‘මම 25න් බඳින්න හිතාගෙන හිටියේ’ ජනප්‍රිය නිලි කවින්ද්‍යා අධිකාරී කියන කතාව

ලංකාවේ කළා ලෝකයේ ඉන්න ජනප්‍රිය චරිතයක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ. සමිතා මුලින් විවාහ වෙන්නේ ජනප්‍රිය ගායකයෙක් වන අතුල අධිකාරි සමගයි. ඉතින් සමිතා අතුල විවාහයේ වැඩිමහල් දියණිය තමයි කවින්ද්‍යා අධිකාරී. කවින්ද්‍යා අධිකාරී හැමෝම දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. ඒවගේම ඇය රංගන ශිල්පිනියක ලෙසත් වැඩසටහන් හසුරවන්නියක ලෙසත් කළා ක්‍ෂේත්‍රයේ ගොඩක් ජනප්‍රියයි. කවින්ද්‍යා අධිකාරී ගැන පසු ගිය දවස්වල සමාජ මාධ්‍යය වලින් වැඩිපුර කතාබහට ලක්වුණා. ඒ ඇය කළ ටැටූ විලාසිතා ගැන ඉතින් ඇය ඒ පිලිබඳ කිවුවේ මේවගේ කතාවක් ”මම හිතන්නේ ඒක ලොකුවට කතා බහ කරන්න දෙයක් නෙමෙයි, මොකද ලංකාවේ ඇතුලේ ඕනෑම දෙයක් කළහම මිනිස්සු විවේචනයට ලක්වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ දේවල් හරි විදිහට ගන්න එකයි වැරදි විදිහට ගන්න එක අපේ අතේ තමයි තියෙන්නේ. ටැටූ කියන්නෙත් කලාවක්. මම ටැටූ කලාවට ගොඩක් ආසයි.” කියලා.

කාවින්ද්‍යා කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඉතින් හැමෝම කියනවා ඇයට ආදර යෝජනා ගලාගෙන එනවා කියලා. ඉතින් කාවින්ද්‍යා ආදරය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”මට ඉස්සර නම් අවුරුදු 25 න් බඳින්න ඕන කියලා තීරණයක් තිබුණා. මගේ අම්මාට මාව ලැබෙන්නේ එයාට අවුරුදු 23 න්. ඉතිං මටත් ඉස්සර ඉස්කෝලෙ කාලේ ඕන වුනේ අවුරුදු 25 න් බැඳලා ලස්සන පවුලක් එක්ක සුන්දර ජීවිතයක් ගත කරන්න. නමුත් දැන්නම් එහෙම ලොකු අදහසක් නැහැ. ඉදිරියට මොනවිදිහේ දෙයක් වෙයිද දන්නේ නැහැ. බලමු ඉතින්” කියලයි.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.