‘මාව දැක්කම අදත් මගේ අම්මට ඇඬේනවා ‘ හැමෝම ආදරේ කරන රණවිරු කෝප්‍රල් සමීර කියන කතාව

ලංකාවේ ඔබත් මමත් අපි හැමෝම අපේ රණ විරුවන්ට හදවතින්ම ආදරේ කරනවා. ඒ වගේම හදවතින්ම ගෞරව කරනවා. මොකද අද අපි නිදහසේ හුස්ම ගන්නේ අපේ රණවිරුවන් නිසා. ලංකාවේ ඕනෑම ව්වසන තත්වයකදීත් මුලින්ම අපේ පිහිටට එන්නේ රණ විරුවන්. සුළි සුළඟක්, ගංවතුරක්, නායේ යෑමක් පමණක් නෙවෙයි මේ වනවිට පවතින වෛරස තත්වය පාලනය කරන්නත් වෙහෙසෙන්නේ අපේ රණ විරුන් විසින්. ඔවුන් අප වෙනුවෙන් කැප වෙන්නේ හරියට කුසට අහරක්වත් අරගෙන නෙවෙයි. ඉතින් අපේ රණවිරුවන් අප වෙනුවෙන් සේවය මෙතකයි කියා නිම කරන්න බෑ.

රණ විරුවන් මේ වනවිටත් අපේ ලක් මව වටා බැඳී රන් වළල්ලක් වගේ අපිව රකිනවා. ඒ වගේම මානුෂීය ක්‍රියාන්විතයේදී අපේ ජීවිත ආරක්ෂා කරන්න ඔවුන් ඔවුන්ගේ ජීවිත පරදුවට තිබ්බා. මේ ක්‍රියාන්විතයේදී අපේ විරුවන් දහස් ගණනක් අප හැරගියා. ඒ වගේම විරුවන් ගණනාවක්ම දැන් ඉන්නේ ආබාදිත තත්වයේ. ඉතින් ඒ විදියට ආබාදිත තත්වයේ ඉන්න ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගත් රණ විරුවෙක් තමයි කෝප්‍රල් සමීර ප්‍රියන්ත කියන්නේ. විරුවෙක් ලෙස රට රැකපු සමීර දැන් ආබාදිත සෙබලෙක්. ඒ වගේම සමීර නර්තන ශිල්පියෙක් ලෙසත් ගොඩක් ජනප්‍රියයි.

මේ වනවිට රට වෙනුවෙන් එක් පාදයක් අහිමිකරගෙන ඉන්න සමීර ඒ මතකන් අප සමග බෙදාගත්තේ මෙහෙමයි ” මේ සිදුවීම වුනේ 2009 වර්ෂයේදී, මම හමුදාවට බැඳුනේ 2008 – 12 -02 දා, පුහුණුවීම් ඉවර වෙලා රාජකාරි සඳහා මම පුදුමාතලන් ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරි කරනකොට 2009.05.13දා රෑ 11.30ට වගේ සතුරන් අටවපු උගුලකට මම අහුවෙනවා ඒ අනතුරෙන් මගේ අතේ ඇඟිලි, අතේ අස්ථි, බඩට, කොන්දට, මුළු ඇඟටම හානි වෙනවා. ඒ අනතුර වෙලත් හිතේ හයියට මට සිහිය නැතිවුනේ නෑ. තුවාල වෙලා අවුරුදු 4-5ක් සෑහෙන්න දුක් වින්දා. හොස්පිටල් එකේ ඉද්දි නැගිටින්නවත් බෑ. හැම තැනම තුවාල බෙහෙත් දාලා. කිසිම කෙනෙක් අල්ලන්නේවත් නෑ. මම නාන්නේ නැතුව මාස 5ක් විතර හිටියා. අල්ලද්දී ඇගෙන් කෑලි ගැලවෙනවා. අල්ලන්න බයයි ඒ තරම් තුවාල. ජාතික රෝහලේදී තමයි මාව නෑවුවෙ. ඒ මිස් නවරත්න. ඒ මිස්ට මම ගොඩක් ස්තුති කරනවා ඒ කරපු උදවු වලට. ඒ මිස් මට කන්න පවා ගෙනල්ලා දෙනවා. ඒ තරම් ආදරෙන් අපිව බලාගත්තා. ඊට පස්සේ පුනුරුත්තාපන රාජකාරි අවසන් කරලා තමයි අද අපි මේ වගේ තැනක ඉන්නේ මේ කතාව කියද්දීත් මගේ අම්මා අඩනවා. මම මෙහෙම දැක්කම මගේ අම්මට ඇඩෙනවා.” කියලයි. ඉතින් අපිව ආරක්ෂා කරන්න මෙතරම් කැපකිරීම් කල දිවි පිදු මෙන්ම ආබාදිතව ඉන්න රණ විරුවන්ට ස්තුති කරන්න මගේ භාෂාව පොහොසත් මදි. ජීවිතයේ තරුණ සමය රට වෙනුවෙන් කැප කල ඔබ සැමට ගොඩක් පින්.

01.

02.

03.

04.

05.

06.

07.

08.