‘මිනිසුන්ගෙන් බැනුම් අහලා රේටින්ස් ගන්න මට ඕන නෑ’ ජනප්‍රිය නළු ධනංජය කියන කතාව.

ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කුමන රටක වුනත් නළුවෙක් වෙන එක ගොඩක් අමාරුයි. රංගන ශිල්පිනියන් කොපමණ සිටියත් කළා නිර්මාණයකට ගැලපෙන ගැලපෙන රංගන ශිල්පියන් ඉන්නේ අතලොස්සක්. ඉතින් ඒ වගේ අපේ කළා ලෝකයේ අතලොස්සක් රංගන ශිල්පියන් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නේ. ඔහු විසින් රංගන දායක වුන ටෙලිනාට්‍ය වගේම සිනමාපටත් ලංකාවේ ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරෙන් වැළඳ ගත්තා ඒ අතරින් ‘ඇලඩින් සහ පුදුම පහන’, ‘රූකඩ පැංචි’, ‘අලිකතාව’ වැනි සිනමාපට හරහා ඔහු වඩාත් ජනප්‍රිය වුනා,

ධනංජය සිරිවර්ධන විවාහ වන්නේ කළා ක්‍ෂේත්‍රයේම කෙනෙකු සමග. ඇය තමයි ශෂිනි. ඉතින් දැන් මේ දෙන්නගේ පුංචි කැදැල්ල ලස්සන කරන්න තවත් අමුත්තෙක් ඉන්නවා. එයා තමයි මෞර්යා ශෛරී පුංචි දෝණි. දෝනිගේ හුරතල් බල බල ගෙවෙන මේ කාලේ ගොඩක් සුන්දරයි කියලයි ධනංජය – ශෂිනි යුවල කියන්නේ. රංගන ශිල්පියෙක් වගේම ධනංජය නිවේදකයෙක් ලෙසත් කළා ක්ෂේත්‍රයේ ගොඩක් ජනප්‍රිය වුනා ඉතින් ඒ පිලිබඳ ධනංජය කිවුවේ මේ වගේ කතාවක්. ”සුදත් රෝහණ මහත්මයා මට ITN නාලිකාවේ chat and music වැඩසටහන කරන්න කතාකළා. ඇත්තටම අපිට ඕන වුණේ මිනිසුන්ගෙන් බැනුම් අහලා රේටින්ග්ස් වැඩි කරගන්න වැඩක් කරන්න නෙමෙයි තත්ත්වය රැකගත්ත වැඩසටහනක් කරන්න. ඉතින් මේ වැඩසටහන විකාශය වෙද්දි සජීවිව බොහෝ දෙනෙක් මට කෙටි පණිවුඩ එවනවා.ලැබෙන ප්‍රතිචාර හොදයි.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ධනංජය – ශෂිනි යුවල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.