මයිකල් ජැක්සන් ගැන කිසිවෙකු නොදත් රහස් කරුණු 10 ක් මෙන්න

ඇමෙරිකානු ජාතික මයිකල් ජැක්සන් ලෝකප්‍රකට පොප් ගායන තරුවකි. ඔහුව “පොප් රජු” ලෙසයි සංගීත ක්ෂේත්‍රයේ නම් දරාසිටින්නේ.ගායන ශිල්පියෙකු වගේම ඔහු දක්ෂ නර්ථන ශිලිපියෙක්, ගීත රචකයෙක් වගේම නලුවෙක් ලෙසත් කටයුතු කරලා තිබෙනවා. කැපී පෙනෙන විශිෂ්ඨ ගායන ශෛලියක් සහ ඔහුටම ආවේණික වූ නර්ථන විලාසයකින් ලොව කැලඹීමට සමත් වූ සුපිරි ගණයේ හඬ පෞරුෂයක් ලෙස ඔහු සංගීත ක්ෂේත්‍රය තුල අමරණීය වී සිටියි. “මයිකල් ජැක්සන් උන්මාදය” ලොව අස්සක් මුල්ලක් නෑර පැතිරී ගිය ‍රැල්ලක් විය. ලෝක ඉතිහාසයේ ප්‍රාසාංගික වේදිකාව උඩු යටි කුරු කල මෙම සුපිරි තරුව 2009 වසරේ හදිසි හෘදයාබාධයක් වැලඳීමෙන් ජිවිතයෙන් සමුගෙන ගියේ ලොව පුරා ඔහුගේ රසික ජනයා මහත් කම්පාවකට ලක් කරමිනි. ඔහුගේ ජීවිතය ගැන අප්‍රකට තොරතුරු කිහිපයක් ගැනයි මේ.

  • මයිකල් ජැක්සන් Spiderman චරිතයට දැඩි ලෙස ප්‍රිය කලේය. 90′ දශකයේ Marvel Comics ආයතනය බංකොලොත් වීමත් සමඟ ඔහු එම ව්‍යාපාරය මිලට ගැනීමට උත්සාහ දරා ඇත. ඔහුගේ ප්‍රධාන අරමුණ වී තිබුණේ එහි ප්‍රධාන චරිතය ඔහු විසින් රඟපෑමයි. නමුත් සැලසුම් ඔහු සිතූ පරිදි ක්‍රියාත්මක නොවීය. පීටර් පාර්කර් චරිතය වෙනුවෙන් තේරී පත්වූයේ නලු ටෝබී මැගුවර් ය.
  • බොහෝ දෙනෙක් සිතා සිටින්නේ මයිකල් ජැක්සන් කලා පවුලක ඉපදුණු  නිසා සංදර්ශණ වේදිකාව තුල තරුවක් වීමට හැකි වුණු බවයි. නමුත් ඇත්ත එය නොවේ. ඔහුගේ දෙමාපියන් සංගීත ක්ෂැත්‍රයට සම්බන්ධ අය වූවත් මයිකල් උපත ලද කාලයේ (1958 වසරේ) ඔවුන් දෙදෙනාම දෛනික ‍රැකියාවල යෙදුණු අය වූහ. ඔහුගේ පියා වූ ජෝ ජැක්සන් හට තම පුතුන් සංගීත ක්ෂේත්‍රයට යොමුකිරීමට අවස්ථාව ලැබි තිබුණේ මයිකල්ගේ උත්පත්තියෙන් පසුවයි.
  • ඔහුට සහ ඔහුගේ සොහොයුරන් හට පියා හිංසාකාරී ලෙස සලකා ඇති බව කියවේ. පෙරපුහුණු වීම් වලදී මයිකල් කායිකව මෙන්ම මානසිකව දැඩි හිංසනයට ලක් වූ අවස්ථා ඇති බව සඳහන් වේ. එක්තරා සම්මුඛ සාකච්ඡාවකදි වරක් ඔහු තම පියා ඔහුට සහ ඔහුගේ සොහොයුරන් හට පටියකින් පහර දුන්බවත් එසේ ඔහු එසේ කිරීම ගැන කිසිඳු පසුතැවීමක් තම පියාගෙන් නොදු‍ටු බවත් ඔහු මාධ්‍යයට පවසා තිබුණා.
