මෙම ආහාර වර්ග 9ය කන්න කලින් ටිකක් මේ ගැනත් ටිකක් හිතන්න

කෑම ගැනීමෙන් පසු විශේෂයෙන්ම දිවා ආහාර වේලෙන් පසු බොහෝ දෙනෙකු හට නිදිමත ගතියක් දැනීම සිදුවේ. මේ අත්දැකීම ඇතැම් විට ඔබටත්  දැනෙනවා ඇති. නවතම සමීක්ෂණ වලින් හෙලි වි තිබෙන කරුණක් වන්නේ නිදිමත හටගන්නේ පුද්ගලයෙකු තුල නින්දක් ලැබීමට ඇති ආශාව නිසා පමණක් නොවන බවත් ඒ සඳහා අපි විසින් පරිභෝජනය කරනු ලබන ඇතැම් ආහාර වර්ග ද හේතු වන බවයි. ආහාරයට ගැනීමෙන් පසු නිදිමත ගතියක් ඇති කරවිය හැකි එවන් ආකාරයේ ආහාර වර්ග 9 ක් ගැනයි පහත දැක්වෙන්නේ.

කිරි නිෂ්පාදන (dairy products)

බොහෝ කිරි නිෂ්පාදන අතරින් සිරුර සැහැල්ලු කරමින් වැඩිම බලපෑමක් ඇති කරන්නේ ‘hard cheese’ විශේෂයයි. ඒවායේ ඉහළ කැල්සියම් ප්‍රමාණයක් අඩංගු වීම ඊට හේතුවයි.චීස් සමඟ ක්‍රැකර් වර්ග ආහාරයට ගැනීමෙන් මෙම බලපෑම තවත් වැඩි වේ. ඊට හේතුව වන්නේ ක්‍රැකර් වල අඩංගු කාබෝහයිඩ්‍රේට් මඟින් ට්‍රිප්ටෝපේන් ක්‍රියාකාරීත්වය තීව්‍ර කිරීම නිසා සිරුරට නිදිමත ගතියක් ඇති වීමට පටන් ගනියි.

ආමන්ඩ්

ආමන්ඩ් වල ද ට්‍රිප්ටෝපේන් අඩංගු වේ. ට්‍රිප්ටෝපේන් (tryptophan) යනු ඇමයිනෝ අම්ල විශේෂයක් වන අතර ඒවා මඟින් නිදිමත හෝර්මෝනය ලෙස හැඳිනෙවෙන ‘මෙලටොනින්’  නිෂ්පාදනය කිරීම සිදුකරයි. ආමන්ඩ් වල අඩංගු මැග්නීසියම් ගුණ මඟින් සිරුරේ මාංශ පේශීන් වල පීඩනයන් සමනය කරමින් සිරුර සැහැල්ලු කරන නිසා නිද්‍රාශීලි බවක් දැනිමට පටන් ගනියි.

කෙසෙල්

එහි අඩංගු සීනී, පොටෑසියම් සහා මැග්නීසියම් පෝෂක මඟින් මොලයට පහසුවෙන් ට්‍රිප්ටොපේන් ගමන් කරවීමට සමත් වන නිසා නිදිමත ගතිය ඉක්මනින් ඇතිකරවයි.

වොල්නට්

ආමන්ඩ් වලට වඩා වොල්නට් වල අඩංගු ට්‍රිප්ටෝපේන් ප්‍රමාණය ඉතා අඩුය. නමුත්, වොල්නට් වල මෙලටොනින් අන්තර්ගතව පවතියි. පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ වොල්නට් ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඇති මෙලටොනින් මට්ටම වඩාත් ඉහළ දමන බවයි. ඉන් එම පුද්ගලයා හට යම් නිදිමත ගතියක් දැනීමට පටන් ගත හැකි බව ඔවුන් පෙනා දෙති.

චෙරි

රාර්ට් චෙරි (tart cherry)වල ඉතා ඉඅහළ මෙලටොනින් ප්‍රමාණයක් අනතරගත වේ. කෙසේ වෙතත්, සාමාන්‍ය චෙරි අහුරක ද එම පෝෂක අඩංගු ය.චෙරි යුෂ වීදුරුවක් පානය කිරිමෙන් සුවදායි නින්දක් ලැබිය හැකි බව ද පැවසේ.

කැමොමයිල් ටී

කැමොමයිල් යනු සූවදෑති පැළෑටි විශේෂයකි. ඒවායේ ග්ලයිසින් (glycine) නම් ඇමයිනෝ අම්ල වර්ගයක් අඩංගු වන අතර ඒවා මඟින් සිරුරේ මාංශ පේශීන් සහා ස්නායු පද්ධතිය සැහැල්ලු කිරීම සිදුකරයි. එහි ප්‍රතිඵලයක් ලෙස සිරුරට විවේකයක් දැනීමට පටන් ගනියි. කැමොමයිල් තේ පානයකින් සුවදායි නින්දක් ලැබිය හැකි බවයි පැවසෙන්නේ.

වට්ටක්කා ඇට

වට්ටක්කා ඇට වල ට්‍රිප්ටෝපේන් වලට අමතරව සින්ක් සහා මැග්නිසියම් පෝෂක ද අඩංගු වේ. මෙම සංඝටක මඟින් සිරුර වඩාත් සන්සුන් කරමින් සැහැල්ලු කිරීම සිදුකරයි.

සුදු බත්

සුදු බත් යනු ඉහළ ග්ලයිසමික් දර්ශකයක් අඩංගු ආහාරයකි. අනුභවයෙන් පසු පැය 3-4 ක් පමණ නිදිමත ගතිය දිගින් දිගටම දැනිය හැකියි.

තෙල් සහිත මාලු වර්ග

සැමන්, ටූනා වැනි මේද සහිත මාලු වර්ග වල අඩංගු අම්ල මඟින් මෙලටොනින් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරවයි. මෙම අම්ල මඟින් සිරුරේ ඇති රුධිරයේ අඩංගු ආතති හෝර්මෝන මට්ටම පහත දැමීම ද සිදුකරයි. මෙවැනි ආහාර ලබාගත් පසු සිරුරට නිදිමත ගතියක් දැනීම ස්වභාවිකය.