‘මම හොයන සල්ලි වලට මොනවා වෙනවද දන්නේ නෑ’ තරුණයන් වශීකරගත් ජනප්‍රිය නිලි ටීනා කියන කතාව

අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රුවකට හිමිකම් කියන දුටුවන් වශී කරගන්න සමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ටීනා ෂනෙල් කියන්නේ. ඇය පිලිබඳ වැඩිපුරම කතා වුනේ හෙක්ටර් ඩයස් විසින් ගායනා කල “නිල්වන් මුහුදු තීරේ” ගීතය නිසා, ඒ වගේම මේ දිනවල විකාශනයවන ‘සකූගේ ලෝකය’ තුලිනුත් ඔබට ටීනා මුණ ගැසෙනවා. ටීනා රංගනයෙන් දායක වුන “නිල්වන් මුහුදු තීරේ” ගීතය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඉතින් ඒ ගීතය පිලිබඳ ටීනා කිවුවේ මේ වගේ කතාවක්. ” ඇත්තටම මාව වීඩියෝ එකට ගන්න ප්‍රධානම හේතුව මගේ ජනප්‍රියත්වය. කොහොමටත් රසිකයන්ගෙන් මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මේක ගොඩක් මහන්සි වෙලා කරපු වැඩක්. අපි හිතුවට වඩා මේක සාර්ථක වුණා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි.” කියලයි.

දැනට ලංකාවේ සිටින නිරූපිකාවන් අතරින් ඉහලම මිලක් අයකරන නිරුපිකාව ටීනා කියලා ගොඩක් අය කියනවා ඉතින් ඒ කතාව පිලිබඳ ටීනා කිවුවේ මේ වගේ කතාවක්. ”ඔව්. මම විශ්වාස කරනවා අද මම නිරූපණ ක්ෂේත්‍රයේ හැම කෙනාටම වඩා ඉහළ මිලක් ගන්න මටට්මක ඉන්නවා කියලා. මම වැඩක් කරනවා නම් ලංකාවේ වැඩි පිරිසක් ඒක බලනවා, මම ලැබෙන හැම නිර්මාණයකටම යන්නෙත් නැහැ. ඒ වටිනාකමට තමයි මම මුදලක් ගන්නේ.ඉතින් නිරූපණ ක්ෂෙත්‍රයේ මුදල් වශයෙන් ගත්තාම මම ඉහළ මිලක ඉන්නවා. මගේ ජනප්‍රියත්වයත් එක්ක ඒ මුදල සාදාරනයි” කියලයි.

ටීනා මේවනවිට මේ ක්‍ෂේත්‍රය ඇවිත් දැනට වසර 10ක් පමණ වෙනවලු ඉතින් අවුරුදු දහයක් ක්ෂේත්‍රයේ මිල අධික නිරූපිකාවක් වූ ටීනා ගත කරන්නේ සුපිරි ජීවිතයක්ද කියලා ඇසු පැනයකට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්. ” මෙහෙමයි ඕන තරම් සල්ලි හෙව්වට මට කියලා මම කිසි දෙයක් කරගෙන නෑ. අඩුම ගාණේ මම ගෙයක්වත් හදාගෙන නෑ. ඇත්තටම මට ගෙයක් හදාගන්න ලොකු ආසාවක් තිබුණා. හැබැයි හොයන සල්ලිවලට මොනවා වෙනවද කියලා දන්නෙ නෑ. මම අනිත් අයටත් උදව් කරනවා. අවුරුදු දහයකුත් වැඩ කරලා මටම කියලා දෙයක් කරගන්න බැරිවුණේ ඇයි කියලා මම තවම කල්පනා කරනවා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ටීනාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.