  • ඔහුගේ පරම්පරාවේ පමණක් නොව එතෙක් මෙතෙක් නර්ථන ක්ෂේත්‍රයේ බිහිවූ විශිෂ්ඨතම නර්ථන ශිලිපියෙකු ලෙසයි ඔහුව සැලකෙන්නේ. Moonwalk ශෛලිය ඔහු නිර්මාණය කල එකක් නොවුණති ඊට නව මුහුණුවරක් දෙමින් ඔහුටම ආවේණික විලාසයක් ඉන් ගොඩනගා ගැනිමට ඔහු සමත්වුණා. ගුරුත්ව බලයටත් අභියෝග කරමින් හරි අපූරු ආකාරයේ නර්ථනයක් ඔහු Smooth Criminal සංගීත වීඩියෝවට පෙනී සිටිමින් ඉදිරිපත් කර තිබුණා. එහි එක් නර්ථන පියවරකදී ඔහු අංශක 45 ක කෝණයකින් සිටගෙන සිටින අයුරු දැකිය හැකියි. එය සාමාන්‍ය සිටගැනීමේ ඉරියව්ව අභිබවමින් ප්‍රගුණ කල විශේෂ පියවරකි.
  • ගුරුත්ව බලයට එරෙහිව නර්ථන විලාසයන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් වන ක්‍රම සහ භාවිතයන් සඳහා ඔහු විසින් තමාට සහ තම නර්ථන සගයින් සඳහා අංක.5255452 යටතේ ඇමෙරිකානු පේටන්ට් බලපත්‍රය (patent for method and means for producing anti-gravity illusion) ලබාගැනීම සිදුකර තිබුණා. මෙහිදී භාවිතා වූ ක්‍රමය නම් එක් විශේෂ සපත්තු යුගල කිහිපයකි. ඒවයේ අඩිය තුල කට්ටක් වැනි කොටසක් ඇති අතර එය වේදිකාව මත සකසා තිබූ කොකු මත ඇමිණිය හැකි සේ සකසා තිබිණි. මෙම විශේෂ පාවහන් සහ ක්‍රමය වෙනුවෙන් ඔහු පේටන් ගාස්තු ගෙවා තිබුණේ එම නිෂ්පාදන අලෙවිය සඳහා නොවන අතර මෙම ක්‍රමය වෙනත් අය අනිසි ලෙස භාවිතාකිරීමට යොමුවීම වැළැක්වීම වෙනුවෙන්ය. මෙම පේටන්ට් බලපත්‍රය 2005 වසරේදී කල් ඉකුත් විය.
  • වරක් නර්ථන කටයුතු අතරේදී ඔහු පය ලිස්සා මුණුන් අතට මිම වැටී අනතුරකට ලක්වුණි. ඉන් ඔහුගේ නාසය බිඳී ගියේය. කෙසේවෙතත්, හානි වූ නාසය සඳහා සැත්කමක් සිදුකල ද එය එතරම් සාර්ථක නොවීය. ඔහුට ඒ හේතුවෙන් නාසය හරහා හුස්ම ගැනීම අපහසු වූ බව පැවසේ. මේ හේතුවෙන් ඔහු කිහුඉපවරක්ම ප්ලාස්ටික් සැත්කම් වලට භාජනය කෙරීය. ඔහුට සැත්කම සිදුකිරීම සඳහා ‍තෝරාගෙන තිබුණේ එලිසබෙත් ටේ;අර්, ඉවානා ට්‍රම්ප් වැනි සුපිරි තරු වෙනුවෙන් සැත්කම් සිදුකල ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ස්ටීවන් හෝෆ්ලින් ය.
  • ඔහු කුඩා කාලයේ සිටම සතුන්ට ආදරය කල අයෙක් විය. ඔහු විශේෂයෙන්ම ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ට ප්‍රිය කලේය. ඔහු සතුව බෙන් නැමැති සුරතල් පූසෙක් සිට ඇති අතර ඔහුගේ පළමු ගීතය ඔහු රචනා කරන්නේ මෙම පූස් සුරතලා වෙනුවෙනුයි.
