‘මම හිතින් තවම තරුණයි’ ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව කියන කතාව

අපේ රටේ කාලෙන් කාලෙට එක එක ගොසිප් නිර්මාණය වනවා, ඉතින් ඒ වගේ ලංකාවේ ගොසිප් මවපු යුවලක් තමයි සමිතා සහ චිරන්ත කියන්නේ. සමිතා කියන්නේ ලංකාවේ කාලා ලෝකයේ ජනප්‍රිය ගායිකාවක් ‘ඉර පායා’ කියන ගීතයෙන් සංගීත දිවියට පිවිසෙන සමිතා පසුව ජනප්‍රිය ගීත රැසක් ගායනය කරමින් ලාංකේය රසික සිත් දිනාගත්තා. සමිතා මුල්වරට විවාහ වුනේ ජනප්‍රිය ගායකයෙක් වන අතුල අධිකාරි සමග පසුව එම විවාහය බිඳවැටුනා. ඉන්පසු කාලයක් නිහඬව සිටි සමිතා පසුව ඇයට වඩා වසර ගණනාවක් ලාබාල තරුණයෙකු සමග විවාහ වෙනවා.

මේ සිදුවීම නිසා ඇයගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය අඩුවෙන්න ගත්තත්, ඇයගේ රසිකයන්ගෙන් කෙතරම් අපහාස විවේචන ආවද සමිතානම් ඒවා ගණන්ගන්නේ නෑ. ඉතින් මේ ප්‍රේක්ෂක වෙනස්වීම පිලිබඳ සමිතා අපිට කිවුවේ මේ වගේ කතාවක් ” මට හොඳ දරුවන් දෙදෙනෙක් ඉන්නවා, මට ගොඩක් ආදරේ කරන ආදරවන්තයෙක් ඉන්නවා. අනිත් දේ මම හොද අම්මා කෙනෙක්, මම කාගෙන්වත් ඉල්ලගෙන ජීවත් වෙලා නෑ, ගොඩක් අය කියනවා මගේ වයස ගැන. මට ඒක ප්‍රශ්නයක් නෑ වයස කියන්නේ නිකන් ඉලක්කමක් විතරයි. දැන් මම වයසයි කියලා කිසිමදවසක හිතන කෙනෙක් නෙවෙයි මම. වයසට අපි හැමෝම යනවා. හැබැයි හිත වයසට යන් නෑ.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සමිතාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.