මෙන්න මේ දේවල් වලට මෙම වර්ණ භාවිතා කරන හේතුව ඔබ දන්නවද

මිනිස් ඇසට මිලියන 7 කටත් වඩා වැඩි විවිධ වර්ණ වර්ග දැකීමේ හැකියාව ඇත. වර්ණ යනු ඉතා ආකර්ෂණීය දෙයක්. ඒ නිසාම එදිනෙදා ජීවිතයේ භාවිතා වන දේවල් වලටත් යම් යම් වැදගත් හේතුන් මත පිහිටා විශේෂිත වූ වර්ණ භාවිතා කරනු ලබනවා. යම් යම් දේවල් වලට ආවේණිකවූ විශේෂිත වර්ණයක් භාවිතා කරන්නේ ඇයි කියන කුතුහලය ඔබටත් ඇති. ඒවාට හේතු තමයි මේ කියන්න සූදානම් වෙන්නේ.

ගිනි නිවන ජලෝද්ගම නළ හෙවත් ‘Fire hydrants’

ගිනි නිවීමට භාවිතා වන මෙම නළ සඳහා විවිධ වර්ණ භාවිතාවේ. එම විවිධ වර්ණ මඟින් එක් මිනිත්තුවකදි එයින් පිටකරන ජල ගැලුම් ප්‍රමාණය කොපමණදැයි නිරූපණය කෙරේ. ඒ වගේම ගින්නේ විශාලත්වය අනුව භාවිතා කරනු ලබන Fire hydrant වර්ගත් එකිනෙකට වෙනස් වෙනවා. මෙවැනි නළ සඳහා වැඩි වශයෙන් භාවිතා කරන්නේ රතු,තැඹිලි,කොළ සහා නිල් යන වර්ණයි.

ව්‍යාපාරික ගුවන්යානා

බොහෝ ව්‍යාපාරික ගුවන්යානා වර්ණ ගන්වා ඇත්තේ සුදු වර්ණයෙන් වීම විශේෂත්වයකි. එහි අරමුණ තමයි සූර්යාලෝකය පරාවර්තනය කිරීම. සූර්ය තාපය නිසා ගුවන්යානාවට ඇති විය හැකි හානි අවම කිරීම සහා යානාව අධික ලෙස රත්වීම වැළැක්වීම සඳහා මෙසේ සුදු පැහැති ලෙස තීන්ත ගැන්වීම සිදුකරනු ලබනවා. ගුවන්යානාව සුදු පාටින් තීන්ත ආලේප කරතිබීම නිසා යානාව ගොඩ බෑමේදී සිසිල්ව නිශ්චල වීමට ගතවන කාලය ඉතා අවම කිරීමට උපකාරී වේ.

ටයර්

ටයර් සෑදීමට භාවිතා වන රබර් වල වර්ණය සැබැවින්ම සුදු පැහැතිය. නමුත්, එම රබර් වල ආයු කාලය වඩාත් දිගු කරගැනීමට ඊට කලු කාබන් එක් කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රබර් ක්‍රමයෙන් කලු පැහැති වර්ණයට හැරෙනවා. කලු කාබන් මඟින් ටයර් වල ශක්තිය සහා කල්පැවැත්ම වැඩිකරවනවා. ඒ වගේම ඒවාට හැකියි තාපය ඉවත් කරමින් අහිතකර පාරජම්බුල කිරණවලින් ටයරය ආරක්ෂා කිරීමට.

ආලෝක සංඥා හෙවත් Traffic lights

ආලෝක සංඥා වල දැකිය හැකි ප්‍රධාන වර්ණ තුන වන්නේ රතු,කොළ සහා කහා යන වර්ණයි. රතු වර්ණයෙන් “නවතින්න” යන විධානයත්, කහා වර්ණයෙන් ‘‍රැඳීසිටින්න’ විධානයත්, සහා කොළ වර්ණයෙන් “පිටත්වෙන්න” යන විධානයත් නිරූපණය වේ. කෙසේවෙතත් මේ වර්ණ ත්‍රිත්වය ‍තෝරාගැනීම පි‍ටුපස විශේෂ හේතුවක් තිබෙනවා. දීර්ඝතම තරංග ආයාමයක් සහිත වර්ණය තමයි රතු වර්ණය. ඒ නිසා ඉතාම ඈතකදී සිට වුව රතු වර්ණය පැහැදිලිව දිස්වෙයි. විශේෂයෙන්ම රියදුරන් හට දුර තියාම මේ වර්ණ සංඥාව හඳුනාගැනීමට හැකියාව ඇත. කහ වර්ණය සතු තරංග ආයාමය රතු පැහැයට වඩා අඩු වුවත් කොළ පැහැයට වඩා වැඩි අගයක් ගනියි.  මෙම තරංග ආයාමයන් අනුව කොළ වර්ණයෙන් කහා වර්ණයටත් හෝ කහ වර්ණයෙන් රතු වර්ණයටත් ආලෝකය වෙනස් වීම ආලෝක සංඥා වලදී පැහැදිලිව දැක ගත හැකිවේ.