  • එක්තරා පෙප්සි වෙළඳදැන්වීම් පසුතලයක ගින්නක් හටගෙන තිබුණු අතර එය පෙර සැලසුම් කල තිබූ ගින්නෙක් නියමිත කාලයට කලින් ක්‍රියාත්මක වීම නිසා ඔහුගේ හිසකෙස් වලට අනතුරු සිදුවි තිබුණා. එම ගින්නෙන් ඔහුගේ මුහුණට සහ හිස්කබලට ද හානි සිදුවී තිබුණා. නමුත් ඔහු 1984 වසරේ සිට බොරු කොණ්ඩයක් එහෙමත් නැතිනම් විග් එකක් පැලඳීමය යොමු වී සිටි බව බොහෝ දෙනා නොදන්නා කාරණයක්. ආරංචි මාර්ග පවසන්නේ අනතුරින් පසු ඔහු තමන්ගේ හිස ස්ථීර ටැටූ විලාසිතාවකින් ආවරණය කරගත් බවයි.
  • ඔහු විටිලිගෝ හෙවත් අලුහම් රෝගයට (සමේ කැලැල් සේ වර්ණක විනාශ වී යන චර්ම රෝග තත්වයක්) ගොදුරු වී ඇති බව 1986 දී ලොවට හෙලි වෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් දැඩිව සංවේදී වූ බවත් සමේ තත්වය වසන් කිරීමට මේක්-අප් සහ විවිධ බාහිර ක්‍රම භාවිතයට යොමුවූ බවත් පැවසේ. නමුත් මාධ්‍ය විසින් ඔහුගේ පෙනුම ගැන ඉතා දරුණු ආකාරයේ පුවත් සිරස්තල, කටකතා මැවීම් ඉන් නතර නොවීය.
  • 1994 මයිකල් ජැක්සන්ගේ පළමු විවාහය සුපිරි ගායක එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය වූ ලීසා මාරී ප්‍රෙස්ලී සමඟ සිදුවුණා. නමුත්, එම විවාහය පැවතියේ මාස 19 ක් පමණි. 1996 වසරේ ඔහු දෙවන වරට විවාහ වූයේ ඩෙබෝරා ජීන් රෝවේ සමඟයි. මේ විවාහයෙන් ඔහුට පුතුන් දෙදෙනෙක් සහ දියණියක් විය..අවාසනාවන්ත ලෙස මේ විවාහයත් 1999 වසරෙන් අවසන් වීය. ඔහු සුබසාධන කටයුතු වලටද දායකත්වය සැපයූ මහජන හිතෛෂී චරිතයකි.එවක මතභේදාත්මාක සහ අප්‍රකට මාතෘකාවක් වූ HIV/AIDS රෝගය පිලිබඳව සමාජයේ දැනුවත්භාවය නොතිබි කාලයේ ඔහු ඒ වෙනුවෙන් පැවති වැඩසටහන් සඳහා දායකත්වය ලබාදුන්නේය. 1992 වසරේදී වරප්‍රසාද නොලත් දුගී තරුණ ප්‍රජාවගේ සුරක්ෂිතබව සහ ළමුන් සඳහා ප්‍රීතිමත් ළමා කාලයක් ලැබිමට සහයෝගය පළ කිරිමේ අරමුණින් ඔහු “Heal The World Organization” නමින් සංවිධානයක් පිහිටවනු ලැබීය. ඔහු මානුහීය ව්‍යාපෘති වැඩසටහන් සඳහා මුදලින් ආධාර කල අවස්ථා බොහෝමයකි. ඔහු කොසෝවෝ යුද්ධයෙන් පීඩාවට පත්වූවන් සඳහා ද ආධාර අරමුදල් පරිත්‍යාග කලේය. අප්‍රිකාව සහ ඊජිප්තුව ආශ්‍රිත AIDS රෝගීන් බහුල ප්‍රදේශ වල ඔහු සංචාරය කිරීම් වලද නිරත වූ අවස්ථා ඇත.