‘මම හොයන්නේ සිද්ධාර්ථ වගේ ආදරයක්’ ජනප්‍රිය නිලි ගයත්‍රී රාසින්ගොල්ල කියන කතාව

කාලයක් ලංකාවේ ඉතාම ජනප්‍රිය වුන ටෙලි කතා මාලාවක් තමයි ‘සැකුගේ කතාව’ කියන්නේ මේ ටෙලි නාට්‍ය විකාශනය වුනේ ස්වර්ණවාහිනී නාලිකාවේ. පසුව එහි පළමු කතා මාලාව අවසන් වුනා. ඉන් පසු දැන් එහි දෙවන කතා මාලාව වන ‘සකුගේ ලෝකය’ විකාශනය වනවා නමුත් එය විකාශනය වෙන්නේ සවර්ණවාහිනියේ නෙවෙයි. ‘සකුගේ ලෝකය’ විකාශනය වන්නේ සිරස නාලිකාවේ. ඉතින් නවක රංගන ශිල්පියන් රැසක සහ ප්‍රවීනයක් රැසක් රංගනයෙන් දායක වෙලා ඉන්න මෙම ටෙලිනාට්‍ය දැන් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි, ඉතින් මේ කතාවේ රඟපාන නවක රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී රාසින්ගොල්ල කියන්නේ. ඇය පන පොවන්නේ දැහැමිගේ චරිතය. නම දැහැමි වුනාට ඒ චරිතයනම් එච්චර දැහැමි නෑ. නපුරු කටකාර යුවතියක් තමයි දැහැමි කියන්නේ,

ඉතින් ගයත්‍රී ඇය ගැන අපිට හඳුන්වා දුන්නේ මේ විදියට. ” මගේ උපන් ගම නුවර, ඉපදිලා මාස 8ක් වගේ වෙද්දී මාව අම්මා අප්පච්චි මාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එක්ක යනවා මගේ කුඩා කාලය ගෙවෙන්නේ එහෙ. ඊට පස්සේ මම නැවත ලංකාවට ඇවිත් නුවර හිල්වුඩ් විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඊටපස්සේ ආයේම මම ඒක්සත් අරාබි එමීර් රාජ්‍යයට යනවා ඉන්පසු මම ඔස්ට්‍රේලියාවට ගිහින් මනෝ විද්‍යා විශ්වවිද්‍යාලයක රැකියාවක් කළා. ඊට පස්සේ ගිය වසරේ අන්තිම ලංකාවට ආවා” කියලයි. ගයත්‍රී කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ගයත්‍රීට ආදර යෝජනා ගලාගෙන එනවා ඇති ඉතින් ඇය ආදරය දකින්නේ මේ විදියටලු ”ඇත්ටම මට ආදරය පිලිබඳ තියෙන්නේ වෙනම ආකල්ප කිහිපක්. දැන් ආදරය කියලා ගොඩක් අය කරන්නේ අයිතිකර ගැනීමක්නේ. මම කැමති නැහැ ඒ වගේ ආදරයට. ආදරයට හොඳම උදාහරණය යශෝධරා සහ සිද්ධාර්ථ. ඉතින් ඒ වගේ ආදරයක් මේ කාලයේ හොයන්න බෑනේ. ඒ නිසා දැනට මම ආදරවන්තියක් නෙවෙයි.” කියලයි. ඉතින් මේ දිනවල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ගයත්‍රී රාසින්ගොල්ලගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.