පාර මාරු වීමට ඇති ඉරි

මේ සඳහා භාවිතා වන්නේ සුදු වර්ණයයි. කලු සහා සුදු වර්ණ සුපැහැදිලිව වෙනස හොඳින් පෙන්වන නිසා ඈතදීම ඉතා හොඳින් හඳුනාගැනීමට හැකිවෙයි. ඈතදීම මේ ආකාරයෙන් පාර මාරුවන ඉරි දිස්විම රියදුරන් සඳහා තම රථයේ වේගය බාල කරගැනීමට අවශ්‍යය කාලය ලබාදෙන නිසා මිනිසුන්ට ඒ හරහා පාර මාරු වීමට අවස්ථාව සැලසෙනවා.

පාසල් බස් රථ

විදේශ රටවල පාසල් බස් රථ සඳහා විශේෂ වර්ණයක් ලෙස කහ වර්ණය භාවිතා කරයි. ඒ විශේෂ ආරක්ෂක හේතු මතයි.පාසල් බස් රථ තීන්ත ගන්වා ඇති කහ සහා කලු යන වර්ණ වල පැහැදිලි වෙනස නිසා ළමුන්ට ඒවා අනිත් බස් රථ වලින් වෙන්කර හඳුනාගත හැකිවෙනවා. ඒ වගේම අඳුරු දවස් වලදී වෙනත් රියදුරන් හට පාසල් බස් රථ වෙන් කර හඳුනාගැනීමට මේ වර්ණ දෙක ගොඩක් උපකාරි වෙනවා.

ටැක්සි රථ

විදේශ රට වල බහුලව භාවිතා වන ටැක්සි රථත් වර්ණ ගන්වා තිබෙන්නේ කහ වර්ණයෙන්. මෙසේ සිදුකර තිබෙන්නේත් මගීන්ට හඳුනාගැනීමට පහසුවීමටයි. කහ වර්ණය කියන්නේ අන් වර්ණ අතරේ කැපි පෙනෙන වැඩි ආකර්ෂණයක් ඇති වර්ණයක්.

පා පන්දුව

ප්ලාස්ටික් වලින් පා පන්දු සෑදූ මුල් කාලයේදී එම පන්දු සුදු වර්ණයෙන් බ්ලීච් කිරීම සිදුකරතිබෙනවා. කෙසෙවවෙතත් පසුකාලීනව ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ‘Adidas’ ආයතනය විසින් ඊට කලු වර්ණයද එක් කල යුතු බවට තීරණය කර තිබෙනවා. කලු සුදු රූපවාහිනි භාවිතා වූ සමයේදි පන්දුව හොඳින් රූපවාහිනිය තුලින් දර්ශණය වීමට මේ සුදු සහා කලු වර්ණ ද්විත්වය පහසුවක් වී තිබෙනවා.

වැසිකිළි කඩදාසි (Toilet paper)

වැසිකිළි කඩදාසි සුදු පැහැයෙන් යුක්ත වන්නේ ඒවා බ්ලීච් කර ඇති  නිසයි. බ්ලීච් ගන්වා නොමැතිවූවානම් ඒවා බොහෝ විට දුඹුරු පැහැයෙන් යුක්තවේ. ලෝකයේ සෑම රටකම වැසිකිළි කඩදාසි නිෂ්පාදනය නොකරන්නේ සමාගම් වලට ඒ සඳහා ඩයි වර්ග භාවිතා කිරීමට වීමෙන් විශාල මුදල් ප්‍රමාණයක් ඊට වැය කිරීමට සිදුවන නිසයි. ඒ නිසයි වැසිකිළි කඩදාසි සුදු වර්ණයෙන් යුක්ත වීම බොහෝ පිරිවැය ඵලදායි දෙයක් වෙන්නේ. නමුත්, වැසිකිළි කඩදාසි සුදු වර්ණයෙන් යුක්ත වීමට එකම හේතුව මෙය පමණක් නොවේ. ඩයි වර්ග යොදා සකස් කරනලද වැසිකිළි කඩදාසි එතරම් ඉක්මනින් දිරාපත්වන්නේ නැහැ. ඒ වගේම ඒවා සෞඛ්‍යයට අවදානම් බව ඒ කාලයේ වෛද්‍ය මතය වීත් තිබෙනවා. මේ වගේ ගැටලු නිසා සුදු වර්ණය ඉතා ආරක්ෂාකාරී ‍තෝරාගැනීමක් කියා විශ්වාසකරනවා.

සමාජ ජාලා (social media)

සමාජ ජාලා ‍රැසකම විවිධාකාරයේ logo භාවිතා කර තිබුණත් බොහෝ ඒවා නිර්මාණය කරතිබෙන්නේ නිල් වර්ණය යොදාගෙන වීම විශේෂත්වයකි.මනෝවිද්‍යානුකූලව සන්නිවේදන ක්‍රියාවලියේදී  බුද්ධිය සහා මනස  සම්බන්ධ කරන  විශේෂ වර්ණයක් ලෙසයි නිල් වර්ණය හැඳින්වෙන්නේ. ඒ වගේම නිල් වර්ණයෙන් ආරක්ෂිතබව සහා විශ්වාසනීයත්වය හඟවන බව පැවසෙනවා.බොහෝ සමාජ මාධ්‍යය ආයතනයන් විසින් ඒ ඒ සමාජ ජාලා බාවිතා කරන්නන් අතරේ සන්නිවේදනයේදී සුරක්ෂිත හැඟීමක් ඇති කිරීම සඳහා මේ ආකාරයෙන් නිල් වර්ණයෙන් යුත් logo සකස් කිරීමට තීරණය කරතිබෙන බවයි සඳහන් වෙන්නේ.