‘මාව විවාහ කරගන්න කැමති කෙනෙක් ඉන්නවනම් එයා වෙලාව ආවම ඒවි’ කෝටිපති නිලි යුරේනි කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න දඟකාර වගේම කටකාර රඟන ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියන්නේ. ගොඩක් අය ඇයව හඳුන්වන්නේ හිතේ එකයි කටේ එකයි නැතිව කියන දේ කෙලින්ම කියන රංගන ශිල්පිනියක් විදියට. සැම විටම නිර්ව්‍යාජ මුව සරසාගෙන සිටින ඇය තමන්ට ආවේනික වූ ගතිලක්ෂණ සමග දිවි ගෙවන්නියක්. කොහොම වුනත් යුරේනි මේ දවස්වලනම් කළා නිර්මාණ හරහා වැඩිය දකින්න නෑ. කළා නිර්මාණ හරහා දකින්න නොලැබුනත් පොටෝ ෂූට් හරහානම් ඇය නිතර දකින්න පුළුවන්.

යුරේනි පාසල් කාලයේ නිලියක් වෙන්න බලාපොරොත්තුවෙන් හිටිය කෙනෙක් නෙවෙයි ලු ඉතින් යුරේනි ඇයගේ පාසල් කාලය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක්. ”ඉස්සර මට තිබ්බේ ක්‍රිකට් උණක්. ඒ කාලේ අපි ටීවී බැලුවේ ඉරිදට විතරයි. අද වගේ එක එක නාට්‍ය තිබ්බේ නෑ ‘දූ දරුවෝ’ ‘නෑදෑයෝ’ වගේ නාට්‍ය තමයි අපි බැලුවේ. රංගන හැකියාව මට පෙර පිනකට ලැබුන දෙයක්, මම අවුරු 12ක්ම හැදුනේ හොස්ටල් එකේ. ඒ කාලේ මම ගොඩක් දඟ ළමයෙක් විදියට ප්‍රසිද්දයි, ඒකාලේ මගේ හැමත කොන්දේ පාටමයි මොකද මම වැඩිපුර ඉන්නේ ග්‍රවුන්ඩ් එකේ.” කියලයි. යුරේනි තවමත් තනිකඩයි දැන් විවාහ වෙන්න කාලේ හරි නේද ඇහුවම යුරේනි දුන්නේ මේ වගේ පිළිතුරක් ”කාලෙනම් හරි එත් තවම කෙනෙක් හරිගියේ නෑ, මාව බිරිඳ කරගන්න කැමති කෙනෙක් ඉන්නවනම් වෙලාව ආවම එයා ඒවි, එදාට මගේ හිත කිවුවොත් මෙයා හොදයි කියලා මම විවාහ වෙනවා. නැත්නම් මම මටම ආදරේ කරනමින් මම ඉන්නවා” කියලයි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.