතුයි. ඔබේ පරිකල්පන හැකියාව මෙහිදී ඔබට භාවිතයට ගැනීමට සිදුවෙනවා.
මුළින්ම ඔබට පහසු ඉරියව්වකට පැමිණෙන්න. දැන් සුලු වෙලාවකට ඔබේ තර්කානුකූලව සිතීම නතර කරන්න.

දැන්, ‘ඔබ උණුසුම් මුහුදු ජලයේ පීනමින් සිටින බව මනසින් මවාගන්න’.

1. ඔබ මුහුදේ ගැඹුරටම පිහිනමින් අවට විසිතුරු මත්‍යසයින් සහා මුහුදු ජීවින් ගේ සුන්දරත්වය නරඹමින් සිටින අතරේ එක් වරම දියකිඳුරියක් දකින්නට ලැබෙනවා. ඇයගේ වලිගය මොන පාටද?

2. ඔබේ ඇසට හසුවන්නේ දියකිඳුරිය පමණක් නොවෙයි. ඇයත් සමඟ එක් මාලුවෙක් ද පිහිනමින් සිටින බව ඔබට පෙනෙනවා. ඒ මොන වර්ගයේ මාලුවෙක් ද? ඒ මාලුවා භයානක සහා ආවේගශීලී මාලුවෙක් ද නැතිනම් හානියක් නොමැති අහිංසක මාලුවෙක් ද?

3. ඔබ තවත් ගැඹුරටම පිහිනමින් සිටියි. එවිට මුහුදු පතුලේ තිබෙන මුතු බෙලි ක‍ටුවක් ඔබට දකින්නට ලැබෙයි. එම මුතු බෙලි ක‍ටුව ඔබට පෙනෙන්නේ කොයි ආකාරයෙන් ද? එය හැඩයෙන් පැතලි හා සුමුදු බවින් යුතුද ? නැතිනම්, හැඩයෙන් රවුම් හා කේතුකාකාර බවින් යුතුද?

4. දැන්, ඔබ නැවතත් ගොඩ බිමට යායුතුයි සිතමින් ඉහළට පිනා යයි. අවසානයේ ඔබ එක් වෙරළක් දෙසට පිහිනා ඒමට සමත් වෙයි. එහිදී ඔබට මිනිසුන් කී දෙනෙකු දක්නට ලැබේද?

ඔබ දු‍ටු දර්ශණයේ මතකය් ආවර්ජනය කරමින් මේ ප්‍රශ්න වලට පිලිතුරු සටහන් කරන්න.

දැන් පිලිතුරු සසඳා බලන්න.

1. දිය කිඳුරියගේ වලිගයේ වර්ණයෙන් ඔබ කොතරම් සමාජශීලී දැයි නිරූපණය වේ
• සිසිල් වර්ණ (cool colors) උදා: කොළ, නිල් වර්ණ මඟින් ඔබ ඉතා ලැජ්ජාශීලි පුද්ගලයෙකු බව හෙලි කරනවා

• දීප්තිමත් වර්ණ උදා: රෝස, කහ වැනි වර්ණ මඟින් ඔබ අමුත්තන් සමඟ වුවද ඉතා ඉක්මනින් කුළුපග වීමට හැකි පුද්ගලයෙකු බව පෙන්නුම් කරනවා.

2. මාලුවා මඟින් ඔබ මතභේදාත්මක ගැටලුවක් විසඳාගන්නා ආකාරය සංකේතවත් වේ.
• ඔබ ‍තෝරාගත්තේ ආවේගශීලි නොවන අහිංසක මාලුවෙක් නම්, ඉන් අදහස් වන්නේ ඔබ ඔබේ මතය ඉදිරිපත් කිරීමට සහා ඒ වෙනුවෙන් පෙනී සිටීමට ඕනෑම මොහොතක සූදානමින් සිටින බවයි.

• ඔබ දු‍ටුවේ භයානක ආකාරයේ මාලුවෙක් නම්, ඉන් අදහස් වන්නේ ඔබ ගැ‍ටුම් හා වාද වීම් ඇතිවීම වැළැක්වීමට හැකිතාක් උත්සාහ කරන ආකාරයේ පුද්ගලයෙකු බවයි.

3. බෙලික‍ටුව මඟින් ඔබ අන් අය සමඟ කොතරම් දුරට විවෘත කටයුතු කරන පුද්ගලයෙකු දැයි සංකේතවත් වේ.
• කැටයම් රහිත සුමුදු බෙලික‍ටුවක් දු‍ටුවේ නම්, ඔබ මිනිසුන් සමඟ ඉතා විවෘත මනසකින් මිත්‍රශීලීව කටයුතු කරන පුද්ගලයෙකු බව හෙලි වේ.

• අමුතු හැඩයේ බෙලික‍ටුවක් දු‍ටුවේ නම්, ඉන් අදහස් වන්නේ ඔබ ඔබගේ තොරතුරු අන් අය සමඟ බෙදාගැනීමට එතරම් කැමැත්තක් නැති, අන් අය සමඟ විවෘතව මිත්‍රශීලී බවකින් කටයුතු කිරීමට උනන්දු නොවන පුද්ගලයෙකු බවයි.

4. වෙරළේ ඔබ දු‍ටු මිනිසුන් ගණනින් අදහස් කෙරෙන්නේ ඔබට සිටින මිතුරන් ප්‍රමාණය ගැනයි.
• ඔබ මිනිසුන් රාශියක් වෙරළේ සිටින බව දු‍ටුවා නම් ඔබ බොහෝ ආකර්ෂණයක් සහිත හැමෝගේම අවධානයට ලක් වෙන පුද්ගලයෙකු බව හෙලි කරයි.

• ඔබ දු‍ටුවේ මිනිසුන් ඉතා අඩු ප්‍රමාණයක් නම්, ඉන් අදහස් වන්නේ ඔබට මිතුරන් බොහෝ ප්‍රමාණයක් නැති බවත් ඔබ ඇසුරු කරන්නේ වඩාත් සමීපම මිතුරන් කිහිප දෙනෙකු බවත්ය.

• ඔබ දු‍ටුවේ වෙරළේ සිටින්නේ ඔබ පමණක් බව නම්, ඔබ අන් අය කෙරෙහි කිසිඳු විශ්වාසයක් නොමැති සහා මිතුරන් ඇති කරගැනීමට උනන්දුවක් නැති පුද්ගලයෙකු බව ඉන් බොහෝ දුරට අදහස් වේ.