මිනිස් සිරුරේ ඇති අපි නොදන්නා කරුණු 21ක්

මිනිස් සිරුර කියන්නේ පද්ධති රාශියක එකතුවක්. ඒ වගේම ඒවගේ ක්රිලයාවලීන් ද ඉතා සංකීර්ණ ඒවායි. ජීවය පවත්වාගැනීම සඳහා විශාල යාන්ත්රකණයක් එහි සිදු වෙනවා. මිනිස් සිරුර ආශ්චර්යමත් නිර්මාණයක් ලෙස හැඳින්වෙන්නේ ද මේ අපූරු ක්රි යාකාරිත්වයන් නිසයි. වෛද්යම විශේෂඥයින් සහා විද්යාපඥයින් පවා පුදුමයට පත්කරමින් පර්යේෂණ වලින් අනාවරණය කරගත් මිනිස් සිරුරේ අභිරහස් ක්රි‍යාවලීන් සහා අනෙකුත් අපූරූ සිදුවීම් කිහිපයක් ගැනයි මේ සටහන.

1 මිනිස් දිව අතිශයින්ම පුද්ගලයාට අනන්ය වූ අංගයකි. දිවේ මතු පිට පිහිටීම එකිනෙකාගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වේ.

2 මිනිස් කෙස් ගසකට ඇපල් ගෙඩියක් තරමේ බරක් එල්ලාගෙන සිටීමට තරම් ශක්තිමත්ය.නමුත්, එම ඇපල් ගෙඩි වල ප්රලමාණාත්මක ස්වරූපය කෙසේ වේදැයි විද්යාතඥයින් විසින් නිශ්චිතව දක්වා නැත.

3 මිනිසෙකුගේ මුඛයේ සිටින බැක්ටීරියාවන් සංඛ්යාාව ලෝක ජනගහනයට සමාන බව හා ඇතැම් විට ඊටත් අධික සංඛ්යාැවක් වන බව කියවේ.

4 නියපොතු වල නිය මල නොමැතිව, මෘදු සහා බි‍ඳෙන සුලු ගතියෙන් වැඩි ආකාරයෙන් පිහිටයි නම් එය අධික්‍රියාකාරී තයිරොයිඩ් ග්‍රන්ථියක් සහිත වීමේ ලක්ෂණයක් විය හැකියි.

5 මොලයේ හට ගන්නා ආවේගයක(Brain impulse) වේගය පැයට කි.මී.400 ක් පමණ වේ.

6 රුධිරය ප්රනධාන වර්ග 4 ක් පමණක් නොවේ. විවිධ වර්ගයේ රුධිර කාණ්ඩ 29 ක් ඇත. ඒවා අතරින් දුර්ලභම කාණ්ඩය වන්නේ HH හෙවත් බොම්බේ උප ලේ වර්ගයයි. ජපානයේ ඇතේම් පවුල් කිහිපයක් අතරේ මේ ලේ වර්ගය පවතින බව අනාවරණය විය.

7 දිනකට සිරුරේ රුධිරය ගමන් කරන මුලු දුර ප්‍රමාණය කි.මී. 19,312 කි.

8 මිනිස් සිරුරේ පිහිටන සියලු ස්නායූ ප්‍රමාණයන්ගේ දිග කි.මී. 75 ක් පමණ වේ.

9 මිනිස් සිරුර දිනකට සිදුකරන ආශ්වාස-ප්‍රාශ්වාස ගණන දළ වශයෙන් 20,000 ක් පමණ වේ.

10 ලොව සෑම පුද්ගලයෙකුගේම ඇස් පිහා‍ටුවල ‘ඩෙමොක්ස්’ නම් විශේෂ මයිටාවන් වර්ගයක් ජීවත් වේ.

11 මිනිස් ඇසට වෙන් කර හඳුනා ගත හැකි වර්ණ සංඛ්යාව මිලියන දහයකට අධිකය. නමුත්, අපගේ මොලයට ඒ සියල්ල මතකයේ රඳවා ගැනීමට නොහැකිවේ.

12 මිනිස් කන් පුද්ගලයෙකුගේ මුලු ජීවිත කාලය පුරාවටම සිතාගත නොහැකි වේගයකින් වර්ධනය වෙමින් පවතියි. එය වසරකට මිලිමීටර් කාලක් ලෙස දැක්වේ.

13 මිනිස් හෘදය වසරකට ස්පන්දනය වන වාර ගණන වන්නේ වාර මිලියන 35 ක් ලෙසයි.

14 දිනකට මිනිස් ශරීරයෙන් ඉවත් කරන මැරුණු සෛල සංඛ්යාමව මිලියනයකට අධික වේ. එය වසරකට කිලෝග්‍රෑම් 2 ක් පමණ තරම් සෛල ප්‍රමාණයකි.

15 මිනිස් සමේ එක් වර්ග සෙන්ටිමීටරයක පිහිටන වේදනා සංවේදක ගණන 100 ක් පමණ වේ.

16 පිරිමි අයගේ දිවෙහි ඇති රසාංකුර ප්‍රමාණය කාන්තාවන්ගේ දිවෙහි ඇති රසාංකුර ප්‍රමාණයට වඩා අඩුය.

17 සාමාන්යෙන් මිනිසෙකු තම ජීවිත කාලය පුරාවට ලබා ගන්නා ආහාර ප්‍රමාණය ටොන් 35 ක් පමණ වේ.

18 එක් මිනිසෙකු ජීවිත කාලයෙන් වසර 5 ක් පමණ ඇස් පිය ගැසීම සඳහා වැය කරයි. වාසනාවකට මෙන් ඒ අතරේදී අන් කාර්යන් හි නියැලීමට මිනිස් සිරුර සැකසී තිබේ.

19 සෑම තත්පරයකදීම මිනිස් මොලය තුල සිදුවන රසායනික ප්‍රතික්රිියාවන් සංඛ්යාතව 100,000 ක් පමණ වේ.

20 කිවිසුමක වේගය පැයට කි.මී. 160 ක් පමණ වේ.

21 සිනාසීම සඳහා ඔබේ මුහුණේ වැය වන මාංශ පේශීන් සංඛ්යා්ව 17 කි. නමුත්, හැඬීමේදී මාංශ පේශීන් 43 ක් ඒ සඳහා වැය වෙනවා. ඉතින්, වැඩිපුර සතුටින් සිනාසී සිටීමට අමතක කරන්න එපා!